IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සංචරණ සීමාවෙන් රටට පාඩුව කෝටි හතළිස් පන් දහස පනී

(සුජිත් හේවාජුලිගේ)

මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් දිවයින පුරා සංචරණ සීමා පසුගිය මැයි මස 21 වැනිදා සිට පනවනු ලැබීය.එම සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතය.

සංචරණ සීමා හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් අහිමි වන බව කී මුදල් රාජ්‍ය ඇමතිවරයා රට දින දහයක් වසා දැමුවහොත් මේ අනුව අහිමි වන මුදල රුපියල් 15000 කට අධික යැයිද ප්‍රකාශ කළේය.

එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.

රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි.මේ අනුව එක් දිනක නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි 4100 කට අධිකය .

සංචරණ සීමාව පැණවූවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ මෙම කාල සීමාවේදී ක්‍රියාත්මක වූ හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදු වන පාඩුව රුපියල් කෝටි 1500 ක් ලෙස ගණන් බැලිය හැකි යැයි ද කබ්රාල් මහතා කීය.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව හීන වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල බලපෑමක් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ සංචරණ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදුවී ඇති බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපනවීමෙන් සිදුවූ පාඩුවද මීට ඇතුළත් විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන කලට වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් ඇතිවූ බවත් එදිනෙදා මුදල් උපයාගෙන ජීවත්වූ විශාල පිරිසකටද මේ කාලයේදී ජීවනෝපාය අහිමි වීමෙන් බරපතළ ගැටලූ මතුවී ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මෙවැනි පසුබිමක් පවතිද්දී කොරෝනා මර්දන එන්නත් විවිධ ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමට සිදුවීමත් නිරෝධායන සහ රෝහල් පහසුකම් සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වීමත් අඩු ආදායම්ලාභීන්ට ආධාර මුදල් පිරිනැමීමට සිදුවීමත් නිසා බරපතළ මූල්‍යමය ගැටළු මතුවී තිබෙන බව කී මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ සියලු කටයුතු ඉටු කරන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට වැටුප් ගෙවමින් සහ පොදු මහජනතාවට අවශ්‍ය සුබසාධන සියල්ල සලසන අතරේදී යයිද සඳහන් කළේය.

 



අදහස් (0)

සංචරණ සීමාවෙන් රටට පාඩුව කෝටි හතළිස් පන් දහස පනී

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 9 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1060 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 836 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 146 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 2574 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1247 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site