(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මේ වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ සහ තලතා අතු කෝරල මහත්මියගේ මූලිකත්වයෙන් ඉකුත් මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය.
නමුත් වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳව නැගෙන යෝජනා වලට පිළිතුරක් ලබා දෙමින් එජාප සජබ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකය සඳහන් කළේය.
එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පූර්ණ නිදහස ලබා දී තිබේ.
සජබ, එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද ඉකුත්දා ප්‍රකාශයට පත් කර තිබිණි.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශ
ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු ම
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සජබ - එජාප දීග කතා උනන්දුව වැඩි වෙයි
Gunendra Tuesday, 07 January 2025 07:24 PM
සජිත් එක්ක ගිහින් පක්ෂය නැති කරපු අය ගත්තොත් අපිට වෙන අතක් බලා ගන්න වෙනවා.
පොඩි හාමිනේWednesday, 08 January 2025 12:27 PM
ඔයාගෙ එ.ජා. පක්ෂය නැති කරේ ඔයාගේ සීයා හා ඔහු එක්ක ඉන්න රවි ඇතුළු හොර නඩේ මිසක් ගිය මිනිස්සු නොවෙයි.
ඩුලිකේට් රලහාමිWednesday, 08 January 2025 12:37 PM
අනේ ඔයාලා ඉක්මනට වෙන අතක් බලා ගන්නකො ! ඒ ගමන්ම රවියි, සීයයි එයාලවත් වෙන අතකට අරන් යන්න .ඊට පස්සේ වත් ඔය පක්ශෙට හරි යයි
බකල ජයා Tuesday, 07 January 2025 08:10 PM
ඒක සාර්ථක උනොත් රටේ කරුමෙට තමයි.
තර්ස්ත මාෂල් Tuesday, 07 January 2025 10:02 PM
අර මොංගල් නිදන් මෑන් නැතුව , ඕන කෙනෙක් එකමුතුකරගෙන ඉදිරියට යන්න . ඒ දවස්වල අලි රජා වෙන්න පක්ෂයම නැති කළා කියන එක අමතක කෙරුවොත් ඒක විහුළුවක් වෙයි . ලැජ්ජා නැති දෙයක් වෙයි . තර්ස්ත මාෂල්
podi haamineWednesday, 08 January 2025 12:29 PM
අනේ ඔය මොලේට උපාධිය දුන්නේ සීයාද?
SurainWednesday, 08 January 2025 02:05 PM
එ ජ පෙ නැති කරේ රනිල් සියා සමග රවි අලිබාබා ඇතුලු හොරු ඔය රැල ඉන්නකම් ඕකට මොන හොඳ මිනිහෙක් ආවත් බහිරවයට අහුවුණා වගේ අඩපණ වෙලා කොරවෙනවා.
NIMAL Tuesday, 07 January 2025 10:31 PM
නවීන් දිසානායක කියාසිටින්නේ ( මාධ්‍යයට ) අවස්ථව දෙන්නේ නැතිලු අවස්ථව " නායකත්වය " අපි ගත යුතුයි ලු . නායකත්වය ලබාගනිම සදහා සැලසුම් සකස් කිරීම නොව රටේ ගැටළු විසදීමට විසදුම් ලබාදියහැකි පුද්ගලයනට නායකත්වය ලබාදිය යුතුවේ. පක්ෂයට නායකයන් තෝරාගැනීමක් කරන්නේනම් නිර්මාණශීලි අවංක පුද්ගලයනට අවස්ථව ලබාදෙන්න. unp පක්ෂය වෙනුවෙන් රවී කරුණානායක පාර්ලිමේන්තුවේ සිටිනවාලු. ජීවන් තොන්ඩමන් අලියා ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ ඇත. බලයට තන්හාව නොව බුද්දියෙන් කතාකරන්න. විසදුම් ඉදිරිපත් කරන්න
