IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජිත්ට අනුර පරාද කරන්න බෑ

(අංජුල මහික වීරරත්න)

සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය.

හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කළ සජිත්ට අන්තිමට සිදුවුණේ අනුර දිසානායක තර්ජනයක් වීම යැයි ජනාධිපතිවරයා කීය.

මෙරට ඉතිහාසයේ සිට තරඟය තිබුණේ දෙන්නෙක් අතර බව කී ජනාධිපතිවරයා  ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබූ බව පැවසීය.

අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නා අතර විපක්ෂ නායක විපක්ෂය බලාගත යුතු බව කී ජනාධිපතිවරයා තමා  විපක්ෂ නායක කාලේ එලෙස විපක්ෂයේම පක්ෂයකින් කිසිවෙකුත් අභියෝගයට නොආ බව කීය.

දැන් අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇතැයි කී ජනාධිපතිවරයා මේ වන විට සජිත්ට අනුර පරද්දන්නට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බව කීය.

සජිත් දැන් කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනු ඇති බව මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙහි පැමිණියේ ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස උරුමය සමඟ බව කීය.

(ඡායා -ප්‍රදීප්  පතිරණ)



අදහස් (29)

සජිත්ට අනුර පරාද කරන්න බෑ

siri Wednesday, 04 September 2024 06:13 PM

මෙයාට සජිත් පරද්දන්න බෑ. එතකොට මෙයාට තුන්වැනි තැනවත් බේරගන්න පුළුවන් වෙයිද?

:       29       127

පුරවැසියා Wednesday, 04 September 2024 06:19 PM

හැබැයි අනුරට පුළුවන් රනිල්වයි සජිත්වයි එකට තියලා පරද්දන්න...!

:       228       172

Thilina Wednesday, 04 September 2024 06:29 PM

ගොබ්බ පුතාණෝ සහ සිලින්ඩර් සීයා ඇප නැතුව පරාදයි...

:       211       141

Kumara Wednesday, 04 September 2024 06:30 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක....!

:       208       155

Nissanka Wednesday, 04 September 2024 06:31 PM

ජනතාවගේ පැතුම රටේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක...!

:       171       145

ජගත් ලියනගේ Wednesday, 04 September 2024 06:32 PM

දැන් නම් පිස්සු හොඳටම වැඩි වෙලා වගේ...?

:       141       109

Lakmal Bandara Wednesday, 04 September 2024 06:33 PM

මෝඩ කතා කියන්න එපා...

:       120       50

saki Wednesday, 04 September 2024 06:42 PM

එතකොට ඔබගේ කතාව... ඒ වගේම තමයි රනිල්ටත්...!

:       81       63

Indhika Wednesday, 04 September 2024 06:42 PM

අනික, ඔයාට සජිත්ව පරද්දන්න බැහැ...

:       30       94

Priyantha Dissanayake Wednesday, 04 September 2024 06:43 PM

ඔව්, ඔබතුමා ඒ සියලුම දෙනාගේ උරුමයෙන් ඇවිත් රටට මහා සේවාවක් කළ දැවැන්ත පක්ෂය එකම එක මන්ත්‍රි ආසනයක් නොලබන තත්ත්වයේ අමරණීය සම්මානයක් ලබාදුන්නනේ. අවුරුදු 30 ක් පාක්ෂිකයා පරජය කරලා නැත්තටම නැතිකළානේ. ඇඳුමක් ඇඳගෙන සජිත් කියන නම කියන්න පුළුවන්ද? බලන්නකෝ තව ටික දවසයි...!

:       108       78

සුසන්ත Wednesday, 04 September 2024 07:14 PM

ප්‍රියන්ත ඔබ වැරදියි... මොකද කිව්වොත් සජිත්ගේ තාත්තා වුණත් ඔහුට පුළුවන් කාලයේ සිටම කලේ එජාපය විනාශ කිරීමට කටයුතු කිරීම තමයි... ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ කාලයේ පුරවැසි පෙරමුණ අටවාගෙන එජාපයේ විනාශය කරන්න බැලුවා. ඊළඟට උගත් හා බුද්ධිමත් ගාමිණී ලලිත් දෙදෙනා පලවාහැරීම කර පක්ෂයේ විනාශය ඇතිකළා ඊළඟට සජිත් ඇවිල්ලා ජනාධිපති වෙන්න පක්ෂය දෙකඩ කර විනාශය ඇතිකළා. දැන් ඉතින් පැත්තක හිටපු කෙනෙක් රටේ බලය ගන්න ආසන්නවම ඉන්නවා. ඉතින් සජිත්ට බලයක් ලැබෙන්නේම නැහැ වගේ එජාප ශ්‍ර්‍රී ලංකා නිදහස් හා පොහොට්ටුව කාලය ක්‍රමයෙන් අඩුවෙනවා කියලා කියන්න පුළුවන්...!

