IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ)

විදේශීය සංචාරකයන්  මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45  ක් පමණ අරගල හේතුවෙන්  හදිසියේම  අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන  අධිකාරියේ සභාපතිනී  ධම්මිකා විජේසිංහ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

එය සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපෑ බවත්  ඉන්ධන, ගෑස්  හිඟය  සහ විදුලිය කැපීමද  සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක්වූ  බවත්
ඇය සඳහන් කළාය.

සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සියයට දහයකින් පමණ වැඩි කරගෙන ඇතැයි පැවසූ විජේසිංහ මහත්මිය  මේ මාසයේ  මේ දක්වා සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක්  පැමිණ ඇතැයිද සඳහන් කළාය.

සාමාන්‍යයෙන්  මේ දිනවල සතියේ  දිනක පැමිණෙන සංචාරකයන්ගේ  සංඛ්‍යාව (සාමාන්‍ය අගය) 1533 කි. සති අන්ත දිනෙක එය 1900ක් බව ධම්මිකා විජේසිංහ මහත්මිය කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසය මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලයක් වන හෙයින්  එම කාලයේදී සංචාරකයන් රටට වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද  අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංචාරකයන් අද්දවා ගැනීම සඳහා මහනුවර පෙරහර  ඉලක්ක කර  සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ  කළ බව පැවසූ විජේසිංහ මහත්මිය සංචාරකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන සැපයීම ඇතුළු වෙනත් විවිධ පහසුකම් සැලසීමටද  කටයුතු කරගෙන යන බව  සඳහන් කළාය.

මේ මාසයේ වැඩිම වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. එම සංඛ්‍යාව 8304කි.

ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5416කි.

මෙයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව යනාදි රටවලින්ද සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත්  සඳහන් කළාය.



අදහස් (17)

සුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලා

Achini Friday, 29 July 2022 10:24 PM

අරගල කරුවන් නිසා නෙවෙයි, ඉන්ධන නැතුව තියෙන කොට සංචාරකයෝ කාමරයේද ඉඳලා යන්නේ...?

:       6       27

pakeer Saturday, 30 July 2022 01:07 AM

උන්ව ගෙනල්ලා මෙහෙ අනාත කරන්න එපා. අපි වැටිලා ඉවරයි. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ආයෙත් නැගිටින්න ඕන නම් බඩගින්නේ ඉඳපල්ලා, පයින් පලයල්ලා, වගා කරපල්ලා, නිශ්පාදන කරපල්ලා, විනෝද වෙන එක නවත්තපල්ලා, හිඟා නොකා හිඟා කාපල්ලා, උඹලට මෙහෙම වෙලා මදි.

:       15       51

Tissera Saturday, 30 July 2022 03:11 AM

ත්‍රීවීල් කාරයන් ගෙන් බේරිලා පෙට්‍රල් ඩීසල් නැතුව චාටර් වෙලා දින 28 ඉඳලා vacation ගිහිල්ලා දුක්‌ විඳලා නැව ත paris ආව ආයේ ජිවිතේ ට යන්නේ නෑ ලංකාවට.

:       7       39

Bamunuarachchi Saturday, 30 July 2022 05:26 AM

අරගලකාරයින් රටත් නැතිකර ගෙන, උනුත් නැති වෙන්නයි හදන්නේ... අරගල කාරයින් මකබෑ වුණාට අපේ කිසිම කම්පාවක් නැත. ඇත්තේ සන්තෝසයකි. ඒත් රට..?

:       32       7

ganegoda Saturday, 30 July 2022 02:07 PM

අපි කැමැතියි... අපේ රට ගල් යුගයකට ඇදලා දාන අය මකබෑවිලා යනවානම්... !

:       3       13

BamunuarachchiSunday, 31 July 2022 09:02 AM

රට ගල්යුගයට ගෙනියන්න තමයි ඔය අරගලකාරයෝ ලැහැස්ති වෙන්නේ. ඒ නිසයි ඔවුන් මකබෑවිලා යන්න ඕනේ කියන්නේ... මෙතෙක් අය කළේ ගිනිතියන එකයි, මංකොල්ල කන එකයි. සාමාන්‍ය ජනතාවගේ ජීවත්වීම අඩාළ කරන එකයි. කට්ටිය එකතුවෙලා අරගල කෙරුවාට එක එකා හිරේයන්නේ. කාටද ආඩම්බර?

:       0       0

Bamunuarachchi Saturday, 30 July 2022 05:28 AM

අරගල කාරයින්වෙනුවෙන් බටලන්ද ක්‍රීයාත්මක කරමු අඩුගනනේ සුද්දෝ එක බලන්නවත් එවිනේද?

