IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සජබ මහලේකම් ඇතුළු 40 ක් අගවිනිසුරුට පැමිණිලි කරති


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ   නිර්දේශවලින් අධිකරණයට අපහාස වී ඇති බවත් , එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන්ට නඩු පවරන්නැයි ඉල්ලමින් විපක්ෂ  නායක හා  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් 40 අද (02) අගවිනිසුරුට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ද විපක්ෂ නායකවරයා ප්‍රධාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40  අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර නු ලැබූහ.
 
2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමය, ස්වාධිපත්‍ය බලය, ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම  පැමිණිල්ලෙන් පෙන්වා දේ 
ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ.
 
එසේම එම කොමිසමේ සභාපති හා සාමාජිකයන් ලෙස කටයුතු කළ තිදෙනා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන්නැයි ද සිය පැමිණිල්ලෙන් සමගි ජනබලවේගයේ නායක සහ මන්ත්‍රීවරුන් අගවිනිසුරු ගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

සජබ මහලේකම් ඇතුළු 40 ක් අගවිනිසුරුට පැමිණිලි කරති

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 13 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 72 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 128 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 444 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 375 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 354 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site