IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සංචරණ නීති කඩා ඇල්ලූ සැකකරු ජිප් රියෙන් පනිද්දී ඇදවැටී මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී   අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වත්තල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

මරණකරු නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී පැන යාමට උත්සහා දරා ඇතැයි පොලිසිය කියයි.


 



අදහස් (15)

සංචරණ නීති කඩා ඇල්ලූ සැකකරු ජිප් රියෙන් පනිද්දී ඇදවැටී මරුට

ranjith Sunday, 06 June 2021 09:48 PM

හරිම පව්...!!!

:       0       67

Rata Perata Sunday, 06 June 2021 10:14 PM

හරිම කණගාටුදායකයි. ලෝකයේ දුප්පත්ම, නොදියුණුම රටවල්වල වත් වෙන්නේ නැති වැඩ දැන් අපේ රටේ වෙන්නේ. අදූරදර්ශි පාලකයන් පත්කර ගත්තාම මේක තමයි වෙන්නේ...

:       31       59

janahithaMonday, 07 June 2021 01:58 PM

අදුරදර්ශි පාලනය

:       22       42

විජිත් Sunday, 06 June 2021 10:48 PM

ශ්‍රී ලංකා පොලිසියේ වධකයින්ගෙන් මට අහන්න තිබෙන්නේ එකම එක ප්‍රශ්නයයි...." ඔය මැරුණ, එහෙමත් නැතිනම් මරපු මනුස්සයාට අත්දෙක පිටුපසට තියා මාංචු දැම්මද...? එහෙම අත්අඩංගුවට ගත්ත කිසිම කෙනෙක්ට පැනලා යන්න බැහැ. ශ්‍රී ලංකාවේ පොලිසිය ඇයි අත්අඩංගුවට ගන්නා අයගේ දෑත් පසුපසට තබා මාංචු නොදමන්නේ...? එහෙම කළොත්.. මිනී මරන්න තියෙන අසික්කිත ආශාව තෘප්තිමත් කරගන්න බැරිවෙන නිසයි .." කියලා මම චෝදනා කරනවා. ඔය ආයුධ පෙන්වන්න කියලා අරගෙන ගොස් මරා දැමූ අපරාධකාරයින් පවා අත් දෙක පිටුපසට තබා මාංචු දැමූ අය නොවෙයි. මෙය උසාවියේදී අභියෝගයට ලක් කළ හැකි කාරණයක්... එවිට අධිකරණයෙන් පොලිසියට නියෝග කරන්න පුළුවනි. සැකකරුවන්ට මාංචු දමනවිට දෑත් පසුපසට තබා මාංචු දමන්න කියා... කොහොම හරි ලේ පිපාසාවෙන් පෙලෙන මිනීමරුවන් කිහිප දෙනෙක් විසින් නැවත වරක් ශ්‍රී ලංකා පොලිසියේ නම ඉදිරියේ තවත් "කළු" සලකුණත් තබා ඇත.

:       10       46

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 06 June 2021 11:00 PM

අනේ පව්.. අසරණයා.. පොලිසියත්, මහ බලවතුන්ගේ හයියත් අරන් තමයි මේ දිනවල ඉන්නේ. ඔය නිල ඇඳුමට යටින් තියෙන හදවතට ටිකක් තට්ටුකරලා බලන්න ඇත්ත තත්ත්වය ගැන... දුවන ජීප් එකෙන් පනින්න මේ මනුස්සයාව පොලිසියෙන් කොච්චර බයකරන්න ඇතිද කියලා අපට හිතාගන්නට පුළුවන්... කිව්වාට තරහා වෙන්න එපා. ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරින්ගේ නීතිය දේශපාලකයාගේ දෙපාමුල දණ ගහනවා. අසරණයා ඉදිරියේ බොහොම තදින් ක්‍රියා කරනවා. උස් තැන් දැක හැකිලෙන්නේ...!! මිටි තැන් දැක පුප්පන්නේ.. වරද කියාදීලා බොරුවට සැරයක් දාලා, එලවලා දාන හොඳ නිලධාරීන්ද සිටිනවා. ඒ වැනි නිලධාරීන් මෙතන සිටියා නම්, මේ විදිහට මේ ජීවිතය නැති නොවන්නට ඉඩ තිබුණා. මොනවා වුණත්, කොරෝනා ගරානාවක් කරගැනීම නිසා, කොරෝනා වැවීම සිදුකළ ආන්න ඒ අය නිසා මේ ජීවිතය රටට නැතිවුණා. සැබෑ සත්‍යය එයයි. මුලාවෙන් සත්‍යය වැහුවත්, දහම කාටත් පොදුයි. පාපයෙන් බේරෙන්නට බැහැ. එය නිසි වෙලාවෙදී නිසි අය සොයා යාවි...