:       28       7

චන්දන Saturday, 30 July 2022 06:33 AM

මෙයාල අරගල කරන්නේ ඔන්න ඕක බලාගෙන. ලංකාව ට කෙළවෙන එක බලල සතුටු වෙනව. පෙරෙට්ටො ජෙප්පොන්ගේ කාලකණ්ණි අරමුණ පැහැදිලි යි.

:       29       17

Mo77 Saturday, 30 July 2022 06:50 AM

සංචාරකයන් පැමිණීම අඩු වෙලා තියෙන්නෙ අරගලය හින්දා නෙමෙයි ආර්ථික අර්බුදයේ හින්දා. ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලනඥයන්ට තමන්ගේ බලය සඳහා සටන් කරනවා අරගලය ලෙස හැඳින්වූයේ ඒකද කියලයි මට දැනගන්න අවශ්‍ය.

:       9       27

Kalana G Saturday, 30 July 2022 07:00 AM

සංවර්ධන අධිකාරියේ සභාපතිනී හිතන්නේ අරගලය නොතිබුනානම් ඉන්ධන, ගෑස් විදුලිය නැති රටකට හෝ ගාලා සංචාරකයන්ගේ පැමිණීම වෙයි කියල... අරබුදය මොකද්ද කියල නොතේරෙන, එකේන් වෙන ප්‍රතිපලය ප්‍රශ්නය කියල හිතන මේ අමන වන්දිබට්ට නිලදාරීන් තමයි මේ රට පල්ලට අරන් .යන්නේ.

:       8       33

Akila Saturday, 30 July 2022 07:40 AM

එතකොට මේ එන සංචාරකයෝ රට පුර යන්නේ පුස් බයිසිකල් වලින්ද ? නැත්නම් වැඩිපුර දවස් වෙන්කරගෙන ඉන්නේ ඕනෙද තෙල් පෝලිම් වල ඉන්න . බහුතරයක් සංචරකොයෝ කැමැති නැහැ වැන් වලින් දක්කනවට , ඒ ගොල්ලෝ කැමති බයික් එකක් ත්‍රිවිල් එකක අරන් රට පුර නිදහසේ සංචාරය කරන්න . අඩුම ගානේ සංචාරකයන්ට වෙනම තෙල් ගහගන්න තැනක් වත් පිළියෙළ කරන්න අපේ සංචරක මණ්ඩලයෙන් මේ දක්වා වැඩපිළිවෙලක් හදල තියනවද ?

:       5       46

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 July 2022 08:02 AM

" සැම තැන අඬදබර දස දෙසින් ඇසේ ... ජනතා දුකට පිහිටක් ඇති දෙනෙත් වැසේ ... පීඩිත දනන් දහදුක් මැද නිතර වෙසේ ... මෙවන් රටක සුද්දන් විත් හිඳිනු කෙසේ ... "

:       2       37

Kap Saturday, 30 July 2022 08:52 AM

ලංකාවේ ඉන්න එක රටේ මිනිස්සුන්ට එපා වෙලා තියෙද්දී සංචර්කයෝ එයිද

:       1       23

Mahesh Saturday, 30 July 2022 09:56 AM

අරගල හින්දා නෙමෙ හොටෙල් බුකින් cancel කරන්නෙ... දුර හොටෙල් බුක් කරපූවාට යන්න වාහන නැහැ නැත්නම් අසාමාන්‍ය ගනන්. මතකනෙ යාපනයට යන්න කැට් එකක් 70000 යි, ඉන්දියාවට ticket එකක් 70000... එකයි හෙතුව බුකින් cancel කරන්න...

:       3       26

darman Saturday, 30 July 2022 10:09 AM

මේ පිස්සන්කොටුවකට එන්න සුද්දන්ට පිස්සුය. ඒකෙන් කෙළවුණේ ටුවරිස්ට් ෆීල්ඩ් එකෙන් ජීවත් වෙන දරුපවුල් රකින අපිට. අරගලේට කන්න දෙනවනේ පිනට.

:       5       19

Kumara Saturday, 30 July 2022 04:28 PM

වහල්ලු තවමත් ඉන්නවා.

:       5       11

Prabha Saturday, 30 July 2022 05:25 PM

ඒ කියන්නේ තෙල්, ගෑස්, කරන්ට් එක නැත්තේ අරගලේ වරදින්ද?

:       5       12

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 788 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 3948 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4929 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12902 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4511 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 588 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site