IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සීගිරිය අවට දියුණු කරන වැඩ මේ වසරේම අවසන් කරයි

(අංජුල මහික වීරරත්න)

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

2019 වසරේදී ආරම්භ කෙරුණු  ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකා ඩොලර් මිලියන 30කි. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. 

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමනාකරණය  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු කීපයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

 



අදහස් (9)

සීගිරිය අවට දියුණු කරන වැඩ මේ වසරේම අවසන් කරයි

Ahith Sunday, 21 April 2024 09:02 AM

ඔව් ඒක හොඳයි, මොකද ආයේ පාර්ලිමේන්තු එන්න බැරිවුනොත් නේද?

:       1       8

Lalla Sunday, 21 April 2024 10:17 AM

මොකවත් එපා. සංචාරකයින් ගසාකෑම නවත්තන්න. ගයිඩ්, රියැදුරන් ජරාව විකුණන හෝටල් ඉවත්කර මිල ප්‍රදර්ශනය කර ප්‍රමිතියට කෑම බීම විකුණන කඩ කීපයක් ඇතිකරන්න. ඩොලර් මිලට නොවේ. තායිලන්තය මැලේසියාව උදාහරණ ලෙස ගන්න... දේශීය හෝ විදේශීය සංචාරකයින්ට සමාන මිලට උසස් තත්ත්වයට සේවය කරන්න ඕනෑ. ප්‍රධාන ප්‍රශ්නය වැසිකිළි පහසුව. අපාය නොව රුපියල් විස්සකට වගේ මිලට පිරිසිදුව පහසුව සලස්වන්න. ඒක මූලිකම අවශ්‍යතාව.

:       0       15

නිමල් Sunday, 21 April 2024 10:31 AM

ඇමැතිතුමෝ කයිවාරු නොගහ වැසිකිළි ටිකක් හදලා දුන්නොත් ලොකු දෙයක්. ඒ කරලා ඉතින් ඔයත් කීයක් හරි හම්බ කරගන්න.

:       3       11

Kazi Shajahan Sunday, 21 April 2024 11:41 AM

දියුණු කරන්න ගිහිල්ලා කප්පම් සීන් එකට යයිද දන්නේ නෑ...

:       1       12

ගුණාබන්ඩ බදුරලිය Sunday, 21 April 2024 03:48 PM

අවුරුදු දහස් ගාණක් ඉස්සර මේ රටේ හිටපු වීර රජවරුන්ගේ නිර්මාණ තමයි මහ ලොකුවට සුද්දන්ට පෙන්නන්නේ. ඔබතුමාලා කරපු මොකුත් නැද්ද සුද්දන්ට තියා මේ රටේ මිනිස්සුන්ටවත් පෙන්නන්න. ඔය දේවල් එදා හැදුවේ නැත්නම් ඔබතුමාට ඇමැතිකමත් නෑ. ඔය ඩොලර් මිලියන තිහෙන් කීයක් ඕකට ඇත්තටම වියදම් කරයිද? ආසියානු සංවර්ධන බැංකුවේන් කප්පම් එහෙම ඉල්ලුවේ නෑ නේද ඇමැතිතුමෝ...? ඉක්මණට කරගන්න දෙයක් ආයේ ගසාකෑම් බැරිවෙයි ඡන්දෙන් පස්සේ...

:       0       9

ගමේ එකාලා Sunday, 21 April 2024 05:22 PM

දේශපාලනෙන් හොරාකාලා, බඩවඩා ගත්තු තවත් බලලෝභී බඩගෝස්තරවාදීන්... සාක්කුවලට හොඳ ගාණක් යයි වගේ...!

:       0       3

විජිත් Sunday, 21 April 2024 07:18 PM

මට පෙනෙන විදිහට මේ බඩා... මේ සැරේ සීගිරිය කළු ගල්වලට විකුණන්න යන්නේ...!

:       0       3

Nimal Monday, 22 April 2024 12:01 AM

ඉල්ලමක් පෑදිලා... කාට කාටත්... අත මිට සරුවෙන්නයි යන්නේ...

:       0       0

Nimal Monday, 22 April 2024 07:58 AM

මේ නූතන කාශ්‍යපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 67 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1925 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 295 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1551 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1541 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site