IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජිත්ට ඡන්දය දීම යනු අනුරට ඡන්දය දීමක්

(අංජුල මහික වීරරත්න)

සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හලාවත දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකි බව කී ජනාධිපතිවරයා සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායක මහතාට බව පැවසීය.

එම කාරණය එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එම නිසා රට ජයග්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කරමු යැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බව කී ජනාධිපතිවරයා රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවද සඳහන් කළේය.

 



අදහස් (19)

සජිත්ට ඡන්දය දීම යනු අනුරට ඡන්දය දීමක්

Lakmal Sunday, 01 September 2024 09:18 PM

කාට දුන්නත් ඔයාට දෙන්නේ නෑ පින් ජනාධිපති...

:       0       0

Buddika Sunday, 01 September 2024 09:23 PM

නැත. සජිත්ට ඡන්දය දීම යනු රට වෙනුවෙන් කරනා යුතුකමකි.. හොරුන්ට, අපරාධ කාරයින්ට එරෙහිව දෙන ඡන්දයකි...

:       0       0

ranjith Sunday, 01 September 2024 09:34 PM

අනුන්ට මඩ ගහන එකෙන් වැඩක් වෙන්නේ නැහැ... තමන් කරපු දේවල් වලට මිනිස්සු ඡන්දෙදී ප්‍රතිචාරය දේවි...

:       0       0

උකුස්සා Sunday, 01 September 2024 09:49 PM

රනිල්ට ඡන්දය දීම යනු නාමල්ට ඡන්දය දීමක්...

:       0       0

සෙනෙවිරත්න Sunday, 01 September 2024 09:53 PM

සීයා බයවෙලා, එකතුවෙලා එන්නකෝ අනුර පරදවන්න. පන්තිය ගරා වැටෙනවාට මේ මහල්ලන් කලබල වෙලා.

:       0       0

Prabha Sunday, 01 September 2024 10:00 PM

ඒ කියන්නේ සිලින්ඩර් සීයත් දන්නවා කවුද දිනන්නේ කියලා...!

:       0       0

කපිල Sunday, 01 September 2024 11:54 PM

සජිත් එක්ක ඔබතුමා ඩීල් එකක් දා ගත්තා නම් ගොඩනේ...!

:       0       0

Priyantha Dissanayake Monday, 02 September 2024 12:11 AM

තව දින 20 නේ චුට්ටක් ඉවසලා ඉන්නකෝ. ජනතාව කළයුත්ත හරියට කරයි. ඔබතුමා මහා ප්‍රජාතන්ත්‍රවාදීයා නේද? ඉතිං ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස කියලා වගන්තියක් ආණ්ඩුව ව්‍යවස්ථාවේ තිබෙනවනේ. සහ පරමාධිපත්‍යය බලය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ එය ජනතාව සතුයි... ඒ ජනතාව අවතක්සේරුවට ලක්කරන්න එපා....! 

:       0       0

Perera Monday, 02 September 2024 12:15 AM

ඔහෙට ඡන්දය දීම කල්ඉකුත් වූ, ජනතාව ප්‍රතික්ෂේප කළ, මෙලෝ වැඩක් බැරි කුණු ගොඩක් ජනපති කරගැනීමක්...

:       0       0

විජිත් Monday, 02 September 2024 05:15 AM

පිස්සා හැමවිටම හිතන්නේ අනිත් අයට පිස්සු කියලා. හැබෑට මේ නාකි පිස්සාව අන්ගොඩට ගෙනිහින් දාන්න කවුරුවත්ම නැතිද ? හැබැයි 21 වෙනිදායින් පස්සේ මිනිහා එක්කෝ පිස්සන් කොටුවේ නැත්නම් හිරගෙදර.

:       5       13

චතුරි Monday, 02 September 2024 05:49 AM

හොදම දේ තමයි. තම්නුත්. අනුරට එකතුවෙලා. ඔහුව දිනවන්න. ඔහු උගත් තරුණයෙක් වංචා දුෂණ කිසි දෙයක් ඔහු කරලා නැහැ සජිත් ඔබ කොහොමද ඡන්දය දෙන්න කියලා ජනතවට කියන්නේ හිරේ ඉන්න ඕන ඔබ කරලා තියෙන වැරදි. අපි ඔය වගෙ හොරා කාවානම් අපිව හිරෙ දානවා තමුන්ට හිරේ යන්න වෙනවට නෙඩේත් එක්ක එකෙන් බේරෙන්න.

