(අංජුල මහික වීරරත්න)
සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහරදුන් බව කියමින් එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට අද (5) පැමිණිලි කළේය.
ඉකුත් ජුලි දෙවැනි දා හවස 6.45ට පමණ කටුනායක දී මෙම පහරදීම සිදුවූ බව අදාල පැමිණිල්ලේ සඳහන්ය.
තමා බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී පිරිමි පුද්ගලයකු ඊට අත දමා නතර කළ බවත් එහිදී තවත් පිරිමි තිදෙනකු ද බිම දමාගෙන තමාට ගෙන පහර දුන් බවත්,තමා ඇද සිටි ඇඳුම් ද ඉරා දැමූ බවත් නිලූකා සිල්වා මහත්මිය පවසයි.
සමගි ජන බලවේගයට සහය දක්වන සීදුව නාගරික මන්ත්‍රීවරයකු මෙම සිද්ධිය පැත්තක සිට බලාගෙන සිටි හෙයින් ඔහුගේ අනුදැනුම මත මේ හිංසනය සිදුවී දැයි සැකයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සීදූව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ලක් වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ පැමිණිල්ලේ සඳහන් ලිපියේ පිටපතක් ලක්වනිතා පෙරමුණ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ද යොමු කර තිබේ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සීදූව ප්‍රා.මන්ත්‍රිනියට පහරදී ඇඳුම් ඉරා දමලා
කිරිපුතා Monday, 05 July 2021 07:49 PM
එක කාන්තාවකට පිරිමි තුන් දෙනෙක් ගහලා? මොවුන් අල්ලලා ඉස්සෙල්ලාම බලන්න ඕන පිරිමිකම මොකක්ද කියලා...
risvan lebbe Tuesday, 06 July 2021 02:13 AM
අපේ ආගම තුළ කාන්තාවට ගෞරවය ලැබෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මකය. බොහෝමයක් සිටින්නේ පස් වෙළෙන්දන්, ඖෂධ මාෆියා කාරයින්...
Thilak Tuesday, 06 July 2021 05:30 AM
දේශපාලුවන්ගේ සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න සූදානම් කණ්ඩායමක් දැන් අපේ රටේ ඉන්නවා.
rocky Tuesday, 06 July 2021 06:03 AM
මේ තිරිසනුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
jagath Tuesday, 06 July 2021 01:20 PM
බලන්න අර ෂර්ට් එකේ පොකට් එකත් ඉරිලා.. ඒ කියන්නේ ඕක මහමගදී පහර දීමක් නෙවෙයි. මහමගදී හිංසනයක් කළා කියලයි නඩු පවරන්න වෙන්නේ.
මසීනා බක්කර් Wednesday, 07 July 2021 08:35 PM
මෙම නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිනවා. ලැජ්ජා නැද්ද කාන්තාවකට ගහන්න? කාන්තා හිංසනයක්...