IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී  වැඩ ආරම්භ කර අවසන් නොකළ  නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසරේ  අවසන් කිරීමට අපේක්ෂා කරන බව කීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලයේ  නිවාස වැඩසටහන් 7ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 7 වෙයි.



අදහස් (5)

සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්

Perera Sunday, 12 May 2024 02:04 PM

රට පාලනය කරන්න නම් දරාපු තව එක අපරාධකාරයෙක්...

:       0       21

Sirisena Monday, 13 May 2024 12:06 PM

එයාගේ වගතුග මම දන්නේ නැහැ. ඒත් මෙයා එහෙම නොකළා නම් සජිත් ඇමැතිවරයා හැටියට වියදම් කළ කෝටි ගණනක් නාස්ති වෙනවා. ලංකාවේ මෙතෙක් කලක් සිදුවුණේ ආණ්ඩු මාරු සමග අලුත් ආණ්ඩුව ආවාම පැවැති රජයේ ව්‍යාපෘති නවතා දැමීම තමයි. එහෙම බැලුවොත් 1948 සිට සිදුවන්නට ඇති නාස්තිය කොපමණ මුදලක් අපතේ යවන්න ඇද්ද? අඩුම තරමින් විගණනයක් මගින්වත් මේවා ගැන ප්‍රශ්නයක් අහපු බවක් අහලා නැහැ...

:       0       0

Kazi Shajahan Sunday, 12 May 2024 04:30 PM

ප්‍රසන්න හදන්නේ ඔක්කොම ගැහිලි ගහලාම යන්න. නැවත ඇමතිකමක් කවදාවත්ම ලැබෙන්නේ නැහැනේ. ජීවත් වෙලා ඉන්නකන්...

:       0       17

විජිත් Sunday, 12 May 2024 10:23 PM

ඔය ගහන ගැහිලි හිරේදී වමාරන්න වෙනවා. සරම ගලවලා , කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් කුඩු බෑග් එකක් දාලා , 2*2 පොල්ලකින් මසාජ් කලානම් හොරා කාපුවා , කප්පම් ගත්තු ඒවා, කොමිස් ගත්තු ඒවා ඔක්කොම වමාරයි.

:       0       5

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 14 May 2024 02:10 PM

ඒ මොකද බං? කප්පම් ගන්නවට වඩා ඒක වාසිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 63 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 111 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 123 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 315 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 337 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site