:       5       50

JayanthaWednesday, 04 September 2024 08:32 PM

1994 පත් වූ 10 වැනි පාර්ලිමේන්තු කාලේ තමයි රනිල් පක්ශේ නායක වෙන්නේ... ඒ පාර්ලිමේන්තුවේ පත්වූ 83ක් හා ලැයිස්තුවෙන් 11ක් ලෙස මන්ත්‍රීන් 94ක් එජාපයේ හිටියා. මේක පහළට ගෙනැල්ලා එකෙක්ට ඡන්දෙන් පත්වෙන්න බැරි තැනට ගෙනාවේ අවුරුදු 30ක් එක දිගට කෙලවෙද්දී නායකකමේ එල්ලී ඉන්න රනිල් නිසා මිස වෙන හේතුවක් නෑ...!

:       1       1

seneThursday, 05 September 2024 04:27 PM

2000 පස්සේ ඉපදුණු කෙනෙක් වෙන්න ඇති, දන්න දේ නොමැත... කට මැත එමටයි...

:       0       0

ඉන්දික Wednesday, 04 September 2024 07:04 PM

එයත් ඡන්ද කැම්පේන් එක කරන්නේ සජිත් පරද්දන්න. අනුර කුමාර ගේන්න ඕනෑ. කොහොමද එයාලගේ ඩීල්...?

:       29       83

firdhaws Wednesday, 04 September 2024 07:06 PM

ඒ කියන්නේ සජිත් දිනලා ඉවරයි. අනුර, රනිල් එකතු වුණත් සජිත්ව පරද්දන්න බෑ. ඒ කියන්නේ සජිත් දිනලා ඉවරයි කියන එකයි...

:       67       101

Manjula Pradeep Wednesday, 04 September 2024 07:19 PM

රනිල් කියන එක සම්පූර්ණ ඇත්ත. අරගලය කාලෙ සජිත් හැසිරෙන විදියෙන් මට ඒ වෙලාවේ හිතුණා මේ වැඩේ කරගනියි කියලා. අනුර ගෝලයෝ ටික ගෙවල් ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න උගන්වනකොට සජිත්ට මධ්‍යස්ථ තැනක ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා නම් අද සජිත්ට මේ දේ වෙන්නේ නැහැ. සජිත් බැලුවේ අනුර ලව්වා ආණ්ඩුවට පහර දීලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට සජිත්ගේ පාක්ෂිකයෝ අනුර කුමාරගේ කතා අහන්න පුරුදු වුණා... අන්තිමට අනුර කුමාර, සජිත්ගේ පාක්ෂිකයෝ ටික කතාවෙන් අල්ලා ගත්තා. මේ වගේ කෙනෙක්ද අපි ගැන ජනාධිපති කරන්ඩ ඕනේ?

:       86       12

Gunendra Wednesday, 04 September 2024 10:51 PM

ඔබ සමඟ එකඟයි, සජිත් ඉවසීම නැති උද්දච්ච සහ මාධ්‍ය සහ ඇතැම් පන්සල් වලින් පුම්බපු චරිතයක්. මොහු ඉවසීමෙන් කටයුතු කළා නම් අරගලයක් ඇති වන්නේ නැහැ. අර්බුදය එනකොටම බල මාරුවක් තුළින් ආන්ඩුව ගන්න තිබුණා. තාත්තා වගේම පලි ගන්නයි බලා ඉන්නේ...

:       0       0

Prabha Wednesday, 04 September 2024 07:27 PM

ඔය කියන උරුමෙන් ආපු අය තමයි රටට කරුමෙ වුණේ...!

:       8       32

වන්නකු Wednesday, 04 September 2024 07:27 PM

විකුණන්න (පුළුවන් ශ්‍රී ලංකා)

:       70       43

Don perea Wednesday, 04 September 2024 07:51 PM

ලංකාවේ බූරුවෝ ටික ආයිත් උත්සාහ කරන්න යන්නේ... කරලා බලමු ගෝඨාභය 2....

