(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය හා තලවකැලේ නගර හා වතුකරය ආශ්‍රිතව අධික සීතලක් ඊයේ (08) රාත්‍රියේ පැවැති අතර, මේ හේතුවෙන් බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රීය පහන් කරනු ලැබීය.
උඩරට වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 06 - 08 ත් අතර අගයක පැවැති අතර, මේ හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක් වු බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රිය පහන් කරන අයුරු දක්නට ලැබිණි.
පවතින අධික සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්විය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සීතලෙන් බේරෙන්න ගිනි මැල දල්වති
පිටිගල මිලානෝ Friday, 09 December 2022 12:29 PM
ඇමරිකාවේ මෙය සාමාන්‍ය දෙයකි. ඒනිසා සහෘදයිනි කලබල නොවන්න.
SanthuFriday, 09 December 2022 02:20 PM
ඔවු, ඔබ හරි. අමරිකාවට, යුරෝපයට මෙය සාමාන්‍ය දෙයක්.නමුත් මහත්මයානෙනි, අප කඳු කරයේ දුප්පත් ඡනතාවට ලබා දෙන්න ඇත්නම් සිතුන වාර අනන්තයි. ප්‍රවාහනය හරස් නිසයි බැරි විදේශීය (යුරෝපීය) රට වලත් මේ අධික සීතල කාලලයයි. සෙල්සියස් අංශක 01°C ත් 05°C. කඳු කරයේ -12°C ටත් ඉහලයි. නමුත් ඉන් බේරීමට අධික සීතලට ඔාරොත්තු දෙන ලෙස උණුසුම් ඇඳුම් පා වහන් තියෙනව. කියන්න අවශ්‍ය.. එ රට වලින් ඉතා අඩු මුදලකට හෝ ආධාර ලෙස ( නොමිලේ) ලබා දෙන උණුසුම් ඇඳුම් ලංකාවට ගෙන ඒමට අවස්ථාවක් ඇත්නම්..විශේෂයෙන්ම අප රටේ කඳු කරයේ කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට නොමිලේම ඡනතාවට ලබා දීමට හැකියාව ඇත. ( විශේෂයෙන්ම අතර මැදි තැරැව් කරුවන් ගෙන් තොර) වරක් යුරෝපීය සංචාරක කන්ඩායමක් සමග පැමිනි එක් ලාංකිකයෙක් කිලෝ 400ක් පමන ගෙනැවිත් තේ වතු වල දුප්පත් ඡනතාවට අතරේ බෙදා දී තිබුන. මුදලක් බලාපොරොත්තු නොවී, යුරෝපයෙන් අප රටට මෙවැනි දේ නොමිලේ ගෙන්වීමට අත හිත දිය හැකි කෙනෙක ඉන්නවා නම් අගෙයි. පින්.
wijesena Sunday, 11 December 2022 06:53 AM
ඔබ හරි. ඇත්තෙන්ම මේ යුරෝපයේත් සීතල කාලේ.