IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සෙන්දිල් - සම්බන්ධන් නියෝගයෙන් පන්සල හැදීම නවති

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නියෝගයක් කර ඇතැයි විහාරාධිපති  අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති.

ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා ඒ බව ලිඛිතව  විහාරාධිපති  අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා නැගෙනහිර ආණ්ඩුකාර අමතා දුරකථනයෙන් ලබාදුන් උපදෙස් අනුව ප්‍රාදේශිය ලේකම්වරයා මෙම කටයුතු නවතාලන ලෙස ලිඛිතව දැනුම් දි තිබේ.

බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අවට ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා හා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දුරකථන ඇමතුමෙන් ලද වාචික උපදෙස් පරිදි  එළි පෙහෙලි කිරිම් හා ඉදිකිරිම් තාවකාලිකව නතර කරන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා ධනේෂ්වරන් මහතා එවා ඇති ලිඛිත නියෝගයේ දැක්වේ.

අදාල නියෝගයේ පිටපත් ආණ්ඩුකාර ලේකම් , දිසාපති, ත්‍රිකුණාමල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නිලාවේලි පොලිස් ස්ථානාධිපති, ඉලුප්පුකුලම් ග්‍රාමනිලධාරි වෙත යවා තිබේ.

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම් ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන බොරලුකන්ද රජමහ විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතාලීම සම්බන්ධයෙන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙසේ පැවසීය.

විහාරස්ථානයට අයිති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අරගෙන තියනවා.ඊට යාබද ස්ථානයේ තමයි මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ.යාබද ඉඩම අවට දෙමල පවුල් 500කට වැඩි ප්‍රමාණයක් පදිංචි වෙලා ඉන්නවා. සිංහල පවුල් දෙකයි ඉන්නේ.එහි පදිංචි දෙමල ජනතාව නිරන්තරයෙන් මම මුණගැසි මෙහි විහාරස්ථානයක් ඉදි කිරිම සම්බන්ධයෙන් විරෝධය පල කරනවා.ඒ අය උද්ඝෝෂණය කරනවා වැඩ නතර වුනේ නැත්නම් පාරේ ඉද  ගන්නවා කියනවා.විරෝධතා මැද පන්සලක් හදන්න ගියාම ඒ විහාරාධිපති හිමියන්ට අගෞරවයක් වන බව ඒ ස්වාමින් වහන්සේ හමුවි මම කිව්වා.මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්.99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා යැයි පැවසීය.



අදහස් (16)

සෙන්දිල් - සම්බන්ධන් නියෝගයෙන් පන්සල හැදීම නවති

පැරකුම් Thursday, 10 August 2023 04:20 PM

පුළුවන් තරම් ඉක්මණට 13 දීලා ඉවරයක් කරලා දාමු…!

:       0       0

Kulr Thursday, 10 August 2023 04:40 PM

එක රටක්, එක නීතියක්... තියන රටක නම් ඒ රටේ ජීවත්වීමේ නිදහස තමයි කැමැති ආගමක් ඇදහීම සහ ඒ ආගමට පසුබිම සකස්කිරීම කාටත් පොදුවිය යුතුයි. නමුත් උතුරු, නැගෙනහිර පළාතේ ද්‍රවිඩයින් හැර ඔවුන්ගේ හින්දු ආගම් හැර වෙනත් කිසිම ආගමකට සහ වෙනත් පුද්ගලයෙකුට ඉඩමක් මිලදීගැනීමත් තහනම් නම් බලය බෙදීමට ප්‍රථම ඒ කැලෑ නීතිය ඉවත් කළ යුතුයි.

:       0       0

mangala Thursday, 10 August 2023 05:24 PM

රනියා ඔය සෙන්දිල්ව දැම්මේ ඔය වගේ වැඩ කරන්න තමා...

:       0       0

Hafeel Thursday, 10 August 2023 06:25 PM

එහෙම නම්, ජනගහනය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොයිල් කොච්චර තියනවයි කියලා සම්බන්ධන් සහ සෙන්දිල් තොන්ඩමන්ලා දන්නවාද? ජාතිවාදය අවුස්සන්න උතුරු, නැගනහිර ද්‍රවිඩ මන්ත්‍රීලා පදිංචි වෙලා ඉන්නේත්, ඔවුන්ගේ දරුවන් පාසල් යන්නේත් කොළඹ. පුද්ගලික ඉඩම්වල මොන දේවස්ථානයක් හෝ බලහත්කාරයෙන් ඉදි කරනවා නම් වැරැදියි. මේක පුරාවිද්‍යාවට අයිති ඉඩමක් මිස පුද්ගලික ඉඩමක් නොවේ. ඒ නිසා 13 ශක්තිමත් නොකළ යුතුයි. 13 සම්පූර්ණයෙන්ම අහෝසි කළයුතුයි...

:       0       0

Cisco Thursday, 10 August 2023 08:05 PM

ප්‍රතිචාරයක් නම් නැහැ...

:       0       0

ලුම්බිණි Friday, 11 August 2023 04:58 AM

මොකටද මේ දෙමල මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්න තැනක පන්සලක් හදල ප්‍රශ්න ඇති කරවන්නේ?

