IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


“සුදුලූනු වංචාවක් සිදුවුණු බව පිළිගන්නවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලක් සතොස ආයතනයේ සුදුලූනු  වංචාවක් සිදුවූ  බව  අවංකවම  පිළිගන්නේ යැයි  වෙළෙඳ අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.

මෙය එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව හෝ නොවන බවද  ඔහු පැවසුවේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවැසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම සිද්ධියේදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිල ගණන් තුනක් අයථා ලෙස ලබාගෙන ඇති බවත් ඒ ලබාගත් මිල ගණන්  පිළිබඳ සියලු   රිසිට්  පත්
මැතිසබයට  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම මිලදී ගැනීම්  සිදුවී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයෙන් පරිබාහිරව බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් සභාපතිවරයා සහ විධායක නිලධාරියා මේ කටයුතු සඳහා ගොස් නැතැයිද  ඔවුන් එම සිද්ධියට කිසිම ආකාරයකින් හෝ සම්බන්ධ නැතැයිද  ඇමැතිවරයා  පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම අධිකරණය සතුව පවතින කටයුත්තක් බවත් අධිකරණය ඒ සඳහා යුක්තිය ඉටු කර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  ඔහු කීවේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කරුවන් ගෙන් ප්‍රශ්න කිරීමට තමා හෝ අගමැතිවරයා  හෝ කැබිනට් මණ්ඩලය හෝ නියෝගයකට දී නැති  බව  පැවසූ ගුණවර්ධන මහතා මාධ්‍යකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තීරණය කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවද ප්‍රකාශ කළේය.

අදාළ අමාත්‍යාංශ  එවැනි කටයුත්තක් නො කරන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම්දී ඇති බවත්
එම පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මෙම වංචාව  පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කර ගනිමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.

රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන්  මරා දමා ගල්වල ගැටගසා මුහුදට දැමීමේ සිද්ධියට තමා නියමාකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් හෝ සම්බන්ධ වී නැතැයිද  මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් පවසා  දෙහිවල නාගරික මන්ත්‍රීවරයා  ආගිය අතක් නැති වෙන තැනට වැඩ  කළා සේ කටයුතු  නොකරන්නේ යැයිද  ඔහු පැවසුවේය.

එසේම  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි මහත්වරුන් ඝාතනය වූ ආකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමටද  තමා මේ අවස්ථාවෙදී උත්සාහ නොකරන බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

සුදුළූනු වංචාව සම්බන්ධයෙන්  සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට අද(6) ඉදිරිපත් කරන බව හෙතෙම වැඩිදුරටත්  කීවේය. 



අදහස් (12)

“සුදුලූනු වංචාවක් සිදුවුණු බව පිළිගන්නවා’’

Hema Tuesday, 05 October 2021 02:23 PM

මානසිකව වැටුණු කෙනෙක්...

:       2       11

bandul GTuesday, 05 October 2021 05:03 PM

නිරූපමා සහ ලොක්කා බේරගන්න සුදුළූණු අඹරනවා වගේ...

:       0       2

Raveendra Tuesday, 05 October 2021 03:19 PM

වංචා කරන්නේ "මොකාද, ඒකා මොන පක්ෂයේද අදාලම නැත. එනමුත් "ඒකට" උපරිම දඬුවම් දිය යුතුමයි. එහි කිසිඳු විවාදයක් නොමැත. විහිළු සහගත ගැටලුව නම් කිසිදා හීනෙකින්වත් හොරකමක් නොකරපු බබානෝ තොත්ත බබා සේ රඟපෑමයි... සජි බබා තාත්තාගේ කෙරුවාවත් හොඳින්ම මතක්කරගත්තා නේද බබෝ...

:       49       15

fairoos Tuesday, 05 October 2021 03:52 PM

69 ලක්ෂයට දැන් සැපද?

:       2       18

සන්ක Tuesday, 05 October 2021 04:32 PM

රටේ අහිංසක දුගී දුප්පත් මිනිස්සුන්ගේ බඩ පොත්තට ඇලිලා කන්න බොන්න නැතුව මේ කොරෝනා වසංගතයෙන්... මහජන මුදල් කෝටි ගණන් හොරා කාලා ඉවරවෙලා දැන් එනවා මෙතන මිනිස්සුන්ව තවත් ගොනාට අන්දන්න...

:       1       26

jabos puh Tuesday, 05 October 2021 05:01 PM

වෙනත් දේවල් සුදුළූණු අනුභවයට අදාළ නැහැ. කාපු තරමේ හැටියට උන්නැහේට හෝමාගම පැත්තට යන්න වෙන්නේ හුළං බැලුමක් සවිකරගෙන...

:       0       0

janabala asamagi Tuesday, 05 October 2021 05:02 PM

සුදුළූණු වාතෙට හොඳයි.

:       0       2

kumari Tuesday, 05 October 2021 05:14 PM

අහිංසක මිනිස්සුන්ට මේ කරන අපරාධවලට නුඹලා ඔක්කොටෝම හොඳක්නම් සිද්ද වෙන්න එපා. උඩ ඉඳන් පල්ලෙහාටම ලෝක හොරු...

:       0       3

kumara Tuesday, 05 October 2021 05:23 PM

වංචා කරන්නේ "මොකාද, ඒකා මොන පක්ෂයේදැයි අදාලම නැත. එනමුත් උපරිම දඬුවම් දිය යුතුමයි.

:       0       0

asanka Tuesday, 05 October 2021 05:55 PM

දැන් හොරකම් කරාට කමක් නැහැද?

:       0       0

බිංදුල Tuesday, 05 October 2021 08:10 PM

ඒකටත් ගැසට් එකක් ගහන්න

:       0       0

sam Wednesday, 06 October 2021 12:06 AM

මෙන්න බලලා මල්ලෙන් එලියට පැනලා. ඇයි මෙච්චර කල් හොරකම් උනානං ඒව අල්ලන්න පියවර නොගත්තේ. එහෙම කලානං ඕව නවත්තන්ඩ තිබුන. අර තුශාන් කියන අවංක නිලදාරියට කරන්ඩ තියන ඔක්කොම බලපෑම් කරලා ඔහුව එළවලා දැන් බබා වෙන්න හදනවා. ඔය ලොක්කො දෙන්න වංචාවට වගකියන්න ඕනි. ඉස්සරත් උනා කියලා දැන් මග අරින්ඩ බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1542 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1123 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 91 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2962 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 746 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1477 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site