:       22       42

විජිත් Monday, 07 June 2021 02:39 PM

සමිත ,ඔබ කිවාවගේ තවත් ජිවිතයක් අපේ රටට නැතිවුනා, හෝ නැති කළා. ඔයා අහලත් ඇති සමරවිට .." දියුණු රටවල මිනිස්සු නීතියට බයයි.නමුත් පොලිසියට බය නැහැ. නමුත් ....අපේ රටේ මිනිස්සු නීතියට බය නැහැ , හැබැයි පොලිසියට බයයි

:       1       30

Ajith Monday, 07 June 2021 01:55 AM

ඒ කොහොමද වෙන්නේ ජීප් ඒකේ පිටිපස්සෙ ඔහු විතරද හිටියේ..? ඔහු පනිනකං පොලිසිය බලන් හිටියාද?

:       0       27

අබිලින්Monday, 07 June 2021 05:16 PM

අජිත් හරි. අත්අඩංගුවට ගත් අයෙක් පළමුව ජීප් රථයට නංවාගෙන දෙවනුව පොලිස් නිලධාරියා නගින්නේ එහෙම වුණාම අත්අඩංගුවේ සිටින කෙනා කොටුවෙනවා. ඔහුට පනින්න බැහැ. එහෙම නැතිව පොලිස් නිලධාරිය‍ා පළමුව වාහනයට නැග අත්අඩංගුවට ගත් තැනැත්තාට නගින්න කියන්නේ නැහැ නේද? අනේ මන්දා කවුරු හරිද කියලා..?

:       0       0

Demuni Uduwara Monday, 07 June 2021 04:35 AM

ඔහු බන්ධනාගාරයේ නෙවෙයි ඉන්නේ..!!!

:       0       18

ambaruwaa Monday, 07 June 2021 05:00 AM

සැඟවූ ආයුධ පෙන්නන්න යන වාක්‍යය වෙනස් කරලා වගේ...

:       21       36

මැක්ස් Monday, 07 June 2021 06:41 AM

ඔන්න දැන් මානව හිමිකම් මුදලාලිලාට කෑගහන්න අවස්ථාවක්.

:       183       129

සෑම් Monday, 07 June 2021 10:24 AM

සාමාන්‍ය මිනිහා සංචරණ නීති යටතේ බලෙන් ගෙනියනකොට වැටිලා මැරෙනවාෙ. ජය වේවා විරුවාගේ එක රටක් එක නීතියක්.

:       59       73

Dilshan Monday, 07 June 2021 11:04 AM

කොරෝනා වලට වැඩිය බයයි නිරෝධායන නීති වලට. මිනිස්සු ඔහොම හැසිරෙන එක සාධාරණයි. පලවෙනි රැල්ලෙදි හමුදාවයි, කැමරා කාරයොයි දාගෙන නැටුවා. දෙවෙනි රැල්ලෙදි පැණි කාරයෝ එක්ක නැටුවා. දැන් ඇපත් නෑ. පොලිස් නිලධාරින් පීඩනයෙන් ඉන්නේ. ඔවුන් පීඩනය පිට කරන්නේ සාමන්‍ය ජනතාවගෙන්.

:       19       61

ganegoda Monday, 07 June 2021 02:04 PM

පොලිස් ආරක්ෂාවේ ඉන්න පුද්ගලයින් එතැනින් පැනයාමට ගත් උත්සාහය හීනවී මරණයට පත්වීම සුළු දෙයක්... ඒ හේතුවත් මේ වගේ කටුක අවදානම් අවස්ථාවක රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අඩන් තේට්ටම් කිරීම, ඔවුන්ගේ වැඩ තහනම් කිරීම ඉතාමත් බොළඳ ක්‍රියාවක් ලෙස අපි පිළිගනිමු.

:       75       3

Udhuli Tuesday, 08 June 2021 08:03 AM

ඔබට නිවන් සුව ලැබේවා...!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 255 3

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 457 4

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 716 11

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 665 2

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



වැවිලි විෂයට නව නීති නවයක්
2025 අප්‍රේල් මස 29 269 1

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 20 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 15 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1049 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site