( තිළිණි ද සිල්වා )
අන්තර් ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය සහභාගී වීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (04) දිවයිනෙන් පිටත්ව ගියහ
හෙට (05) සිට ලබන 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැත්වෙන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සංචාරක ක්ෂේත්රයේ නියැලි වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය.
සංචාරක අමාත්‍යවරයා ප්‍රංශයේ රැදී සිටින කාලය තුල එයාර් ෆ්රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට ද නියමිත අතර එම ගුවන් සමාගම ලබන නොවැම්බර් 01 වෙනිදා සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එරට සංචාරක අමාත්‍යවරයා සමග ද රණතුංග මහතා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මීට අමතරව ප්‍රංශ හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද මෙරට ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.
ප්‍රංහයේ පැවත්වෙන මෙම සංචාරක ප්‍රදර්ශනය හරහා සංචාරක වාණිජමය අවස්ථා හා ප්‍රංශ සංචාරක වෙළදපොලට ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාවක් වනු ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර 2019 වර්ෂයේදී පමණක් ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 28ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වූ බවද එම අධිකාරිය කියා සිටී.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරක ඇමති පැරිසියට
ජනක Monday, 04 October 2021 06:41 PM
ඒ මොනාටද?
මාම Tuesday, 05 October 2021 05:20 AM
පවුල ළමයි ඔක්කොම අරන් යන්න
sam Tuesday, 05 October 2021 07:54 AM
මේ අය ආයිත් අර පරණ පාරේම හොද්ද බොර කරගන්න ඇවිදිනවා.
Sudath, Arachchi kittuwa Tuesday, 05 October 2021 10:59 AM
කාටද ආඩම්බර?