(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ කාන්තා හිංසනයට විරෝධය පළ කරන බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් "කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු" යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල රෝස පැහැති පටියක්ද පැළඳ මැතිසබයට අද (25) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ දේ පැවසීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක්ද පෙරවරුවේ ඇතිවිය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය.
රෝහිණි මන්ත්‍රීවරියට මේ සභාවේදී සිදුවූ හිංසනය ගැන කතානායකතුමා හෙළා දැක්කා. ඒකෙන් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. නමුත් මෙතැනදි අපි ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.
මෙතන එදා සිදු වුණේ අපි කවදාකවත් නොදැකපු තත්වයක්. ඒ මන්ත්‍රීවරයාට දඩුවමක් දෙන්න ඕන.කාන්තාවන්ට හිංසන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදිල තියෙන්නෙත් අද. මේකත් හරියට දෛවයේ සරදමක් වගෙයි. අද ඉඳලා දවස් දහසයක් මුළු ලෝකයම මේ ගැන කතා කරනවා. මේ සිද්ධිය පාර්ලිමේන්තුවට ලැජ්ජාවක්. මේක ඔබතුමා හෑල්ලුවට ගණන් ගන්න එපා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
මම ඒ ගැන තීරණයක් දුන්නා. ඔබතුමා තිස් අවුරුද්දක් මේ සභාවේ හිටියා. මාත් මෙතන කාලයක් හිටියා. මීට වඩා වචන පහුගිය පාර්ලිමේන්තුවේදී අපිට ඇහුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ගත්තු තීරණයක් නැහැ.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ මන්ත්‍රීවරු රෝස පටි පැළද මැති සබේට
දාස Thursday, 25 November 2021 12:59 PM
අවුරුදු 73 තිස්සෙ දකින විගඩම් , මහජනයා දන්නව එකම කාසියෙ දෙපැත්ත කියල
මහසෙන් Thursday, 25 November 2021 01:31 PM
පාර්ලිමේන්තුවේ පමනද කාන්තාවන් හිංසනයට ලක්වෙන්නේ. ඔච්චර තමා දන්නේ
Sharn Thursday, 25 November 2021 02:00 PM
රෝස පටි ඕනේ නෑ, ඔය බොෙහා්මයක් පාර්ලාමේන්තුවේ ඉන්න අයගෙ වැඩ ගැන කතා කරල වැඩක් නැ