(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම හේතුවෙන් රටට රුපියල් කෝටි 4500 ක් අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පපැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
රටේ උද්ධමනය සියයට අනු නමයකින් වැඩිවෙලා. ආහාර උද්ධමනය වැඩි වෙලා. සිගරට් මත නිවැරදි ආකාරයට බදු අය නොකිරීම නිසා බිලියන 45ක් රටට අහිමි වෙනවා. හරියට සිගරට් බද්ද ගැහුවොත් 2019 ගාණට උපයන විට බද්ද ගේන්න පුළුවන්. උපයන විට බද්ද වැඩි කරන්නේ දුම්කොළ සමාගම්වලට බිලියන 45 ක ලාභයක් දෙන්නද. සිගරට් බදු ආදායම අඩු කරන්න සාධාරණ හේතුව කුමක්ද. කවුද මේකට වගකියන්නෙ.මේකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇඟ මත දානවද. පාර්ලිමේන්තුවට බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරල නොමග යවන්න හදනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශයක් කළා. 2023 සිගරට් ආදායම බිලියන 137 මේ බදු සීමාවෙන් සම්පූර්ණ කරන්න බැහැ.තව වැඩිපුර සියයට 147 ක බද්දක් අය කළ යුතුමයි. බොරු ලියලා එවන්න එපා කියලා මුදල් අමාත්‍යංශයට කියනවා. මේ වරද නිවැරදි කරන්න කටයුතු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා
උසස් අධ්‍යාපනය සඳහා පොළී රහිත ණයක් දෙන්න මම ඉල්ලීමක් කළා. මම ඒ යෝජනාව ගෙනාවට පස්සේ මුදල් අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. මම ඒකට ස්තූතිවන්ත වෙනවා. නමුත් තාම ඒකට අදාල ගැසට් එක ගහලා නෑ. ඒක ඉක්මනට ගහන්න කියලා ඉල්ලනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජාතික සන්ධානයේ සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරලා තියෙනවා. ඔහු පත් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒක නොකිරීම තුළ උතුරු නැගෙනහිර ජනතාවට සහ සෙසු ජනකොටස් වලට ලබා දෙන්නේ නරක පූර්වාදර්ශයක්.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිගරැට් වලින් කෝටි 4500ක පාඩුවක්