IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සජබයට සහය දැක්වු පළාත් මන්ත්‍රීන්16 දෙනා එජාපයට

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට සහය දැක්වූ  පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අද (14) එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

ගම්පොල නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ,මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ  උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

ගම්පොල නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් එක්ව සිටින බව ද මහලේකම්වරයා පැවසීය.

මෙලෙස එකතු වූ මන්ත්‍රී පිරිස  ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තම තීරණය පිළිබඳ  කරුණු හෙළි කිරීමට නියමිතව ඇතැයිද මහලේකම් රංගේ බණ්ඩාර මහතා කීය .

සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

 

 



අදහස් (4)

සජබයට සහය දැක්වු පළාත් මන්ත්‍රීන්16 දෙනා එජාපයට

කිරිපුතා Monday, 14 June 2021 04:20 PM

කැහි ගෑණි මොකද? හොටු ගෑණි මොකද?

:       87       22

de silva Monday, 14 June 2021 07:49 PM

ඔබලාට තිබුණේ 3%ක් පමණි.. ඉදිරියට ඒකත් නැතිවෙනවා. කවුද කැමැති ගිලෙන නැවේ ඉන්න...?

:       62       3

කැලිස්ටා Tuesday, 15 June 2021 02:08 PM

දෙගොල්ලන්ම එකයි.. වසර 73ක් රට පාලනය කලේ වරින්වර ජනතාව රවටා වසර පහෙන් පහට මුලුරටම විනාශකල නරුම පාලකයිනි, දැන් හොඳටම ඇති නිදහස ලැබ 03 වැනි පරම්පරාව අද ලෝකෙටම ණය කාරයින්ය. රටේ සම්පත් වරින්වර විකුණා දමන කාලකණ්නි නුඹලාට යහපතක් නොවේවා... ලෝකේ කිසිම රටක මේ තරම් මීහරක් සිටින රටක්ද නැත. රැවටීමට, වංචාවට හසුවී තම රට හොරුන්ට, මංකොල්ල කාරයින්ට රට පාවාදූන්නේය.. ඒ මෝඩකම හා දිළිඳුකම නිසාමයි කාලකණ්නි පාලකයින් ජනතාව දිළිඳුන් බවටම පත්කරති. දෙගොල්ලන්ටම මේ කළ අපරාධ වලට හෙණම වැදියව්...

:       0       0

කැලිස්ටා Tuesday, 15 June 2021 02:25 PM

ලංකාවේ මෝඩ මිනිසුන් වැඩිම රටක් ලෝකේ කිසිම රටක තම ඡන්ද අයිතිය පාවා නොදෙන්නේය. වසර 73ක් දෙමාරුවට රට පාලනය කලේ හොරු මංකොල්ල කාරයෝය. බොරු කාරයෝය. අද මුලු ලෝකෙටම නය කාරයෝය... රටේ සම්පත් වරින්වර විකුණා උන්ගේ බඩකට පුරවා ගන්නෝය. රටටවත්, ජනතාවටවත් සෙත සැලසූයේද නැත. අද ජනතාවද අල්ලසට පගාවට බොරුවට, වංචාවට හුරුවී හමාරයි. රජයේ සේවකයා පහළ ශ්‍රේණියේ සිට ඉහළටම හොරා කන්නේය. ළදරු පාසලේ සිටම බොරුව ජනගත කර ඇත හැමදේම අතයට මුදලට හුරුවී ඇත. එ් නිසාම රටේ 3% ක් පමණ රට ගැන හිතන, බොරුවට වංචාවට අකමැති දුර දක්නා නුවණැති මිනිසුන් අත ලොස්සකි.. තමන්ගේ ඡන්ද අයිතිය ටකරම් කෑල්ලට, සමෘධිය බත්පැකට් එකට පෝර සහනයට පාවා දෙන්නේය.. මෙවැනි අධම මෝඩ ජනතාව කවදාවත් මේ වහල් භාවයෙන් මිදෙන්නේද නැත. තව ටික දිනකින් මොවුන් චීනාට වහලුන් ලෙස විකිනේය. එවිට සිංහල බෞද්ධයාට සැපය..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි
2024 නොවැම්බර් මස 06 395 0

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහ


දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 98 0

දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.


කරටකර සටන ඇරැඹේ
2024 නොවැම්බර් මස 06 876 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ


ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 347 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 743 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 116 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 4 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 422 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site