(විමුක්ති එස් රුද්‍රිගු)
එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මහතා හෙළා දැක තිබේ.
ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බව බොබ් මෙනෙන්ඩෙස් මහතා පෙන්වා දී ඇත.ඒ හේතුවෙන් තවත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බොබ් මෙනෙන්ඩෙස් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් බොබ් මෙනෙන්ඩෙස් මහතා මෙම ප්‍රකාශය සිදුකර ඇත.ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම එළඹෙන මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.මැතිවරණය පවත්වන නව දින එළඹෙන 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙනෙට් මන්ත්‍රී පුංචි ඡන්දය ඉල්ලයි
පිටිගල මිලානෝ Wednesday, 01 March 2023 02:08 PM
ඔය සෙනෙට් ලොක්කෝ තමයි මහල්ලාව තියාගෙන ඉතිරි වැඩ ටිකත් කරවාගන්න යන්නේ….
දාස Wednesday, 01 March 2023 02:13 PM
මෙම මැදිහත් වීමට ස්තුතියි, අනිත් රටවලුත් මෙවැනිම නිවේදන නිකුත් කෙරේවා
Jagath Wednesday, 01 March 2023 02:35 PM
නියමයි.. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තරයේ සහාය ඉතාමත් තදින්ම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අකුලා තිබෙන මැතිවරණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ බලපෑම ඉතාමත්ම කාලෝචිතයි.
sujeewarWednesday, 01 March 2023 03:24 PM
අනුන්ගේ රටවල අභ්‍යන්තර පාලන කටයුතුවලට අත පෙවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් නෙවෙයි. එය අධිරාජ්‍ය වාදයේ ලක්ෂණයකි. ප්‍රජාතන්ත්‍ර පිරුවටයෙන් වැසුණු අධිරාජ්‍යවාදය මනාවට පිළිඹිබු වේ....
sujeewarThursday, 02 March 2023 12:46 PM
ඩිස්ලයික් දාපු අය දන්නෙ නැතුව ඇති කෙනෙකුගේ ප්‍රජාතන්තුවාදී අයිතිය අනෙකාගේ නහය අසලින් අවසන් විය යුතු බව. තවත් පැහැදිලිව කියනවනම් ඔබට ඔබගේ අත නිදහසේ වැනීමට අයිතිය ඇතත් එය මාගේ නාසයේ වැද්දවීමට අයිතියක් ඔබට නැත. එයයි නියම ප්‍රජාතන්තුවාදය. එසේ නාසයේ බලෙන් වද්දවන්නේ නම් එය බලාතික්‍රමණයයි.
ajithWednesday, 01 March 2023 08:15 PM
සජිත්, අනුර, ඩලස්, විමල්, ගම්මන්පිල වැනි දේශපාලනයේ පතාක යෝධයින්ගේ ඉල්ලීමට පවා පැවැත් නොවුණු පළාත් පාලන මැතිවරණය ඇමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් කීවාට පැවැත්වේවිද?
Aravinda Monarawila Wednesday, 01 March 2023 02:42 PM
මේ මෝඩ මුග්ධ නායකයන් ජාත්‍යන්තරයට, අපේ රටට ඇඟිලි ගහන්න අවස්ථාවක් හදලා දෙනවා... තව ටික කාලයක් යනවිට ඉතියෝපියාවටත්, සෝමාලියාවටත් ලංකාවේ ප්‍රශ්න ගැන කතාකරයි...
uk ran Wednesday, 01 March 2023 02:56 PM
අම්මෝ... නියමෙටම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්නේ ඇමෙරිකාව... ලෝකෙම හනුමා වගේ ගිනි තියතියා යනවා. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතිව කයිවාරු දොඩවනවා.
Gunendra Wednesday, 01 March 2023 03:07 PM
100%ක් එකඟයි...
aravinda Monarawila Wednesday, 01 March 2023 03:48 PM
අපිට එහෙම කියන්න තිබුණා.. අපේ අය ඇමෙරිකාවේ හිඟාකන්න යන්නේ නැතිව ඉන්නවා නම්... , ලෝකයේ හතරවටින්ම හිඟාකනකොට හැම කෙනාටම ඔලුව පාත්කරන්න සිද්ද වෙනවා.
Athula Wednesday, 01 March 2023 03:07 PM
නියමයි... !
Rata Perata Wednesday, 01 March 2023 03:31 PM
දැන් ඉතින් ඇමෙරිකන් පුරවැසි දේශපාලුවන්ට කඩේ යන බයියන්ට මේවට කේන්ති යයි.
siri Wednesday, 01 March 2023 03:32 PM
බල පෙරේතකම හමුවේ රටක් ලෝකයේ අපවාදයට ලක්කරනවා.
අබිලින් Wednesday, 01 March 2023 05:29 PM
දේශපාලුවො කීප දෙනෙක් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න ඡන්දය ඉල්ලනවා තමයි. ඒත් රටේ ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ ඡන්දය ඕනෑ කියලා හිතනවා නම් අවශ්‍ය සියලු වියදම් දෙන්න...
fairoos Wednesday, 01 March 2023 05:47 PM
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ... නන්දසේන ඉල්ලා හිටියද එහෙම කියන්න කියලා..
nanda Wednesday, 01 March 2023 07:46 PM
අද මුළු ලෝකයම දන්නවා දිනන්න බැරි නිසා චන්දෙ නොතියන්න කටයුතු කරන එක. ලැජ්ජාවක් නැතිද මෙවන් අශීලාචාර වැඩ කරන්න
කිරිපුතා Wednesday, 01 March 2023 10:41 PM
අරගලය කියන්නෙත් ඇමරිකන් සහ ඩයස්පෝරාවේ නින්ජාවක්. දැන් තව තවත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි දික් කරනවා. මේ මොකුත් නොහිතන පක්ෂ බදාගත් අය ඒවට අත්පුඩි ගහනවා
Bamunuarachchi Thursday, 02 March 2023 07:41 AM
ඩොලර් වලින් සල්ලි එවන්න එතකොට අපි චන්දේ තියන්නම්.