IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ  නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති  මහතා මාධ්‍ය හමුවකදී අද (2)පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති  මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය.

එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති මහතා කීය.

ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට එම විවාදයට එන්නට බැරි නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන්නැයි  කී හඳුන්නෙත්ති මහතා ඉන් පසුව ඒ විවාදය කරන්නේ කෙසේදැයි කතා කර ගන්නට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ  පැලවත්ත කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි

 



අදහස් (19)

සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

Saththaya Tuesday, 02 April 2024 10:04 PM

අයියෝ, එයා එක්ක නම් විවාදවලට යන්න එපා. රෑ ඉස්කෝලේ ගිහින් ඉගෙනීම ලබලා තියෙන්නේ...!

:       0       2

kotiya Tuesday, 02 April 2024 10:28 PM

ඔව්. අනුර අයියාගෙයි සජිත්ගෙයි විවාදයකුත් තියමු. හර්ෂ දි සිල්වයි ජේ.වී.පී. එකේ අනාගත මුදල් ඇමති අතරයිත් විවාදයක් තියමු. වඩා හොද වෙන්නේ දෙවෙනි විවාදේ.

:       2       10

NissankaWednesday, 03 April 2024 12:36 PM

හර්ෂ ළඟදීම රනිල්ට එකතු වෙනවා. එතකොට සජිත් නියෝජනය කරන්න හර්ෂ එන එකේ තේරුමක් තියෙනවාද​?

:       1       1

Prabha Tuesday, 02 April 2024 10:33 PM

වටේ ඉන්න මිනිස්සු උසි උසි කිව්වට වලියට යන්න වෙන්නේ දඩෝරියටනේ

:       0       11

අමා Wednesday, 03 April 2024 12:51 AM

බැරිකම වහන්න මොනවහරි හේතු පෙන්වනව.

:       6       8

රනා Wednesday, 03 April 2024 06:18 AM

ඔබ ඉදිරිපත් කරන වැඩ සැලැස්මක් නොමැතිව විවාදයක් කරන්නේ කෙසේද?

:       12       10

ChandanaWednesday, 03 April 2024 12:42 PM

ජාතික ජන බලවේගයේ වෙබ් සයිට් එකට ගිහින් එයාලාගේ වැඩ පිළිවෙළ බලාගන්න පුළුවන්. සජබට එහෙම් එකක් නෑ.

:       3       2

මුදල් ඇමති Wednesday, 03 April 2024 07:52 AM

දැන් එතකොට දුරකථන ආණ්ඩුවක් අවොත් මුදල් ඇමති සජිත්ද.මාලිමා ආණ්ඩුවක් ආවොත් මුදල් ඇමති අනුරද.නැත්නම් මේ මාලිමාව කරන්නෙ අභියෝගයෙන් පලායාමක්ද.

:       13       8

NissankaWednesday, 03 April 2024 12:37 PM

හර්ෂ ළගදීම රනිල්ට එකතු වෙනවා. එතකොට සජිත් නියෝජනය කරන්න හර්ෂ එන එකේ තේරුමක් තියෙනවාද​?

:       0       1

Surain Wednesday, 03 April 2024 08:03 AM

හැම පක්ෂයේම ආර්ථික කමිටු තියනවා. ආර්ථික කමිටුවයි සන්වාදෙට එන්න ඕනේ

:       8       8

NissankaWednesday, 03 April 2024 12:40 PM

හර්ෂ කබීර්, ඉරාන් ළඟදීම රනිල්ට එකතු වෙනවා. එතකොට සජිත් නියෝජනය කරන්න හර්ෂ කබීර්, ඉරාන් එන එකේ තේරුමක් තියෙනවාද​?

:       1       1

Kumara Wednesday, 03 April 2024 08:54 AM

සජියගෙ බුද්ධි මට්ටම බලාගන්න හොඳ අවස්ථාවක්. තියෙන ඡන් ද ටිකටත් කෙලවෙන වැඩක්.

:       10       14

Sanath Wednesday, 03 April 2024 08:57 AM

ගොබ්බ සජියට පුළුවන් ද අනුර එක්ක විවාද කරන්න​. ආර්ථිකය ගැන​?

:       15       15

සිල්වා Wednesday, 03 April 2024 10:55 AM

අනුර ආර්ථික විශෙෂක්නියෙක් නිසා වැඩේ හරියට කරයි.

:       8       9

Deepal Nirosh Wednesday, 03 April 2024 10:06 AM

මේ විවාදෙ කවදා කොතනක හෝ කොහොම තිබ්බත් විවාදෙන් අනුරත් සජිතුත් දෙදෙනාම පරදිනවා, අන්තිමට ජයග්‍රාහකයා වෙන කෙනෙකේ. දෙදෙනාගේ බුද්ධි මට්ටමයි මේ ප්‍රවෘත්තියෙන් පෙන්වන්නෙ.

:       6       10

සිල්වා Wednesday, 03 April 2024 11:02 AM

යොජනාවට ප්‍රතිවිරුද්ධ යොජනාවක්, අභියෝගයට ප්‍රතිවිරුද්ධ අභියෝගයක්. මෙකයි දෙශපාලනෙ. ජනතාව රැවටෙනවා.

:       3       6

ANURA ROME Wednesday, 03 April 2024 12:17 PM

මැටි හරකෙක් ගොන් නාම්බෙක් සමග වාද කරයි.

:       2       4

ranjith Wednesday, 03 April 2024 01:10 PM

ඔක්කොම කට්ටිය බොරු කයිවාරු ගහන්නේ නැතිව වැඩපිළිවෙළ මොකක්ද කියන එක සවිස්තර නීත්‍යානුකූල ලියවිල්ලක් විදිහට ජනතාව අතට පත්කරන්න. එතකොට රැස්වීම්, අරවා මේවා වැඩක් නැහැ. ඡන්දෙ දෙන්නේ කාටද කියලා තීන්දු කරන්නම්... රැස්වීම්වලට සෙනග අද්දවලා ඡන්ද ගන්න හිතුවට වැඩක් වෙන්නේ නෑ...

:       1       4

ANURA ROME Wednesday, 03 April 2024 01:11 PM

ලපයාත්... පුතාණෝ වගේම ඵලොවටත් නැති, මෙලොවටත් නැති, ජෙප්පන්ගේ රෙදි සෝදන, තමනුත් මෙලොවට සාපයක්...!

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1723 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site