IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සජීවී මසුන් - ඉබ්බන් ගුවන් තොටුපළේ දී අල්ලයි

 

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් බාසුර )

ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු රේගු ජෛව  විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (10) අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ , තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය මිතුරෙකුට මෙම මත්ස්‍යයින් සහ කැස්බෑවන් තොගය ලබා දීම සදහා ගෙන ආ බව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .

මොහු අද අලුයම 12.35 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබූ අතර  ඔවුන්  අතර ඇරවානා , මඩු , කැට් පිෂ් සහ කැස්බෑවන් සිටින අතර ඔවුන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී යළිත් ඔක්සිජන් වායුව ලබා දීමට ද පියවර ගෙන තිබුණි .

රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , මෙම පුද්ගලයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ .

 



අදහස් (0)

සජීවී මසුන් - ඉබ්බන් ගුවන් තොටුපළේ දී අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 263 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1857 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 774 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 588 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2294 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 562 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site