(යොෂිතා පෙරේරා)
පසුගිය වසරේ නොවැම්බර් - දෙසැම්බර් මාසවල හම්බන්තොටදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචන නෙරංජන සිල්වා මහතා ඉදිරියේ විභාගයට ගත් විට, ක්‍රිකට් ක්‍රීඩක සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නුවන් බෙලිගහවත්ත මහතා විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නීති උපදේශකවරයා දැනුම් දුන්නේ ඔහු අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර නොමැති බැවින් එම අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවත්, එය නැවත ඉදිරිපත් කරන ලෙසත්ය.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින අතර එල්.පී.එල්. තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාගේ මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ක්‍රීඩා පනත හා සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා අංක 24 යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. මෙම පනත යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ යමෙකු වැරදිකරු වුවහොත් ඔවුන්ට රු. 500,000 හෝ අවුරුදු 10 ක සිර දඬුවමක් නැතහොත් ඒ දෙකම පැනවිය හැකිය.
වාර්තාවන පරිදි සේනානායක සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වී තිබේ. ඒ සමගම එක් ක්‍රීඩකයෙක් වහාම කණ්ඩායම් කළමනාකරුට සහ ක්‍රීඩා සමාජයේ ඉහළ නිලධාරියෙකුට දැනුම් දී ඇත. අදාළ ක්‍රීඩකයා තමන් සම්බන්ධයෙන් පැමිණිළි කර ඇති බව දැනගත් විත්තිකරු එම නිලධාරියාට කරුණු පැහැදිලි කර දී තිබේ.
පසුව එම නිලධාරියා සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. එහෙත් පරීක්ෂණය අවසන් වන තුරු සේනානායකව සිංහල ක්‍රීඩා සමාජයෙන් ඉවත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සචිත්‍රගේ ඇප ඉල්ලීම ඉවතට
Puppa Wednesday, 03 March 2021 01:10 AM
කොල්ලා පොහොට්ටුවට සම්බන්ධ නම් ගොඩ...
sam Wednesday, 03 March 2021 06:18 AM
ලැජ්ජා නැද්ද? මේක කරලා තියෙනවා නම් එයාව හිරේම දාන්න.