(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිවයින පුරා පුද්ගලයන් 263 දෙනකු අලි ඇතුන්ගේ පහරදීම්වලින් වසර තුනකදී (2019 සිට 2021 මාර්තු දක්වා) මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට බාර දුන් එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.
අලි මිනිස් ගැටුම නිසා එම කාලසීමාවේදී මියගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 817කි.
අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ 2019 වර්ෂයේදීය. මියගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 407කි.
අලි මිනිස් ගැටුම නිසා එම වර්ෂයේදී මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 122ක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අලි මිනිස් ගැටුම නිසා පසුගිය 2020 වර්ෂයේදී අලි ඇතුන් 327 දෙනකු මිය ගොස් ඇති අතර මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 113කි.
මේ අතර අලි මිනිස් ගැටුම නිසා පුද්ගලයෝ 28 දෙනෙක් සහ අලි ඇත්තු 83 දෙනෙක් මෙම වර්ෂයේ(2021)මාර්තු මාසය දක්වා කාලයේදී මියගොස් සිටිති.
අලි ඇතුන් ගෙන් ආරක්ෂාවීම සඳහා සකස් කෙරුණු අලි වැටෙහි දිග පසුගිය වසරේ මාර්තු 31 වනවිට කිලෝමීටර් 4756 කි. එම අලි වැටේ කොටසක් අක්‍රියව පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ සඳහන්වේ.
අලි මිනිස් ගැටුම තවමත් අඩුවීමක්වී නැතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සද්දන්තයන් 817ක් පසුගිය වසර තුනේදී මරා දාලා
sudath Friday, 05 November 2021 04:42 PM
දේශපාලනය සහ දේශපාලකයා කරපින්නාගත් රටක ප්‍රතිපත්ති සැලසුම්වලට තැනක් නැහැ.. රටම අනාථයි..