IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සජබ - ජාජබට චෝදනා කරයි

(කාංචන කුමාර ආරියදාස)

මේ රට විනාශ කළේ රාජපක්ෂලා. රාජපක්ෂලා බලයට ගෙන්න  ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 02 දින දඹුල්ලේ දී පැවසීය. 

සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා. 

ජාතික සමගි ජන බලවේගයේ දඹුල්ල , ගලේවෙල, සහ පල්ලේපොල ප්‍රාදේශීය සභා හා මහ නගර සභා අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල ආසන සංවිධායක යු .ආර් . දයානන්ද සිරි මහතා දඹුල්ල නිස්සංක පිටියේ සංවිධානය කළ රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

අධික වැසි සහිත තත්ත්වයක් මත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි .

මෙහිදී දහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා නගර සභා මහ නගර සභාවල කිසිදු සභාපතිවරයකුට උප සභාපතිවරයකුට මන්ත්‍රීවරයකුට කිසිදු කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ නොතබන බවය. තම පක්ෂයේ මතයට පිටින් යන ඕනෑම මන්ත්‍රීවරයකු එයින් ඉවත් කරනවා. 

 



අදහස් (30)

සජබ - ජාජබට චෝදනා කරයි

රනිල් රාජපක්ෂ Friday, 03 February 2023 08:31 AM

එතකොට සජිත්ද හොරු අල්ලන්නෙ? උගේ උන්ම මහ බැංකුව අමු දාවාලෙ මංකොල්ල කද්දි එයා කොහෙද හිටියෙ?

:       3       552

Krishna Friday, 03 February 2023 08:48 AM

රටේ ප්‍රධානම ප්‍රශ්නේ......

:       1       17

Aravida Monarawila Friday, 03 February 2023 09:04 AM

ඔයා බයවෙන්න එපා .ජාතික ජනබලවේගය ආවම ඔයා ඇතුළු සියලුම හොරු එලවනවා ඒක ෂුවර්

:       8       44

sharm warn Friday, 03 February 2023 09:16 AM

අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ අම්මව බලා ගත්තොත් නරකද?ඒකත් අපේ පිට පටවලා සද්ද නැතුව ඉන්නේ?ඒකත් හොරකමක් තමයි

:       5       33

JSP leadr Friday, 03 February 2023 09:18 AM

෴ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයේ මුදල් සියල්ල නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරනවා! ෴ අන්තිමේ දී අන්දරේ ගල ඉස්සුවා වගේ නීතිය පාස් කරගන්න බැරි උන හින්දා කරන්න බැරි උනා කියයි. නීති නැතිව නොවේ දැන් උනත් තියෙන නීතිය යටතේ හොරකම් කළ රටේ මුදල් නොසොයන ඒකයි ගැටලුව.

:       2       22

විජිත් Friday, 03 February 2023 09:18 AM

සජිත්, ඔයාට මේ මොකද ලඟකදී ඉඳලා "කිරිපනුගාය " හැදිලා වගේ දඟලන්නේ ? රතු මල්ලිලා මහින්ද කියන හොරාව බලයට ගෙන ආබවත් ඒ නිසා ඒ අයට හොරු ඇල්ලීමේ හැකියාවක් නැති බවත් ඔබ යටි ගිරියෙන් බෙරිහන් දෙනවා.හැබැයි එකක් මතකතියාගන්නවා රතු මල්ලිලා හොරු නොවෙයි !!!ඔබ දන්නවාද ඔබ හිරේ නොගිහින් නඩුත් නැතිව නිදහසේ ඉන්නේ ඔබ දැන් හොරෙක් ලෙස චෝදනාකරන මහින්ද රාජපක්ෂ නිසා බව ? ඔබයි නංගියි හොරසල්ලි ගහලා අහුවුනාම ඔබව බෙරාගත්තෙත් හොරෙක්.මහින්ද රාජපක්ෂ !!! ඔබලා දෙන්නාම පට්ට හොරු !!! ඔබ ඔබගේ ගෝලබාලයින් එක්ක නිධන් කියක් කැඩුවද .?ඔය නිධානයක් ගන්න ගිහින් සිදුවුණායයි කියන දෝෂයකින් නේද ඔබට පිස්සු හැදිලා අංගොඩ රෝහලේ මාස 18ක් බෝඩින් වෙලා හිටියේ ? අවශ්‍යනම් රෝහලේ ඔබ හිටිය හැටි ෆොටෝ කිහිපයකින් පෙන්වන්නම්. ඒ වගේම ඔබට බෙහෙත්කල දොස්තරවරුන් ගැනත් කියන්නම්.ජාතික ජනබලය ජනප්‍රියවේලා චන්දදායකයින් පිරිවරාගෙන නැගී සිටිනකොට ඔබව නලියනවා නේද ? කොහොමත් රතු මල්ලිලා රටේ බලයගත්ත පසු අනිවාර්යයෙන්ම ඔබටත් ආණ්ඩුවේ බෝඩිමේ කෑමවල රස බලන්න වෙනවා..ෂුවර් . ඒ ගොල්ලෝ රටේ ඉන්න හොරුන්ව අල්ලද්දී අනිවාර්යයෙන්ම ඔබත් අහුවෙනවා මොකද ඔබත් මගෝඩි හොරෙක් නිසා.

