IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සජිත් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

(ජේ ඒ එල් ජයසිංහ)

සමගි ජන බල වේගයේ නායක ,විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් ඉටුකොට දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගෙන සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටයුතු ආරම්භ කළේය.

මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ අනූනායක මහාචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ මෙසේ පැවසූහ.

රට ඉතා දූෂ්කර ආර්ථික අපහසුතාවයකට පත්ව ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙන අවදියක මැතිවරණයක් ආරම්භ වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වු දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සම්බුදු සසුනටත්, මේ මහනුවර ශ්‍රී දළදා මැදුරටත් කළ මෙහෙවර අමතක කළ නොහැකියි.

එතුමා මේ රටේ අසරණ ජනතාවට නිවාස තනා දී ගම්නියම්ගම් සංවර්ධනය කරමින් සිදුකළ මෙහෙවර කෘතගුණ පූර්වකව සිහිපත් කල යුතුයි.

මෙහිදී අනුශාසනාවක් කල අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක  වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ මෙසේ පැවසූහ.

අදට අපේ රටට අවශ්‍ය වන්නේ රටේ උදාර සංස්කෘතික සෝදාපාලුව අවසන් කළ හැකි දේශපාළන නායකයෙක්.

රටට අවශ්‍ය වන්නේ සංස්කෘතික නායකයෙක් ඉතිහාසයේ සඳහන් වනවා මහා සංඝරත්නයේ පිරිත් දේශණාවේ ආශීර්වාදය ලබාගෙන රටක නායකත්වයට පත්වන පුද්ගලයා මහා සංඝරත්නයේ අනුශාසනාව ලබාගෙන කටයුතු කල යුතු බවට.

එදා රජවරුන් පවා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ගරු කටයුතු ලෙස ලබා ගත්තා. දුටුගැමුණු මහ රජතුමා පවා මහා සංඝරත්නය බැහැදැක අවවාද අනුංශාසනා ලබා ගත්තා.අපේ ඉතිහාසයේ පවා රජවරු රට රාජ්‍ය පාලනය කිරීමට පෙර මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට සවන් දී දැහැමින් රාජ්‍ය පාලනයය කලා.එදා එහෙමයි අපේ රජවරු රටේ රාජ්‍ය පාලනය කරගෙන ගියේ.

හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා එදා ගම් උදා බිහිකරමින් නිවාස නැති ජනතාවට නිවාස තනා දී අපේ ජාතික සංස්කෘතිය පිළිබඳව ජනතාවට දැණුම අවබෝධය ලබා දීමට කටයුතු කලා.

රටකට අවැසි වන්නේ රටේ සංස්කෘතිය ආගම සුරක්ෂිත කරන ජාතික නායකයෙක්. මේ රටේ බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී රටේ සියලු ආගමිකයන්ට ජාතිකයන්ට එකසේ සළකමින් සැමට සහජීවනයෙන් ජීවත් වන්නට හැකි ලෙස රටක් පාලනය කිරීම යහපත් දැහැමි පාලකයෙකුගේ වගකීමයි.

මෙි රටට යහපතක් උදාකර දීම සෑම නායකයෙකුගේ යුතුකම හා වගකීමයි.මේ රට හරියට හදාගෙන මේ රටේ පුරවැසියන්ට මේ රටේ සතුටින් සාමදානයෙන් ජීවත් වීමට හැකි වාතාවරණය සලසා දීම රටක රාජ්‍යත්වය අපේක්ෂා කරන නායකයාගේ වගකීම විය යුතුයි.මේ රටට සංස්ංකෘතික මිනිස්සු බිහිකල යුතුයි. මේ රටට ⁣ සෞභාග්‍ය ඇතිකර දීමට ඔබට ධෛර්යය ඇතිවේවා.යි ආශීර්වාද කරනවා.

මල්වතු පාර්ශවයේ අනූනායක හිමිපාණන් වහන්සේලා වන මහාචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි ,අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම සෙත් පිරිත් දේංශණාවට සහභාගි වූහ.

මෙම අවස්ථාවට පක්ෂයේ සෙසු සාමාජිකයන් , වන ලක්ෂ්මන් කිරිඇල්ලට ,ගයන්ත කරුණාතිලක, රෝහිණී , කවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.



අදහස් (7)

සජිත් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

චන්දිම Friday, 16 August 2024 12:02 PM

දලදා සමිදු පිහිටයි. ජය නියතයි

:       14       24

⁣රට වැසියා Friday, 16 August 2024 12:11 PM

නෝනා ළඟ තියාගෙන ඉන්නකොට ප්‍රේමදාස ක්‍රමය මතක් වෙනවා. ඒක ප්‍රියජනකද අප්පිරියද කියලා තීරණය ජනතාව සතුයි...

:       9       22

sunimal Friday, 16 August 2024 01:52 PM

මේ උද්දච්චයින්ව රටේ පාලකය කරගන්න තරම් මිනිස්සු මෝඩ නැහැ...!

:       14       18

සුමේද Friday, 16 August 2024 02:14 PM

නියත ජනපති සජිත්, රටට ජය වේවා..!, සජිත්ට ජය වේවා...!

:       11       18

duplicate Ralahami Friday, 16 August 2024 02:22 PM

අපේ නුවර ජනතාවගේ අවංක ආශිර්වාදයත් කැමැත්තත් ඔබතුමාට ලැබී ජය නියතයි.... දුප්පත් අපි වෙනුවෙන් ඔබතුමාට ලොකු වගකීමක් තියනවා

:       8       12

සුරෙන් Friday, 16 August 2024 02:35 PM

ඔබතුමාගේ ආගමනය මෙරට දුප්පත් ජනතාවගේ ලොකුම බලාපොරොත්තුවයි ඔබතුමා රටට දැයට ජනතාවට අසිමිත ආදරයක් කරන නායකයෙක්

:       7       15

රම්බොඩ Friday, 16 August 2024 02:39 PM

ජෙප්පෝ වගේ නෙමෙයි මොනවා වුණත් මෙයාට ආගම, දහම ගැන හැඟීමක්, විශ්වාසයක් තියෙනවා. ආර්. ප්‍රේමදාස මහත්තයා වගේ...

:       10       20

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 19 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 283 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 381 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3260 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1214 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1174 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23022 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22874 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site