IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සත්‍යග්‍රහයකට ගිය දෙමාපියන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිරකරති

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙමව්පියන් විසින් තාක්ෂණ පීඨය නැවත විවෘත කරදෙන ලෙස ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැල්ල තුල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. පාලන අධිකාරිය විසින් ඔවුන් සිටින ගොඩනැගිල්ල දොරවල් වසා දමා සියලු වැසිකිලිද වසා දමා තිබෙන බව මෙම විරෝධයට එක්ව  සිටින  දෙමාපියෝ පවසති.

විශ්ව විද්‍යාලය තුළ පවතින ගැටලුව නිරාකරණය කර ගැනිම සදහා මෙම විශ්ව විද්‍යාලයේ පිඨාධිපතිවරයා හමුවිමට පැමිණියත් ඉකුත් 13 වැනි දා රාත්‍රී 11.00 පමණ වන තෙක් ඔහු එයට අවස්ථාවක් ලබානොදුන් බව පැවසීය.

පසුව රාත්‍රී 12.00 ට පමණ උප කුලපතිවරයා සමඟ සාකච්ඡාවක් කිරිමෙන් පසුව පන්ති තහනම් කරන ලද සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරිමට ඔහු එකඟ වුවත් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් පිළිබඳව තමන්ට තීරණයක් ගැනිමට නොහැකි බව දෙමව්පියන්ට පවසා තිබේ.  ඒ තීරණයට එරෙහි උරණ වු දෙමව්පියන් දිගින් දිගටම තර්ක කළ අතර පසුව එම පිරිසට ශිෂ්‍යභාවය ලබාදීමට ද එකඟ වී තිබේ.

පසුව දෙමවිපියන් විසින් එය ලිඛිතව ඉල්ලා ඇති අතර එය ඉංග්‍රිසි භාෂවෙන් පමණක් ලබාදිමට උප කුලපතිවරයා පැවසීමත් සමඟම දෙමව්පියන් එයට විරොධය පල කළ අතර එය සිංහල භාෂාවෙන් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.  එම ඉල්ලීමට කන් නොදුන් උප කුලපතිවරයා ඉංග්‍රිසි භාෂාවෙන් ලිපියක් දෙමව්පියන්ට බාරදී ඇති අතර දෙමව්පියන් එයට විරෝධය පාමින් ලිපිය භාර ගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.

පසුව උප කුලපතිවරයා පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් ඇති අතර දෙමව්පියන් එයට විරෝධය පාමින් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටීමට පියවර ගෙන තිබේ. පිරිමි පක්ෂය පරිපාලන ගොඩනැගිල්ලේ පහළ රැදී සිටින අතර කාන්තාවන් ඉහළ රැඳී සිටින අතර මේ වෙන විට පාලනධිකාරිය විසින් කාන්තාවන් සිටින ඉහළ මාලයේ දොරවල් සහ වැසිකිලි සියල්ල වසා දමා ඇති බවත් රාත්‍රීයේ සිට එම පිරිසට වැසිකිලි යෑමටවත් නොහැකි තත්වයට පත්ව තිබේ.

පහළ මාලයේ ඇති වැසිකිලි සියල්ල ද වසා දමා පිරිමි අයට ද වැසිකිලි යෑමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද දැනට එම ස්ථානයේ සිටින දෙමාපියෝ කියති.

ඔලුවිල් විශ්ව විද්‍යාලයේ උප කුලපති එම්.එම්.එම්.නජීම් මහතාගෙන් මෙම ගැටලුව විමසිමට අප කටයුතු කළත් ඔහු දුරකථනය ආමන්ත්‍රණය නොකිරීම නිසා සම්බන්ධ කර ගැනිමට නොහැකි විය.

 



අදහස් (14)

සත්‍යග්‍රහයකට ගිය දෙමාපියන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිරකරති

d.upul Sunday, 14 October 2018 09:58 AM

පන්ති තහනම් කරලා තියෙන්නේ පෝයට සිල් ගන්න ගිය නිසා වෙන්න ඇති?

:       299       245

saman Sunday, 14 October 2018 10:16 AM

සහජීවන පුවත් තවත් කියනවනේ සමගියෙන් ඉන්න කියලා

:       3       79

sanath Sunday, 14 October 2018 10:16 AM

ලංකාවේ හැමෝම දැන් ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තමයි ඉස්සරවෙලාම ගන්නේ. දෙමව්පියොත් එකයි දරුවොත් එකයි. ඉංග්‍රීසියෙන් දුන්න ලියුම කියවගන්න එක දෙමව්පියෙකුටවත් බැරිනම් එයාලගේ ඉල්ලීම සාධාරණයි. නමුත් මේ පරිගණක යුගයේ ඉංග්‍රීසි නොදන්නා අවුරුදු 50 ට අඩු කවුරුවත්ම නැහැ.

