(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් දිවා ආහාර ගෙන ඒ සඳහා රුපියල් පන්සීයක 500 ක මුදලක් නොගෙවූ බව කියමින් ස්වීඩන් ජාතික සංචාරකයෙකුට පොල්ලකින් සහ අතින් පයින් පහර දුන් බව කියන එම හෝටලයේ අයිතිකරු හා තවත් අයෙකු පොතුවිල් පොලිසිය විසින් ඊයේ 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ
මෙම ස්වීඩන් ජාතික ස්විඩන් ජාතිකයා උදෑසන ආහාරය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 500ක මුදලක් නොගෙවා මගහැර සිටියදී හෝටලය අසලින් ගමන් කරන අවස්ථාවේඔහු දැක මෙම පහරදීම සිදු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
පහරකෑම් වලින් බේරීමට මාර්ගය හරහා දිව යද්දී කාර් රථයක ගැටීමෙන් මෙම ස්වීඩන් ජාතිකයා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි
මෙමහෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් පන්සීයක මුදල ගෙවීමට ශ්‍රී ලංකා මුදල් නෝට්ටු නොතිබූ නිසා එම මුදල ගෙවීමට නොහැකි වූ බව ස්වීඩන් ස්වීඩන් ජාතිකයා පොලීසියට පවසා ඇතැයි කියති
මෙම ස්වීඩන් ජාතිකයන් සතුව තිබූ රුපියල් 302,300ක් වටිනා ජංගම දුරකතනය සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 99,000වටිනා යුරෝ 300ක් ද කොල්ල කා ඇති බව ඔහු පොලිසියට පැමිණිලි කර ඇත
නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේඅම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත pottuvil පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංචාරකයාට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට
Perera Tuesday, 21 March 2023 02:58 AM
රුපියල් 500ක් අතේ නැති සුද්දොද ලංකාවෙ සංචාරයට එන්නෙ?????