IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


සජබට ගිය උඩුනුවර ප්‍රා මන්ත්‍රිවරු යළි එජාපයට

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

එලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ ගෙලිඔය දී මාධ්‍ය හමුව ද අද (29)පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය හෝ අමතක කරන්නට කිසිදිනක නොහැකි බවය.

ඉදිරි කාලයේ සියලු වැරදි අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවද එජාපයට එක් වූ මන්ත්‍රීවරු එහිදී පැවසූහ.

පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු කීහ.

 



අදහස් (6)

සජබට ගිය උඩුනුවර ප්‍රා මන්ත්‍රිවරු යළි එජාපයට

chandima Tuesday, 29 June 2021 04:22 PM

දැන් රාළහාමි හිතන්නේ ඒ ආපු කට්ටියත් එක්කලා ඡන්ද දායකයෝත් ආපහු එයි කියලද?

:       2       87

pjWednesday, 30 June 2021 05:58 AM

දැන් ඔය අප්පුහාමි හිතාගෙන ඉන්නේ 69 ලක්ෂයම ඔහෙලගේ රජ පවුලේ ට්‍රික්ස්වලට අයෙමත් රැවටෙයි කියලාද?. ගෝඨාභයව ගේනවා, හරි ගියේ නැති නිසා වෙලාවකට මහින්දව ඉස්සරහට දානවා. තව වෙලාවක නාමල්ව. දැන් තව තුරුම්පුවක් බැසිල්... බැසිල් ගැන දැන ගන්න පිටු පිරෙන්න විස්තර සහිත පරණ පත්තරයක් කියවලා බලන්න. රෑ වැටුණු වලේ 69 ලක්ෂයම දවල් වැටෙන්නේ නැහැ. දැන් වෙස් මුහුණු ටිකෙන් ටික ගැලවෙමින් ඇඳුම් ගැලවෙමින් තියෙන්නේ. සරමට යටින් අමුඩයක් හරි ගහගෙන හිටියොත් කෝකටත් හොඳයි... සරම් කොයිවෙලාවේ කඩා වැටෙයි ද දන්නේ නැහැ.

:       0       0

chandima Tuesday, 29 June 2021 04:24 PM

ඔය ඔක්කොම එකට ඉද්දී නේද පහුගිය ඡන්දෙදී අතුගෑවිලා ගිහින් පින් මන්ත්‍රීකමින් නායකයාට පාර්ලිමේන්තු එන්න වුණේ..? ආයෙත් ඔය පරණ නාඩගම් කාරයොත් එක්කලා අලුත් යමක් කරන්න පුළුවන් වෙයිද?

:       2       104

Asanka Tuesday, 29 June 2021 04:25 PM

ඔය කවුරු ආවත් නාවත් එජාපයට, මහ ජනතාව වන අප තමයි තීරණය කරන්නේ.. ඔබලාව පාර්ලිමේන්තුවට යවනවාද, නැද්ද කියලා..

:       0       88

siri Tuesday, 29 June 2021 04:34 PM

හලෝ මේ රංගෙද? ලිච්ඡවී ක්‍රමවේදයට වැඩිය මානවම්ම ක්‍රමවේදය වැඩ කරනවා වගේ නේද?

:       1       276

SUNIL MILANO Tuesday, 29 June 2021 06:49 PM

අම්මෝ මෙයා මැජික් කාරයෙක්නේ... පුතාගේ අරක්කු බෝතල්... වතුර කළානේ..

:       2       172

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 253 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 124 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 196 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 744 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1003 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1207 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site