:       9       10

Nimal 1 Monday, 02 September 2024 07:13 AM

උතුරෙන් සහ දකුණෙන් ලැබෙන සහයෝගය ළඟදීම පෙනෙයි.

:       3       14

Dharmatileke Monday, 02 September 2024 10:19 AM

ඔබට ඡන්දය දීම ඡන්දයක් නාස්ති කිරිමක්

:       5       15

Jayasekara Monday, 02 September 2024 10:30 AM

රනිල්ට ඡන්දය දෙනවා කියන්නේ... පොහොට්ටුවේ අයට ඡන්දය දෙනවා වගේ.. හරි සරලයි...

:       6       21

සිල්වා Monday, 02 September 2024 11:56 AM

ජනාධිපතිවරණය දිනන්න හැකි වන්නේ උපරිමයට බොරු කිව්ව නම් තමයි. ඔබතුමාට ඒ ගැන හොදටම අත්දැකීම් තියෙනව නේද? බලන්න ටිකක් අනුර දිහා.

:       8       21

H H L Priyantha De Silva Monday, 02 September 2024 12:46 PM

දෙපැත්තෙන්ම සහාය ඔයාට තියෙනවා නම් මොන මගුලකටද සජිත්ගේ...! අනුරගේ පැල්ලම් හොයන්නේ...!

:       2       27

ගමේ එකාලා Monday, 02 September 2024 03:20 PM

47 වසරක් දේශපාලනේ හිටපු පස් වතාවක් අගමැති වෙච්චි තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       1       12

Ganga Siriwardhana Monday, 02 September 2024 06:34 PM

රනිල් තරම් කුහකයෙක් තවත් නැහැ. සජිත් දිනනවාට තියෙන ඉරිසියාව. සජිත් unp හිටියා නම් කවමදාකවත් ඉහළට එන්න දෙන්නැහැ. එක්කෝ කාරිය වසම් නැත්නම් විජේවර්ධන නායකයා කරන්නේ. රනිල් විතරක් නෙවෙයි ඒකෙ ඉන්න සෙට් එකම එහෙම තමයි. පොඩි මිනිහෙක් ජනාධිපති වීම වළක්වනවා. ගැමුණු විජේසුන්දර යූටියුබ් එකේ දමලා තිබුණා. ගෝඨාභය ඉල්ලූ සැරේ සජිත්ට නෙවේ ඡන්දය දුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට කියලා අවසරය පිට ගෝඨාභයට උදව් කළා කියලා. ඒ සැරේ රනිල් ඇතුලු ඒ සෙට් එක ඒ සැරේ සජිත් මහතාට ඡන්දය දුන්නේ නැහැ. ගෝඨාභයට දීලා තියෙන්නේ. මේ වතාවේ දන්නවා රනිල් පැරදෙන බව. ඒ නිසා සජිත් දිනන එක වළක්වන්න අනුර දිනවන්නයි හදන්නේ. අනුරට වඩා කුහකයි, ඉරිසියයි රනිල් සහ ඒ කණ්ඩායම...

:       0       0

Priyantha Dissanayake Monday, 02 September 2024 07:27 PM

ඔබතුමාට තිබෙන ලොකුම ප්‍රශ්නය සජිත් මහත්තයා දිනලා ඒ ඔස්සේ හෝ වසර තිකට අධික සාපයක් විදින එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහනයක් ලැබෙයි කියන එක. එනිසා අනිවාර්යයෙන්ම දන්නවා තමන් පරදිනවා කියන්න නමුත් සජිත් මහත්තයා දිනන එක වළක්වලා ජේවීපී එකට බලය දීම. එය කරන්න සැනසිල්ලේ අවසන් හුස්ම හෙලන්න ලැබෙයි. හිතනවා නම් රට ගැන පක්ෂය ගැන එක්සත් ජාතික පාක්ෂිකයා ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 54 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5340 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 817 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4094 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3751 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2479 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16861 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site