(යොහාන් භාසුර)
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රයක් පිරිනැමීය.
එම බලකාය වෙත නිල වශයෙන් භාරදීම කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර පසුගිය 2022 වර්ෂයේ දෙසැම්බර් මස 29 වන දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහයෝගයෙන්, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සමඟ සම්බන්ධ වීමට නියමිත ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ භාවිතය සඳහා අඩි 20 ප්‍රමාණයේ බහාලුමක් තුල මෙම ජංගම ජල පෙරණ යන්ත්‍රය නිපදවීම නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ආරම්භ කළේය.
වෙළඳපොලේ පවත්නා මිලට වඩා අඩු පිරිවැයකින් සැලසුම් කර විශේෂයෙන් නිපදවන ලද මෙම ජල පෙරණ යන්ත්‍රය මඟින් දිනකට ටොන් 60 ක පමණ ජල ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇති අතර, එහි නිපදවීමේ කටයුතු ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව සම්පූර්ණ කිරීමෙන් පසුව, මෙලෙස පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත නිල වශයෙන් භාර දුන්නේය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සමාජයීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක, කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුඩානයට යන එස්.ටී.එෆ් නිලධාරීන්ට ජංගම ජල පෙරණ යන්ත්‍රයක්