sam Wednesday, 08 January 2025 02:55 AM
නිවිතිගල මිනිසුන් අතුගාලා දැම්මා තලේ රටටම එපා. ඔය හදන්නෙ බල ලෝභී ජොලියව ගන්නයි
පොඩි හාමිනෙ Wednesday, 08 January 2025 12:33 PM
අනේ ඔයා දන්න තරමක් එයා නිවිතිගල නෙමෙයි රත්නපුරේටම එපා .හැබැයි ඔයාගෙ අනිත් කතාව නම් බොරු. විශ්ව විද්‍යාලයේ ගොබ්බ කමෙන්ට් එකක්
සුරේන් Wednesday, 08 January 2025 09:12 AM
ඔය හදන්නෙ සජබෙ දෙකඩ කරලා විනාශ කරන කුමන්ත්‍රනයක් ! එජපෙ හොරුත් එක්ක ඩීල් දාගෙන සජබෙ විනාශ කරන්න ඉඩ දෙන්න එපා
ඩුප්ලිකෙට් රාලහාම් Wednesday, 08 January 2025 09:19 AM
පළාත් පාලන මැතිවරණය අත ලග තියාගෙන ඕක කරන්න එපා එජාපෙ නායකයා කරන්නෙම සජබෙ විනාස කරන කුමන්ත්‍රණ සජිත්ට බැනලා ගියා තලතාලා එක්ක මොන සාකච්ඡාද?
වික්‍රම විදුර Wednesday, 08 January 2025 10:09 AM
අවුරුදු 76ක සාපයක්.. දැන්වත් තම තමන්ම භූමදානය වෙනවකෝ ලක් අම්මව මරාගෙන මස් කෑවා දැන් ඇති තොපි...
ඩුප්ලිකේට් රලහාමිWednesday, 08 January 2025 11:12 AM
ලක් අම්මා දුසනය කරලා මැරුවෙ අර1971 87 88 89 අරගල කියලා රට වටා විනාස කරපු අය නේද. අනිත් රැල තමයි 83 ඉදන් වෙනම රටක් ඉල්ලමින් මිනීමරපු බෝම්බ විනාස රට පුරා ගිනිජාලාවක් සන්නද්ද මිනී මරුවන් ඔයාගෙ කතාව ඔයා 2010 ඉපදුන නොදන්න බබෙක් වගේනේ
SurainWednesday, 08 January 2025 11:28 AM
අනේ ඔබතුමාට බොරුව කියන විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා දුන්නෙ ජපානෙ විෂ්වවිද්‍යාලයෙන්ද
පොඩි හාමිනෙ Wednesday, 08 January 2025 12:22 PM
අනේ ගොයියෝ ඔයාගේ ටිකිරි මොලේ ඔය 76 කියන එකට මෙදා පාර අපිත් රැවටුණා නොවැ... බැලුවාම 76 කින් පස්සේ අපිත් රැවටුණා... නොවැ. අනේ දැන් සාපයේ උච්ච අවස්ථාව යනවා වගේ අපිට දැනෙනවා. පොල්ගෙඩිය 220 හාල් 260 සැමන් එකටත් කෙලියා. ළූණු ටාටා එකෙන් එනවා..! දැන් ඔයා clean sri lanka එකට ගිහිල්ලා හොඳට පිරිසිදුවෙලා එන්න.
Duplicate ralahami Wednesday, 08 January 2025 11:04 AM
අනේ වික්‍රම මහතො ලක් අම්මාව දැඩියෙන්ම මරන් කැවෙ 1971 87 88 89 අරගල කරපු හාදයො නෙමෙයිද
පොඩි හාමිනෙ Wednesday, 08 January 2025 12:11 PM
හැම ඡන්දයක් ළඟකම ඔයවගේ හොරු එක්ක එකතු වෙන ඒවා ගැන කතාකරන්න ගිහිල්ලා සජබෙ ජනතාවගේ විශ්වාසය නැති කරගත්තා... සීයා එජාපේ ඉන්නකම් ඔය සකච්ඡා කරන්න ගිහිල්ලා සජබෙ අමරුවේ වැටෙනවා.