IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සජබ -ජ.ජ.බ. අයි.එම්.එෆ් සාකච්ඡාවට ජනපති කළ ඇරැයුම පිළිගෙන නෑ

(සුජිත් හේවාජුලිගේ )


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ   නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත  සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල  ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය එම ආරාධනය පිළිගෙන ඇත. ඒ අනුව  එම පක්ෂයේ නියෝජිතයකු  සමුළුවට සහභාගි කරවීමට නියමිතය.

මෙම සාකච්ඡාවට  සහභාගි වීමට ජනාධිපතිවරයා විවෘත ආරාධනය කරනු ලැබුවේ  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවය. කෙසේ වෙතත් පක්ෂයේ තීරණය හේතුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පැමිණීමද අවිනිශ්චිත වී ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පක්ෂය සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සඳහා සෙසු සියලු දේශපාලන පක්ෂවල නායකයන්ටද ආරාධනා කරනු ලැබුවේ ණය වැඩපිළිවෙල සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව බව කියති.



අදහස් (3)

සජබ -ජ.ජ.බ. අයි.එම්.එෆ් සාකච්ඡාවට ජනපති කළ ඇරැයුම පිළිගෙන නෑ

Perera Monday, 11 March 2024 10:02 AM

ඕවට ගිහින් නිකන් කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා හිතෙන්න ඇති.කොහොමත් IMF එකට ඕන විදිහට අන්තිමට වැඩ සිද්ධ වෙන්නේ

:       1       1

රණසිංහ Monday, 11 March 2024 11:40 AM

මේ සාකච්ඡාව සඳහා සියලු දෙනා දේශපාලනය ගැන නොසිතා සහභාගීවීම අත්‍යවශ්‍ය බව කිව්වෙත් සජබයේ හර්ෂ. ඔහු හරි. මේ ජාතික කරුණක් මිසක් දේශපාලන කරුණක් නෙවෙයි. සජබය මේ ප්‍රතික්ෂේප කරන්නේ ජාතික කරුණක් සඳහා එක්වෙන්න බෑ කියලා බව ඔවුන්ට තේරිය යුතුයි. එය තේරුම් ගන්න බැරි නම් ඔවුන්ට රට පාලනය කිරීමට තරම් පුළුව්න් කමක් නෑ. අනුරත් එච්චරයි.

:       4       3

HafeelMonday, 11 March 2024 04:16 PM

ස ජ බ කෙසේවෙතත් ජාතික ජන බලවේගය නම්, මේ ගත්තු තීන්දු නිවැරැදියි. මුලින්ම මේ ජනාධිපති අවංකව සහ ප්‍රජාතාන්ත්‍රවාදීව කටයුතු කළයුතුයි. ඔහුගෙන් මේවා පේන්නේ නම් නැහැ. මේ ජනාධිපතිගේ කැබිනට් එකේ ඉන්නවා පට්ට දූෂිතයින්, හොරුන්, කප්පම් කාරයින්... අනික මේ ජනාධිපති යෝජනා කළ වත්මන් පොලිස්පතිට එරෙහිව අධිකරණයෙන් තීන්දු කරලා තියන්නේ ඔහු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් කඩ කළා කියලා. තවද ඔහු විසින් යෝජනා කළ වත්මන් බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට බරපතල වංචා නඩු දෙකක් තියෙද්දීත් ඔහුව පත්කරලා තියන්නේ. මෙවැනි තත්වය උඩ මේ ජනාධිපති සමග කිසිම සාකච්ඡා හෝ කටයුත්තකට හෝ නොයා යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 608 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 234 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1339 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2561 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1495 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site