:       7       27

Wipula Friday, 03 February 2023 09:55 AM

ඔයා බයිලා ගැහුවාට ඔයාගේ අම්මා තවම ජීවත් වෙන්නේ මහජන මුදලින් නේද? තමන්ගේ අම්මාට කන්න බොන්න නොදී ඒක මහජනයට බාර දීපු ඔයා රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා කීමම විහිළුවක්...

:       9       47

Sanath Kandy Friday, 03 February 2023 10:16 AM

සජිත් ලා රාජපක්‍ෂලාගේ නම කියන්නත් බයේ ඉන්න කොට හොරුන්ට හොරු කියලා එළිපිට කිව්වේ ජවිපෙ අනුර කුමාර දිසානායක කියලා මිනිස්සු දන්නවා.

:       9       439

Nissanka Friday, 03 February 2023 10:18 AM

හොරුන්ගේ මීළඟ ගැලවුම්කරු සජිත්. ඡන්දෙන් පස්සේ ජාතික ජන බලවේගයට විරුද්ධව මේ හැමෝම එකතු වෙනවා...

:       5       384

Kumara Friday, 03 February 2023 10:19 AM

බයවෙලා තියෙන තරමක්... අද හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය...

:       8       19

Bandara Friday, 03 February 2023 10:21 AM

සංස්කෘතික අරමුදලේ සල්ලිවලට මොකද වුනේ කියලා පොඩ්ඩක් කියමුද ආයුබොවන්..?

:       2       20

මාවිල්මඩ වජිර හිමි Friday, 03 February 2023 10:27 AM

රනිල්ගේ, සජිත්ගේ ආණ්ඩුව එදා කොටිත් එක්ක ගිවිසුම් ගහලා උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට ලියලා දෙන්න හදද්දී ජවිපෙට ගන්න තිබුණු එකම තීන්දුව මහින්ද දිනවන එක​... යුද්දේ අවසන්වීම නිසා ඒකේ වාසිය රටට ලැබුණා...

:       10       455

seneFriday, 03 February 2023 11:53 AM

ඔය කියන්නෙ රතු අලි පැටියා සහ සමාගම ගැනද ? තුට්ටුවකට විශ්වාස කරන්න එපා.

:       23       13

මල්ලිFriday, 03 February 2023 02:13 PM

මාවිල් මඩ විජිත හිමි කියන්නේ එදා සිදුවූ සත්‍යයයි...

:       1       0

ranjanaFriday, 03 February 2023 12:00 PM

කොටින්ට මුදල් දී හා දෙමල චන්ද වර්ජනය කරවීම ද කළා...

:       3       15

චින්තකFriday, 03 February 2023 12:12 PM

හාමුදුරුවනේ රනිල්ගෙ සටන් විරාම ගිවිසුම හින්දා එල්ටීටී එක දුර්වල වුණා.කරුණා අම්මාන් කැඩුවෙ රනිල්.යුද්ධයක් කියන්නෙ වෙඩි තියන එකම නෙමෙයි.ඔබ වහන්සේ දන්නවද ඊයෙ හරිනි අමරසූරිය මැතිණිය කිව්ව 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක මාලිමාවෙ මතයයි කියල.අනිත් එක අනුර කියන්නෙ මේ මොහොතෙ මහින්ද වෙනුවට චීනය තෝරගෙන ඉන්න නායකයා සහ බලවේගය.(ජවිපෙ කියන්නෙ චීන පිළ)චීනය මහින්ද ගේන්න දීපු සපෝට් එක ඊට වඩා අනුරට දෙනව.ජවිපෙට තියෙන්නෙ මාවෝවාදී මතය.අනුර හොරකම් කරන්නෙ නෑ.ඒත් චීනය මහින්දලගෙ හොරකම් අල්ලන්න අනුරට ඉඩදෙන්නෙ නෑ.යහපාලන ආණ්ඩුව බැසිල්ගෙ වයිෆ්ගෙ ගිණුමට චීනෙන් සල්ලි ආපු එක හොයන කොට චීන තානාපති කාර් යාලය කලබල වුණ හැටි දැක්කනෙ.

