(නිමන්ති රණසිංහ)
සුදුලූනු වංචාවට අදාළව දත්ත වෙනස් කළ බව කියන ලංකා සතොස ආයතනයේ පරිගණක සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා සතොස ආයතනයට අයත් පරිගණක 07ක තොරතුරු සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (11) පැවසීය.
කොළඹ වොක්ෂෝල් විදීයේ පිහිටි ලංකා සතොස මූලස්ථානයේ තිබූ පරිගණක හතරක් සහ වැලිසර ලංකා සතොස ආයතනයේ තිබූ පරිගණක තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් 06 වැනිදාය.
සිද්ධියට අදාළ සුදුලූණු ටෙන්ඩරයට ලංසු කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව අයදුම්පත් යොමු කළ අයවලුන් පිළිබදව මෙන්ම සියළු ඊමේල් ගනුදෙනු, ප්‍රසම්පාදන කටයුතු, තත්ත්ව පරීක්ෂණ වාර්තා, එම වාර්තා අනුව කරනු ලබන නිර්දේශ සහ නිගමන යන මේවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
සැකකරුවන් මෙම තොරතුරුවට අදාළ දත්ත විනාශ කර හෝ මකා දමා ඇද්ද? එසේ නම් එම කාල වකවානු මොනවාද යන්න සම්බන්ධයෙන් මෙම පරික්ෂණය සිදුකෙරෙනු ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදුලූනු වංචාව ගැන හොයන්න සතොස පරිගණක සී.අයි.ඩීයට
Perera Tuesday, 12 October 2021 01:27 AM
හාල්මැස්සෝ අල්ලන්න මිසක් මුළු රටම දන්නා තෝරු මෝරු අල්ලන් නැ