:       29       71

Dammika Wednesday, 04 September 2024 08:18 PM

අනුරයි සජිතුයි දෙන්නම අධිතක්සේරුවක... බලමු මොකද වෙන්නේ කියලා...?

:       27       49

Nihal Dharmatileke Wednesday, 04 September 2024 08:00 PM

බැරිම තැන සාස්තර කියන්න පටන් අරන්... ජනතාව මානසිකව සටනකට සූදානම් කරනවා කරනවා බටහිර රටවල් නිහඬව මෙම ක්‍රමයේ පාවිච්චි කරනවා.

:       49       18

Nihal Wednesday, 04 September 2024 08:27 PM

ඒ වුණාට මෙයා 2020 සජිත්ට පරාදයි නේද ඇපත් නැතුව...? අවුරුද්දක් යනකල් පාර්ලිමේන්තු ආවෙත් නෑ නේද ලැජ්ජාවට...?

:       8       30

අතුල Wednesday, 04 September 2024 08:29 PM

මේ අය සජිත්ට බය වෙලා සජිත් දිනන එක ෂුවර්. මේ කුමන්ත්‍රණවලට යට වෙන්න එපා සජිත් මහත්තයා. ඔබට ජයග්‍රහණය කාටවත් නවත්වන්න බෑ. ඔබ කිසිවකටත් රැවටෙන්න එපා.

:       48       105

විජෙසිරි Wednesday, 04 September 2024 08:36 PM

ඒකත් පුළුවන් unp නෙවෙයිනේ... පුළුවන් ශ්‍රී ලංකා..!

:       6       78

Priyantha Dissanayake Wednesday, 04 September 2024 10:50 PM

සුසන්ත, ඔබගේ ගුණමකු හිතට එහෙම අදහසක් දැරුවාට සහ හරියට දැනගෙන කථාකරන්න ඕනෑ. නොදන්න දේවල් පිළිබඳව කථා නොකර සිටියා නම් තම ගරුත්වය ආරක්ෂා වෙනවා. ප්‍රේමදාස මහත්තයා ඔබට එලෙස පෙනුනාට පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා.. අහිංසක ජනතාව ඉලක්ක කර නිවාස ලක්ෂයේ, දසලක්ෂයේ ව්‍යාපෘති, උදාගම්, ඉඩම්බෙදාදීම්, එම වකවානුවේ රු. 2500/= ක් ජනසවිය ලෙස, රටපුරා ඇඟලුම් කර්මාන්ත, රටපුරා මහාමාර්ග කාපට් කිරීම ආරම්භ කර ක්‍රියාත්මක කිරීම, අධිවේගී මාර්ග, මාතර - කතරගම් රේල් පාර, රට පුරා ජල විදුලි පහසුකම් පුළුල් කිරීම, තට්ටු නිවාස ව්‍යාපෘති, ක්‍රීඩා භූමි, ක්‍රීඩා පහසුකම් සහ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීම ආදී සුවිසල් වික්‍රමයක් කෙටි කාලය තුළ කරගෙන ආවා පමණක් නොව පක්ෂයේ ශක්තිය සිරිමා බණ්ඩාරනායක වැනි දැවැන්ත නායිකාවක් දණ ගැස්සුවා. ලලිත් ගාමිණි ප්‍රේමදාස ප්‍රශ්නය ඇති නොවුණා නම් මොනතරම් වාසනාවක්ද? එහෙනම් අද ගොඩාක් දියුණු රටක් අපේ රට... ඒ වගේම චන්ද්‍රිකා, මහින්ද ආදී නම් ජනාධිපති නාමාවලියේ නැහැ. එතුමන්ලා ප්‍රේමදාස මහත්තයා එලෙව්වේ නැහැ එයාලා ගියේ... ඔබ ඒ පිළිබඳව දන්නේ නැති නම් රනිල් මහත්තයාගෙන් අහලා දැන ගන්න...

:       1       0

Willows Drive Thursday, 05 September 2024 06:32 AM

තමුන්ටත් එහෙමයි...!

:       1       0

Perera Thursday, 05 September 2024 08:59 AM

පරදින එවුන් පුලුවන්නම් වරෙල්ලා නවසීලන්තෙට අපි සාදරෙන් පිළිගන්නම්

:       1       2

danushka Thursday, 05 September 2024 10:51 AM

සජිත් දිනනවා .ඒක ඉර හඳ වගේ විශ්වාසයි

:       2       55

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 428 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5375 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 943 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4435 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3937 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2514 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16953 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site