:       16       13

vira Friday, 03 February 2023 10:35 AM

අනේ..! බලය ගත්තු වෙලාවේ පොල් ගෑවද?

:       6       25

[email protected] Friday, 03 February 2023 12:11 PM

අනේ තොපි මැරිලා ඉපදිලාද බොලව් නැත්තන් මිනිස්සු මැරිල ඉපදිලාද .තොපි ඔක්කොලා කලා නේද එකතුවෙලා සියලු වරදාන සැප සම්පත් අරගෙන දැන්ද උබලට මතක් වෙන්නේ හොරැ අල්ලන්න.චන්දෙ ඉවරවුනාම ඔක්කොම ඉවරයි .අනේ මෝඩ මජර හරක් මුන්ගෙ ඔලුගෙඩි හේදෙන්නේ කවද්ද මුන් පස්සෙ යන .කන්න නැතත් ඇඟට වස්තරේ නැතත් නිල් කොළ මෙචිචර අවුරැදු 75ක් තිස්සේ රට විනාශය කරා ගෙනගිය මෙි හොරැ පස්සෙ යන්නේ රෙදි ඇඳ ගෙනද. තමන්ගේ දරැවන් ගැනවත් ඉපදෙන්න ඉන්න උන් ගැනවත් හිතාපල්ලා මී හරක්

:       5       16

අතුල සෞදි Friday, 03 February 2023 12:23 PM

එතුමා කියන එක හරියටම හරි. 2015 දීත් යහපාලනය ද මොකක්ද එකක් ගෙනල්ලා අනුර කුමාරලා කරෙත් හොරු අල්ලනව කිව්ව එකනේ.ඒ කාලෙත් ජනාධිපති මන්දිරයෙ කාමරයක බරටම වැඩ කරා නමුත් අල්ලපු හොරෙක් නැහැ. හැබැයි අනුර කුමාරගෙ පැලවත්ත පක්ෂ කාර්‍යාලයනම් සුපිරියටම හදාගත්ත.ඒව ගැන මලික් සමරවික්‍රම සර්ගෙන් තමයි අහන්න ඕනේ.කොටින්ම කිව්වොත් ජාජබ කියන්නෙ තවත් එක් එන්.ජී.ඕ නඩයක් විස්තයි.මට දුක පරණ ජ.වි.පෙ අහිංසක සාමාජිකයන් මේවා නොදන්න එක.

:       14       9

විජේරත්නFriday, 03 February 2023 04:33 PM

හරියටම හරි. ජාජබ යනු තවත් ngo නඩයක් බව නොදන්න අය උදාන වාක්ය ලියනවා.

:       1       0

හීන්මැණිකෙ Friday, 03 February 2023 12:37 PM

ගහ ගන්නට එපා... දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවේද කියලා කුඩා කාලයේ පාසලේ දී අහලා තියෙනවා. දැන් කාලේනම් එහෙම අහන්න කියවන්න ලැබෙන්නේ නැහැ. මොකද රජයෙන්ම දෙන පොත් විතරයිනේ කියවන්නේ... ඒක කිව්වේ අංගොගේ දුව හීන්මැණිකේ ටිකිරිට හා අදිරිට තමයි... ඉතින් දැන් කාලයේ ලංකාවේ සියලු ජනතාව කියලා හිතමුකෝ..

:       0       7

ranjana Friday, 03 February 2023 12:51 PM

ඔය කියන අවු 75 න් 55 කට ම රතු සහෝදරගෙන් තීරණාත්මක බලපැම් තිබුණි. රජයන් පිහිටවීමට සහය වීම්​, කඩාකප්පල් කිරීම්, දරුණු රාජ්‍ය විරොධී කැරැලි 2ක්, විරුද්ධවාදීන් ඝාතනය කිරීම්, වැඩ වර්ජන, අස්ථාවර කිරීම්, දේපල හා ජීවිත විනාශ කිරීම්, මේ සියල්ල අමතක කිරීම තනිකරම පිස්සුවකි.

:       9       8

කීරිපිටිය Friday, 03 February 2023 04:05 PM

ලංකාවේ ඇත්තට තැනක් නැහැ කියලා ඩිස්ලයික් දැමීමෙන් පැහැදිලි වෙනවා... 1971.04.05 දිනයේ පොලිසිවලට පහරදී ඇතිකළ පොලිස් මර්ධන ව්‍යාපාරය (එකල ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අනන්ත දුක් විඳි කෙනෙක් ලෙසට කියන්නේ... ඒ කාලයේ ඔවුන් පොලිසියට ගැසීම හැඳින්වීම කළේ පොලිස් මර්ධන ව්‍යාපාරය නමින් තමයි) ජාජබ කල්ලිය රටේ පාලනය අවුරුදු සියයකින් පමණ ආපසු හැරෙව්වා කියලා කියන්න පුළුවන් සත්‍ය තත්වය එය තමයි.. ඊයේ, පෙරේදා උපන් කොල්ලෝ කෙල්ලෝ ඕවා දන්නේ නැහැ..!