:       289       137

saman Sunday, 14 October 2018 10:18 AM

රජය වහාම මැදිහත් විය යුතුය. සියලු මානව හිමිකම් අහුරන මෙවැනි අන්තවාදී පිරිසක් අධ්‍යාපන ආයතන පාලනය කිරීම නින්දා සහගතය

:       487       671

dias Sunday, 14 October 2018 10:57 AM

ඔය පන්ති තහනමට මුල නවක වදයයි. නවක වදය නීති විරෝධී ක්‍රියාවක් බැවින්, පන්ති තහනම සාධාරණයි. මේ සිසුන් තමන්ට වැඩිහිටියන් සේ සලකන්නට කිව්වත්, තමන්ට ප්‍රශ්නයක් වූ විට දෙමව්පියන්ට පැමිණ ඒවා විසදා දෙන්නට යයි කියනවා. මේ සිසුන් තවමත් හැසිරෙන්නේ බාලාංශ පන්තිවල සිසුන් මෙනි.

:       0       111

himal Sunday, 14 October 2018 11:17 AM

හංග හංග කියන්නේ මේකනේ... සිසුන්, දෙමව්පියන් පිරිසක් උසිගන්වලා රජයේ ගොඩනැගිල්ලක් බලෙන් අල්ලන් ඉන්න. ඒක සත්‍ය ග්‍රහයක් කියලා කියනවා. පන්ති තහනම් කළා නම් ඉල්ලන්න ඕන සාධාරණ පරීක්ෂණයක්. ඇයි ඒකට බය?

:       93       193

erdi Sunday, 14 October 2018 11:45 AM

හොඳ වැඩේ එළියේ ඉඳන් කරන්න ඕනෑ උද්ඝෝෂණ ඇතුලට ගිහින් කළාට.... ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරලා තියෙන්නේ හේතුවක් ඇතුව නම් කුලපති ඒකට විසඳුම් දීලා තියෙද්දී (ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීම වරදක් කියා පරිපාලන ගොඩනැගිලි දෙමව්පියන් ආක්‍රමණය කිරීම තුච්ච ක්‍රියාවක්... තව ටික දවසකින් ඔය පළාත්වල සිංහලෙන් ඉංග්‍රීසියෙන් වැඩක් කරන්නම වෙන්නේ නැහැ.... මේවට බුරුලක් දුන්නොත්...

:       66       93

Chandana F Sunday, 14 October 2018 11:48 AM

කරුණාකර පාලන අධිකාරියට දන්වන්න විනීතව කාරුණිකව වගකීමෙන් කටයුතු කරන්න.

:       0       0

sarath perth Sunday, 14 October 2018 12:22 PM

රජය විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් වහාම ලබාදිය යුතුවේ.

:       85       41

sarath Sunday, 14 October 2018 01:42 PM

ඔලුවිල් විශ්ව විද්‍යාලයට යන අය දන්නවා එම විශ්වවිද්‍යාලයේ සිකුරාදා නිවාඩු සහ පෝයට පන්ති පවත්වන බව... එතන තියෙන්නේ අරාබි නීති !.මේක හොඳ උදාහරණයක්.. වැඩිය නටන්න දුන්නොත් අපේ ඔලුවටත් අත හෝදන බවට. සිංහලයින් නිවාඩු, හජ්ජි නිවාඩු, රාමසාන් නිවාඩු සියල්ල ලබාදීලා කිසිම වෙනස්කමක් නොකළත් ඒ අය අනිත් පැත්තට කරන්නේ පාහර වැඩ. රාජ්‍ය භාෂාව සිංහල ලියපල්ලා සිංහලෙන්...

:       43       106

himalMonday, 15 October 2018 03:37 AM

පෝය දවසට අමතර පන්ති වෙනත් විශ්ව විද්‍යාලවල පවා යෙදෙන අවස්ථා තියෙනවා. ඒක ගැටළුවක් නම් ඒ ඒ දේශකවරයා මට්ටමින් සිසුන් ඒක කතා කරලා විසඳා ගන්නවා. අනික ඒකේ බහුතර කාර්ය මණ්ඩලය සිකුරාදාට පල්ලි යනවා නම් එදාට වැඩක් කරන්න හම්බ වෙන්නේ නෑ. එතකොට කොහොමත් නිවාඩු වගේ තමයි.

:       109       117

ධනුෂ්ක Monday, 15 October 2018 03:16 AM

මෙතන ජාතිවාදී ගැටුමක් තියෙන්නේ. මේ ළමයින්ගෙන් අහල බලන්න. හැමෝම කියල දෙයි. මේ ළමයි බෝධි පූජාවක් සංවිධානය කරොත් ඇති පන්ති තහනම් කරන්න. ගෑනු ලමයින්ට සාය අදින්න බෑ. දිග කලිසන් අදින්න ඕන. නීතිය වගේ. ඉක්මන් විසදුමක් දෙන්න ඕනැ .........

:       1       80

tonyTuesday, 16 October 2018 10:02 AM

ඔතන ඇති ජාතිවාදයක් නැහැ. අපි කව්රුත් දන්නවනේ ගෑනු ලමයින්ට සාය ඇඳලා සෙරෙප්පු දාගන එන්ට කියන්නේ ඇයි කියල.

:       0       0

til Wednesday, 17 October 2018 06:21 AM

අැමතිතුමාගේ අවධානය දැඩිව අවශ්‍යව අැත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1806 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 571 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 983 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 886 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 656 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2052 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site