(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දැනට උදේ ආහාරය ගත් බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මන්ත්‍රී භෝජනාගාරයෙන් හොඳට ආහාර ගෙන ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ඔවුන් පවසන චෝදනාව ප්‍රතික්ෂේප වන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.පාර්ලිමේන්තුවේ අද කවුරුත් නැතැයි පවසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටට වැරදි පණිවිඩයක් දීමට උත්සාහ දැරූ බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසුවේය.
මේ අවස්ථාවේදී අලුත්ගමගේ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් බහින් බස්වීමක් ඇතිවිය. දෙදෙනා අතර ඇතිවූ එම ගැටුම සංසිඳවීම සඳහා කතානායකවරයා දැඩි උත්සාහයක් දරනු දැක ගත හැකිවිය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නාවත් භෝජනාගාරයට ඇවිත්‘
Nuwa Monday, 06 December 2021 02:44 PM
කන වෙලාවට සතෙකුට වුණත් හිංසා කරන්න එපා කියලනේ කියන්නෙ.. ඒක වෙන්න ඇති... අනේ මෙහෙමත් සත්තු ටිකක්...
යෝගා Monday, 06 December 2021 03:14 PM
ඔය 225 ට සියලු වරප්‍රසාද ඉවත් කරලා සුදුසු මාසික පඩියක් විතරක් දෙන්න බැරිද. හුඟක් ප්‍රශ්න විසඳෙයි
මහසෙන් Monday, 06 December 2021 03:43 PM
පිනට කන්න හම්බවෙන එක අතහැරලා කොහොමද? ඒ නිසා කාලා ඉන්න ඕන මොනදේ කලත්.
nimal Monday, 06 December 2021 05:30 PM
මේ ඔක්කොම බොරුකාරයෝ මල්ලි. රටේ ජනතාව රැවටීම තමා එයාලගේ ලොකුම ජොබ් එක
Sk Monday, 06 December 2021 06:49 PM
නොකා නොබී කොහොමද අපි ගැන බලන්නේ