IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සංධානයක් ඇති කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබීය.

මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමඟ එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර ඉහත සාකච්ඡා වලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී පවතී.

ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ සජබ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්ද වලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ.

වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩ ගනිමින් පරිනත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල්  වික්‍රමසිංහ මහතාගේ සහාය ඉදිරි දේශපාලන කටයුතු වලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බවය.එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.

ඇතිවී තිබෙන වාතාවරණය අනුව සජබ සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් පැවසීය.

නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් යැයිද එජාප ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 



අදහස් (6)

සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි

Nimal 1 Sunday, 29 September 2024 11:47 AM

යා දෙක නොරත , රත සමග පෑහීමක් නැත.

:       0       9

pakeer Sunday, 29 September 2024 11:55 AM

යථාර්ථය තේරුම් ගන්න... මැරෙනකන්ම දේශපාලනය කරන්න කාටවත් බැහැ..චන්ද්‍රිකා, සිරිසේන, රනිල් සහ මහින්ද දැන් ගෙදර සිටිය යුතුමය.. එයා මේ රටේ අභිවෘද්ධියට විය යුතු දෙයක්මය..

:       4       18

Gunendra Sunday, 29 September 2024 12:02 PM

සජිත් වැනි උද්දච්ච අයෙකු සමග කුමන කතාද? මෙවර ඔහුට වි.නා. කමද අහිමි වනු ඇත.

:       4       15

Lalla Sunday, 29 September 2024 02:11 PM

සජිත් රනිල් දෙදෙනාම ඉවත්ව යාම යහපත්...!

:       0       1

අරවින්ද මොනරවිල Sunday, 29 September 2024 12:48 PM

බලයට තනතුර වලට ඇති කෑදරකම හැරෙන්නට රට ගැන ජනතාව ගැන හැඟීමක් නැති මුග්ධ නායකයින් බව තවත් සැරයක් මේ ගොල්ලෝ අපිට ඒ අය ගැන පැහැදිලි කරමින් මේ ඉන්නේ...!

:       1       17

Y.M.SOMAPALA Sunday, 29 September 2024 02:32 PM

ඇයි මිනිස්සු අහන්නේ නැත්තේ බණ්ඩාරනායක මහත්මියට සභාපති වෙලා මේක හසුරවන්න කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 4 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 185 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 189 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 147 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 119 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 372 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site