( තිළිණි ද සිල්වා )
පවතින සංචරණ සීමා යටතේ වුවද කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සම්පාදනය කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.
පවතින අවදානම් තත්ත්වය මත වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් වන බැවින් ඊට අවශ්‍ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිරතුරුව ලබා දෙන බවද සභාපතිවරයා කීය.
කොවිඩ්19 වෛරසය පෙර පැවති තත්ත්වයට වඩා මෙවර අවදානම ඉහල බැවින් කම්හල් තුල ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ද අයෝජන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් කීය.
කම්හල් උපරිම සේවක ආරක්ෂාවක් මැද රෝගය පැතිරීම අවම මට්ටමේ පවත්වාගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව යැයිද හෙතෙම කීය.
දැඩි අවධානම් ප්‍රදේශවල පවතින කම්හල් සේවක සේවිකාවන් හට එන්නත් කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මේ වනවිටත් අදාල බළධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් ,ඒ අනුව නුදුරු දිනයකදී එම එන්නත් ලැබීමද සිදු වන බවද මොහොට්ටාල මහතා පැවසීය .
කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකි බව ආයෝජන මණ්ඩලය කියා සිටී.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