IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සජිත්ගෙන්-දිනේෂ්ගෙන් මෝදිට සුභපැතුම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර  මෝදි   මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ(5)  සුභ පැතුම් පිරිනැමූහ.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා  දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයකු බවයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙ යෝධයා ලෙස කවුරුත් දන්නා ඉන්දියාව ආසියානු රටවල් සමග ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය සහයෝගය සහ එකමුතුකම ගෞරවයෙන් සිහිපත් කළ  අගමැතිවරයා මෝඩි මහතාගේ ජයග්‍රහණයෙන්  දැවැන්ත ජයග්‍රහණ උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි ප්‍රකාශ කළේය.

ඉන්දියාව සමග අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඇද වැටුණු අවස්ථාවේදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහෝදරයකු මෙන් සැලකූ ආකාරය කිසිවෙකුටත් අමතක නැති බවයි.

රට ඇද වැටුණු මොහොතේ ශ්‍රී ලංකාවට වැඩිම ආධාර දුන්නේ ඉන්දියාව බවද ප්‍රේමදාස මහතා ගෞරවයෙන් සිහිපත් කළේය.

ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි  මහතාගේ ජයග්‍රහණය ගැන තවත් මැති ඇමතිවරු රැසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (2)

සජිත්ගෙන්-දිනේෂ්ගෙන් මෝදිට සුභපැතුම්

සෙනෙවිරත්න Wednesday, 05 June 2024 02:16 PM

බොරලුකඩ සුනඛයා මොකද රාජපක්ෂ සහ බැංකු හොරාගෙන් පිට අයට සුබ පැතුම්? තමන්ගේ ලෝකයේ හිටියේ රාජපක්ෂලා විතරයි. ඉන්පස්සේ බැංකු හොරා...!

:       1       5

බද්රානි Thursday, 06 June 2024 01:00 PM

ඉන්දියානු ජනතාව ලෝකයේ සිටින ප්‍රෞඩ ජාතියක් බවට පත්කොට ඉන්දියානු ජනතාවගේ ගෞරවයට හා ආදරයට පත්ව සිටින, ගරු, නරේන්ද්‍ර මෝදී ජනාධිපති තුමාට මේ කොහෙවත් ඉන්න දෙකයි පනහේ එවුන්ගේ සුභ පැතුම් මොකටද..?ශ්‍රී ලාංකික ජනතාව ලෝකයේ සිටින හිඟන ජාතිය බවට පත් කිරීමට දායකවූ නරුමයින් ගැන සිරි ලාංකික ගවයින්ට වඩා මෝදී මහත්මයා හොඳින් දන්නවා ඇති... අපේ ඉන්දියානු ජනාධිපති තුමාට ජයවේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 150 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 170 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 72 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1234 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1500 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 126 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site