IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


සජිත්ගෙන් ඉල්ලීමක්

(නිමල කොඩිතුවක්කු)

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණවිරුන් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට පමණක් සීමා නොවී රණවිරුවන් ද ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ඉහළ ආදායම් ලබන පුරවැසියකු ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සහන අරමුදලක් ගොඩනගා එහි පොලි ආදායමෙන් රණවිරු ප්‍රජාවට සහන ලබා දෙන නව වැඩසටහනකට මුල පුරන බවත් රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමින් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය ජය ගෙන පැය 48ක් තුළ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර රණවිරුවන් මුහුණ දෙන ගැටලුවලට මාස 3ත් 6ත් අතර කාල සීමාව තුළ තිරසර විසඳුම් ලබා දීමේ කඩිනම් වැඩසටහනකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සුරකින්නට කටයුතු කළ රණවිරුවන්ට උද්ඝෝෂණය කිරිම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගැටලුවක් ඇත්නම් සෘජුවම ජනාධිපති කාර්යාලයට පැමිණ රටේ සේනාධිනායකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

වන් රෑන්ක් වන් පෙන්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කර වසර 5ක සේවා දායකයින් සහ වසර 12ක සේවා දායකයින්ට පාරිතෝෂිත දීමනා ක්‍රමයක් ආරම්භ කර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහල් පද්ධතියේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා ඇති කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණවිරු සේවා අධිකාරිය දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක කර සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම රණවිරු සහන සේවා විමධ්‍යගත කර ඔවුන් කාර්යාල වෙත එනවා වෙනුවට ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ස්ථාවර විසඳුම් ලබා දෙන ප්‍රායෝගික කාර්යක්ෂම වැඩසටහනක් සඳහා යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ගිය මන්නාරයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා කෝටි ගණක මුදල් මංකොල්ලයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා රාජ්‍ය ගිවිසුමක් කියා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව ඇ. ඩොලර් ශත 8.26ක මුදලකට එම ගිවිසුම ලබා දීමට රජය එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෑත කාලයේ විවිධ වරදාන වරප්‍රසාද ගජ මිතුරන්ට ලබා දෙමින් රටේ දේපල රටේ සම්පත කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

රටේ සම්පත් හා දේපල මහදවල් අමු අමුවේ කොල්ලකෑ කණ්ඩායම් රාජ්‍ය රැකවරණය තුළින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මොහොතක ලක්ෂ 220ක් ජනතාව කරපිට අසීමිත බදුබර පැටවීම රටේ බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ සිදුව ඇති දූෂණ වංචාවලට අධිකරණය හමුවේ පිළිතුරු ලබා දිය යුතු බවත් රටට අහිමි වූ සම්පත් දේපල නැවත වරක් සමගි ජන බලවේග රජයක් තුළ රටට ලබා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 



අදහස් (1)

සජිත්ගෙන් ඉල්ලීමක්

fairoos Tuesday, 02 July 2024 12:12 PM

දිනන්න ඉස්සෙල්ලා මේවා කිව්වට දින්නට පස්සේ ගෝටාභය වගේ වෙයිද දන් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබය හදන පත්‍රිකාව කැබිනට්ටුවට
2024 ජුලි මස 07 58 0

පාර්ලිමේන්තු සංකීර්ණය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්‍යත්ව ගැන නිවේදනයක්
2024 ජුලි මස 07 152 1

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍


නැන්දම්මා මරා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගනී
2024 ජුලි මස 07 677 0

සිය වයෝවෘද්ධ නැන්දනියට තියුණු ආයුධ පහරදී ඝාතනය කළ ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමා


කතා කර කර දුම්රිය මගේ ගිය සිසුවිය සහ සිසුවා දුම්රියට හැපෙයි
2024 ජුලි මස 07 719 0

අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
2024 ජුලි මස 07 905 0

තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
2024 ජුලි මස 07 781 2

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 736 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1687 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3580 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site