(එස් ඩී කොඩිකාර)
දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක් අද සවස අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර වෙළෙඳ පොළට බෙදාහරින බවට ලිඛිත මහජන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සීනි මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති මිශ්‍රණයක්, තාරාදියක් , ගෑස් ලිපක්, සීලරයක් ඇතුළු තවත් භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයා ගත් බව වැටලීම සිදු කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකරු සීනි රැගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් තිබු අතර සැකකරුගේ බිරිඳ පමණක් නිවසේ සිටි නිසා අදාල භාණ්ඩ එම නිවසේ තබා මුද්‍රා තැබූ බව දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එස්.ජේ.පතිරණ මහතා පැවසීය
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුදු සීනි දුඹුරු කරන කම්හලක් වටලයි
sam Saturday, 07 October 2023 01:55 AM
මේ වගේ අය එල්ලා මරන්න දඬුවම නියම කළ යුතුයි.
චන්දන Saturday, 07 October 2023 08:21 AM
මේක රටපුරා ක්‍රියාත්මක වෙනවා. හේතුව දුඹුරු සහ සුදු සීනිවල මිල පරතරය... හොඳම දේ මිල පරතරය අඩු කිරීම. ලංකාවේ තියෙන දුඹුරු සීනි ප්‍රමාණයට වඩා නිෂ්පාදනය අඩුයි. ලංකාවට පිටරටින් දුඹුරු සීනි ගේන්න බැහැ. පැල්වත්ත විතරයි හදන්නේ. මේ තරම් දුඹුරු සීනි වෙළඳ පලේ තියෙන්නේ කොහොමද කියලා පාරිභෝගික අධිකාරිය සොයා බැලුවාද?