(නිමන්ති රණසිංහ සහ ඉන්දික රාමනායක)
ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු`ථණු කිලෝග්‍රෑම් 54,860- ක් මිලදී ගත් බව කියන පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බම්බලපිටියේදී ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකාර ඉන්දියන් ජාතිකයා අද අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසිනි.
ඉන්දීය ගුජරාටි ප්‍රාන්තයේ ලිපිනැති මෙම සැකකරු කොළඹ බම්බලිපටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 55 හැවිරිදි පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ලංකා සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝවක් රුපියල් 135ක මුදලකට ලබා ගෙන ඇති මෙම සැකකරු සුදුලූනු කිලෝ 54, 860ක් සඳහා රුපියල් හැත්තෑ හතර ලක්ෂ හැට එක්දහසක මුදලක් වැය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එම නිලධාරියා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහු හෙට (07) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු සදහන් කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණේ ඉකුත් 01 වැනිදාය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු ලූනු වංචාවේ කෝටිපති ව්‍යාපාරිකයා අල්ලයි
Wimal Wednesday, 06 October 2021 06:35 PM
ඉක්මනටම හොරා අල්ලලා
Lal Wednesday, 06 October 2021 07:27 PM
පව් අහිංසක, අවංක සතොස නිලධාරීන් ඔය ව්‍යාපාරිකයා නිසා තව පොඩ්ඩෙන් අමාරුවේ වැටෙනවා.
කිංග් කැකිල්ලේ Wednesday, 06 October 2021 08:04 PM
අපරාදෙ මුලින්ම සුදු ලූනු කාපු අපිව හිරේ දාලා, ඊ ළගට සුදුලූනු කඩෙන් ගෙනාපු අය වැරදිකාරයෝ කරලා. සුදුලූනු දාලා කෑම උයපු අයට නඩු දැම්මනම් හරි. පව් සුදුලූනු සතොසෙන් පන්නපු නිළදරුවො ටික. එයාල නිදොස් කර නිදහස් කර උසස්වීම් දියයුතුයි.
Raveendra Wednesday, 06 October 2021 08:27 PM
මහජන මුදලින් වැටුප් ලබන අදාළ නිලදරුවන්ගෙන් රටේ පුරවැසියන් වන අප කාරුණිකව මෙසේ ඉල්ලා සිටින්නේ අඩුවශයෙන් මේ අයගේවත් වතගොත, වෙළද ආයතනයේ නම, ලිපිනය සහ පැහැදිලි චායාරුප සියලුම මාධ්‍යන්වල ප්‍රසිද්ධ කරන මෙන්.
saman Wednesday, 06 October 2021 11:17 PM
ව්‍යාපාරිකයා සමගම ඔහුට මේ වංචාවට අනුබල දුන් අනිත් උදවියත්, තත්වයක් තරාතිරමක් නොබලා අත්අඩංගුවට ගත යුතුයි.
Nimal Thursday, 07 October 2021 12:44 AM
කරුණාකර නම හෙළි කරන්න
Malinda Thursday, 07 October 2021 02:06 AM
ව්‍යාපාරිකයාගේ නම සඳහන් කරන්න ඇයි පැකිලෙන්නේ ?
Perera Thursday, 07 October 2021 02:52 AM
එතකොට ඔය කෝටිපතියා කෝටි ගානක සුදුළුනු සතොසෙන් උස්සන් යනවා ඇමතිලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් දන්නේ නැහැ කියලද කියන්නේ ?
Prabha Thursday, 07 October 2021 04:13 AM
ගත්ත එකා නොවේ දුන්න එකයි අල්ලන්න ඕනේ .ඔක්කොම වැඩ යන්නේ රුවිතෙට
දාස Thursday, 07 October 2021 05:39 AM
පිටි පස්සෙන් ඉන්න දේශපාලුවොයි හොර නිලධාරි සෙට් එකයි කෝ.මිනිසුන් මේවට රැවටෙන්නෙ නෑ.
සෙනෙවිරත්න Thursday, 07 October 2021 06:29 AM
මේ මනුස්සය සතොසට පැනලා සුදුලූණු මංකොල්ල කාල වගේ රජය කටයුතු කරන්නෙ. සතොස පැත්තෙ මෙිකට සසම්බන්ධ ලොකු තැන අත්අඩංගුවට ගන්නෙ නැද්ද?
Don Thursday, 07 October 2021 07:45 AM
දැන් හිතාගන්න පුළුවන් නේද රජයේ නිලධාරීන්ගේ කෙරුවාව .මේකට සම්බන්ද උන්ව අල්ලලා නඩු අහලා උපරිම දඬුවමක් නොදුන්නොත්, මේ රට දියුණු කරනවා බොරු
Aruna Manipura Thursday, 07 October 2021 08:08 AM
ඔන්න ඉතින් ජනතාවට සුදු ළූණු පොඩි කරනවා.
janahitha Thursday, 07 October 2021 10:16 AM
බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට
P.g.s.janaka Thursday, 07 October 2021 07:58 PM
මේක වහන්න තමා මේ හදන්නේ .සුදුලුනු අරන් තියෙන්නේ ඉන්දියන්කාරයෙක්