(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසර ගණනාවක් තිස්සේ පන්සල්,පල්ලි ,කෝවිල්වල සිටින සිවිල් ආරක්ෂක බලකායේ 2500ක් 3000ක් පමණ සේවය දිගටම ගෙන යන්න පුළුවන් කියා තමා විශ්වාස නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පන්සල් වල සිටින සිවිල් ආරක්ෂක බලකා පිරිසේ බිල රුපියල් බිලියන දෙක හමාරක් පමණ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා සමහරුන් මේ ස්ථානවල හරක් බැලීම කුණු එකතු කිරීම මෙවැනි කාර්යයන් කරමින් සිටින බව පැවසීය.
මේ අය කරන්නේ මොනවාද?සේවයට එනවද?කියා කිසිම ඇගයීමක් හෝ පසු විපරමක් කරන්න හැකියාවක් නැතැයි ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අයගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කරන්න සිද්ධ වෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙය කාලානුරූපීව ක්ෂය වන සේවයක් බවට පත්ව තිබෙන අතර මෙි 32000 ම දීර්ඝ කාලීනව තියාගෙන ඉන්න හැකියාවක් නැතැයි කීය.
එම සේවය අඩු පිරිසකගෙන් ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිද්ධස්ථානවල සිටින සිවිල් ආරක්ෂකයෝ ගෙදර?
City Thursday, 25 May 2023 06:26 PM
ආගමික ස්ථාන වල වරප්‍රසාද තිබ්බාට, මිනිස්සු විඳවමින් ඉන්නේ...
Nimal Thursday, 25 May 2023 08:14 PM
ඊට කළින් ඇමැති ගොල්ලන් අඩු කරන විදිහක් හිතුවොත් නරකද මහත්තයෝ? සිවිල් බලකායේ මිනිස්සු කුණුටික හරි එකතු කරනවා. නුඹලා ඒ තරම්වත් වැදගත් දෙයක් කරනවද? ගහන කොමිස් ඒවයි, හොරාකන ඒවයි එකතු කළාම, ඔබලගේ එක ඇමැතියෙක් අයින් කළත් රටටම සෑහෙන්න දෙන්න පුළුවන්...
N gamage Friday, 26 May 2023 05:43 AM
ඉතා හොඳ ජොබ් එකක්
ලුම්බිණි Friday, 26 May 2023 05:59 AM
මේවා ආගමික ස්ථාන. මේවට රජයෙන් ආරක්ෂාව දෙන්න අවශ්‍ය නැහැ.
සසර Friday, 26 May 2023 07:17 AM
පාර්ලිමේන්තු නිකමුන් නඩත්තු කිරීමට මීට වඩා මුදලක් වැය වේ.
දුමින්ද Friday, 26 May 2023 07:38 AM
ආගමික ස්ථාන රැක බලා ගැනීම , නඩත්තුව , සංවර්ධනය ඒ ඒ ආගම්වල ගිහි පාර්ශවයේ වගකීමක් මිස රජයේ වගකීමක් නෙවෙයි.
prasad Friday, 26 May 2023 09:10 AM
ක්ශය වන සේවයක් කියන්නෙ වැඩේ අරන් ඉවර උනාම ගෙදර යවන එකක් නෙවෙයි මහත්තයො.අලුතෙන් බඳවාගැනීම් නොකරන එකක්.මේ ආන්ඩුවට පන්සල් එක්ක පුදුම ඇරියස් එකක්නෙ තියෙන්නෙ..