IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න සැලැස්මක්

( තිළිණි ද සිල්වා )

කොවිඩ් නිසා බිදවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දිස්ත්‍රක් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියයි.

මෙරටට පැමිණෙන වාර්ෂික සංචාරකයන් ප්‍රමාණය මිලියන 07දක්වා ඉහළ දැමීමත්, එමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් රජයේ අරමුණ බව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා පවසයි.

ඒ සදහා අදාළ යෝජනා ලබා දෙන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දැනටමත් ඇති සංචාරක කලාප සංවර්ධනය කිරීමටත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා මෙහිදී දැනුම් දී ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන ලද සාකච්ඡා සහ ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් වලදී මතුවූ යෝජනා සඳහාද ප්‍රමුඛතාව හිමිවන බව සංචාරක අමාතයාංශය කීය.

කොවිඩ් එන්නත්කරණය ලොවපුරා සිදුකිරීමත් සමග ලෝකයේ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බවද කියයි.ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයද යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස මෙම සංචාරක කලාප යටිතල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් හෙතම කීවේය..

 



අදහස් (7)

සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න සැලැස්මක්

Shan Wednesday, 23 June 2021 11:10 AM

මේ මොනවා කියනවද මන්දා නැව ගිලිලා ඉවරයි

:       16       35

Sri Lanka Wednesday, 23 June 2021 12:14 PM

සංචාරකයන් කෙසේවෙතත් ඔබතුමා දැකීමත් සතුටක්... ඔය සංචාරකයන් ගෙනාවට වඩා ලාබයි වැක්සීන් ගේන එක.

:       0       37

fairoos Wednesday, 23 June 2021 02:36 PM

තවත් මුට්ටියක් ගඟට දැම්මා නම් හරි..

:       0       21

siri Wednesday, 23 June 2021 02:41 PM

ඒ එක්කම එන කොරෝනා වසංගතය මැඩපැවැත්වීමටත් සැලසුමක් හදාගෙන හිටියොත් හොඳයි ඇමතිතුමෝ... මොකද කොරෝනාව තවදුරටත් පැතිරෙන එකෙන් ඔහෙලාට නැති වුණාට බැට කන්න වෙන්නේ ආණ්ඩුවේ පැලැස්තර වැඩ නිසා දැනටමත් නන්නත්තාර වෙලා ඉන්න මහ ජනතාවටයි. මතකයිනේ යුක්රේනයෙන් ආපු සංචාරකයෝ නිසා වෙච්චි දේ.... රුපියලක් හම්බ කරන්න රුපියල් දාහක් වියදම් කරන්න වෙන වැඩක් ඕක මහත්තයෝ.

:       6       237

gunda Wednesday, 23 June 2021 03:36 PM

විකාරද මන්දා..?

:       0       4

ගමේ එකාලා Wednesday, 23 June 2021 04:27 PM

නින්දෙන් නැගිටලා වගේ... ගඟට මුට්ටි දාපු කෙනා දැන් එන්නත ගැන කියනවා. සැබෑ වෙනසක්නේ... ඔහොම යන්.

:       0       15

පුබුදු Wednesday, 23 June 2021 05:57 PM

අනික් රටවල සංචාරකයින් සංචාරය කරයි. නමුත් එන්නත් කරනොගත් මිනිස්සු ඉන්න රටවලට නෙවේ.. නුඹලා කලින්ම එන්නත් ගහගෙන මිනිස්සුන්ට එන්නත් නෑ.. සංචාරකයින් එන්න නම් හලෝ අපි එන්නත් ගහගෙන ඉන්න එපායැ.. ඒකට එන්නත් තියෙන්න එපායැ... ගෙන්වන්න එපායැ.. පොඩ්ඩ පොඩ්ඩ ගෙනත් ඕක කරන්න බෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 95 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 139 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 829 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 934 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 410 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 408 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1311 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 689 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site