:       0       0

Gamini Friday, 03 February 2023 01:02 PM

අනෙක් පක්ෂවල ඉන්න හොරුන් අල්ලන්න පෙර ඔබ ළඟ ඉන්න හොරුන්ට මොකද කරන්නේ කියලා කිව්වා නම් තමයි හොඳ...! මහ ඡන්දයට ඔවුන්ට අපේක්ෂකත්වය දෙනවද නැද්ද කියලත් කියන්න...

:       1       12

සිල්වා Friday, 03 February 2023 01:51 PM

පක්ෂ විපක්ෂ ඔක්කෝම රට විනාශ කරපු අය තමයි. එක පිරිසක් රජවෙලා හොරකම් කරලා. රජ වෙන්න බැරි වූ අය උගතුන් මරා රාජ්‍ය සම්පත් විනාශ කරලා...

:       0       0

මාම Friday, 03 February 2023 02:19 PM

මෙයා වපුරන්නේ සිද්ධියකින් එයාට වාසි කොටස පමණයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක් වී ඇමැතිකම් රැගෙන ජවිප කළ සේවය ඔහු කියන්නේ නෑ. මහින්ද බලයට ගෙනා කාරණය ඔහු හෙලිකරන්නේ නෑ. ලද බොලඳ, අවස්ථාවාදි බලයට කෑදර නායකෙයක්. කථාකරන දේවල් පැහැදිලි නෑ. අනුර කුමාර ප්‍රශ්නයකට උත්තර දෙන විදියයි. මේ මනුස්සයා උත්තර දෙන විදියයි.. අහසට පොළව වගේ. අනුර කුමාරලා අපට විශ්වාසයි. ,

:       0       0

ලමය Friday, 03 February 2023 02:24 PM

මෙයා ළඟ ඉන්න රජිතට නඩු, ධීවර ඇමැතිවෙලා ඉන්දෙද්දී කොමිස් ගහලා. මෙයාගේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකලා, මෙයා උපනායක වෙලා හිටපු පක්ෂය පාවාදීලා ඇමැතිකමට රාජපක්ෂගේ උකුලට පැන්න කෙනෙක්. ඔන්න මෙයාගේ හොරු ඇල්ලීම...

:       0       0

ලොක්ක Friday, 03 February 2023 02:29 PM

සජිත්ගේ ආණ්ඩුව ආවොත් පාලන ගෙදර ඉඳලා මෙහෙයවන්නේ, ජලනි, දුලංජලි, හේමා ප්‍රේමදාස...

:       0       0

සාධාරන Friday, 03 February 2023 03:59 PM

මේ අපිට කන්න නෑ, බෙහෙත් නෑ, ලයිට් නෑ, බෙහෙත් ගන්න සල්ලි නැතුව ලෙඩ්ඩු පෝලිමට මැරෙනවා. රනිල්ට ඒ කිසිම ප්‍රශ්නයකට උත්තර නෑ. අවුරුදු 45ක් පාර්ලිමෙන්තුවේ හිටියා කියලා උත්සව ගන්නවා. මෙන්න දෙන්න පුළුවන් ලණුව... කිසිම ගිනිගන්න ප්‍රශ්නෙකට උත්තර රනිල්ට නෑ. මෙයා දැන් ජාතිවදය අවුලන්න හදනවා. මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්න අමතක කරවන්න. දැන් හැංගිලා හිටිය සරත් වීරසේකර, වංශ වැඩට බැහැලා.. අපි තමයි දේශප්‍රේමීන් කියලා පෙන්නන්න. මිනිසුනේ මේ 13වැනි සංශෝධනය සම්මත වුණේ 1987 අවුරුදු 37 කට ඉස්සෙල්ලා, අද වනතුරු අපේ වගේම දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් විසඳිලා නෑ. හොර දේශපාලුවන් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න යටගහන්න ජාතිවාදය අවුස්සනවා රැවටන්න එපා.. ඔක්කොම එකතුවෙලා මේ අයව එලවමු.

:       0       1

AKS Aththanagoda Saturday, 04 February 2023 01:57 PM

jvp සහ මහින්ද ගජ යාලුවෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1771 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 580 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3756 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 525 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1015 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2933 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site