IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘

(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින්  දන්වා සිටියේය.

වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිව මියයාම මනුෂ්‍ය ඝාතනයක් බවත්, සැත්කම කළ වෛද්‍යවරයා රටින් පැන ගොස් ඇති බවත්,සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙසත් ජනාධිපති නීතීඥ පයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

අපරාධයක් බව අනාවරණය වූයේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ මන්දැයි පොලිසියට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටියේය. දැරිය මිය ගිය පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත් ඒවන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බවත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

මහේස්ත්‍රාත්වරයා: මේ රටේ අපරාධයක් කරලා පිටරටක ගිහිල්ලා ඉන්න පුළුවන්ද?

පොලිසිය:අධිකරණයේ නියෝග පරිදි කඩි නමින් පියවර ගන්න පුළුවන් ස්වාමීනී.

මහේස්ත්‍රාත්වරයා; පොලිසියට නීතිය ක්‍රියාත්මක කර පියවර ගැනීමට සඳහා අධිකරණ නියෝග අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍යවරයා ඉන්න රට දැන් දන්නවනම් වහාම ඒ සඳහා පියවර ගන්න අදාළ නියෝග නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න මම වහාම නියෝග නිකුත් කරන්නම්.දැනට මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය යනවා ඒ මරණ පරීක්ෂණයටත් මේ වෛද්‍යවරයා අවශ්‍යයි නේද?යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් නියෝග නිකුත් කරන බව පොලිසියට දන්වා සිටියේය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි නමැති දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

බොරැල්ල පොලිසියේ සහකාර පොලිස් පරීක්ෂක එම් වි දයාසිරි මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

.2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර ඇති අතර එය අක්‍රිය තත්ත්වය පවතින හෙයින් හරීන් විජයකෝන් ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි .

ඒ අනුව එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍ය කර්මය කළ බවත්.රෝහලේ මාස හතක් ප්‍රතිකාර ලැබූ ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිවූව තිබූ බවත්,සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ අදාළ වාට්ටුව භාරව කටයුතු කළ හිටපු වෛද්‍ය ගාල්ලගේ මහත්මිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් නීතිඥ හා වෛද්‍ය යුසුප් මහතා අධිකරණයේ පෙනී සිටියේය.නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 27 දිනට නියම කෙරිණි.

 



අදහස් (0)

‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘

ඔබේ අදහස් එවන්න

දියත

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1015 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 145 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1094 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site