:       6       2

Bamunuarachchi Friday, 11 August 2023 03:17 PM

වතුදෙමළෙක් නේද?. මෑන් දන්නේ නැද්ද බොරළු කන්ද රජමහ විහාරය ඔතන හැදුනේ දෙමල්ලු ඔතන පැල පදියම් වෙන්න කලින් කියලා. උතුරට පත් කලේ සිංහල ආණ්ඩුකාරයෝ. රනිල් කියන කාලේ කන උන්දෑ තමයි උතුරට දෙමළෙක් ආණ්ඩුකාරයා කළේ... ටිකක් හිතපල්ලා මොවුන්ට 13 දුන්නොත් කොහොම හිටීද කියලා...

:       0       0

Bamunuarachchi Friday, 11 August 2023 03:25 PM

හලෝ දෙමල්ලු පැලපදියම් වෙන්න කලින් ඔය පන්සල හැදුනේ. අහන්නකෝ ඇයි නාගදීපේ පන්සලක්‌ තිබෙන්නේ කියලා. මේක සිංහල බෞද්ධ රටක්... මේ රටේ උතුරේ පන්සල් හැදුනේ දෙමල්ලු, හම්බයෝ, ක්‍රිස්තියානි ආගම එන්න කලින්... මේ රටේ සිංහලයාගේ භුක්තිය පෙන්වන්න තිබෙන එකම සාධකය පන්සල්...

:       0       0

නිහාල්...Friday, 11 August 2023 03:56 PM

මේක රජමහා විහාරයක්. රජමහා විහාරයක් කියන එකේ තේරුම ආදි කාලයේ විසූ රජ කෙනෙක් ගොඩ නගා භික්ශූන් වහන්සේලා ට පූජා කරපු කියන එකයි.ඒ කාලෙ ඔය ප්‍රදේශයේ බෞද්ධයන් සිටි නිසායි එහෙම වෙලා තියෙම්නෙ. දෙමල හින්දු මිනිස්සු පසුව සංක්‍රමණය වුනාම පන්සල ගලවා ඉවත් කරන්න කියලද ඔයා කියන්නෙ. මීගමුවෙ කතෝලික මිනිස්සු අඟුරුකාරමුල්ලෙ පන්සල වහන්න කියනවද. නුගේගොඩ අනුලා විද්‍යාලය අයිනෙ තියන කෝවිල අයින්කරන්න කියල ඒ පැත්තෙ බහුතරයක් බෞද්ධයන් කියල නෑ. කිරුලපන මායිමේ තියන වැල්ලවත්තේ කෝවිල් ඉවත් කරන්න බෞද්ධයන් තර්ජනය කරන්නෙ නෑ. ඒ ඒ මිනිස්සු අන්තවාදීන් නොවන නිසා. මෙතන තියෙන්නෙ ද්‍රවිඩ දේශපාලන අන්තවාදය . අනාගත සිහින ඊලම් ර්‍ රාජ්‍යය ස්ථාවර කරන්න කරන තක්කඩි කම. ඔයා කැපිල පේන්න පෝස්ට් දාන්න ඉස්සෙල්ල යථාර්ථය අවබෝධ කරගන්න.

:       0       6

rattu Friday, 11 August 2023 08:27 AM

නිකමගේ පත්කළ සෙන්තිල් දැන්මම පන්සල්වලට ගහන්න පටන්ගෙන .සිංහලයාගේ පන්සල්වලත් දේවාල තියනවා .මුන්ට හෙන හතම ගහපන්

:       0       6

චන්දන Friday, 11 August 2023 08:38 AM

දැන් මෙයාලට ඔ්න විදියටද ඔක්කොම වෙන්නෙ. තත්වය ඒක නම් දකුනේ තියෙන කෝවිල් ගැනත් තීරණයක් ගන්න වේවි. ආගමික සංහිඳියාව කියල කෝවිල් ප්‍රවර්ධනයටත් පන්සල් විනාශ කරන්නත් සූදානම් වෙන්න එපා.

:       0       4

Rohan Friday, 11 August 2023 11:12 AM

කෝ මේ සිංහලී ,,අර ලී මේ ලී ,,,ඔක්කොගෙම බොරු ජාතික ආලේ

:       0       4

කල්ප Friday, 11 August 2023 11:55 AM

මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෙ, ලංකාවෙ හමුදුරුවරු. බුදුහාමුදුරුවො ඒ උතුම් දර්ශනය දේශනාකළේ බුද්ධිමතුන්ටයි. නමුත් ලංකාවෙදි ඒක බෞද්ධ නම් සිංහල සිංහලනම් බෞද්ධ වගේ ඉතාම ග්‍රාම්‍ය, පටු තැනකට කොටුවෙලා.. බුදුදහම දෙමල ජනතාව අතරට ගෙනියන්ඩ කවුරුවත් කල්පනා කළේ නෑ. මම හිතන විදියට සිංහලයන්ටත් වඩා හොඳට ඒ දර්ශනය දෙමළ මිනිස්සු තේරුම් ගනියි. කොහොම හරි අන්තිමට සිංහල කියන්නෙ ලෝකෙ ඉතාම සුළුතරයක්. "සිංහල බෞද්ධ" කියන්නෙ ඊටත් අන්ත සුළුතරයක්. සිංහලයටවත් තාම ඒක දැනිල නෑ. කතෝලික පිරිස අතරෙ සිංහල, දෙමළ දෙපිරිසම ඉන්නව. මේක මුලින්ම අවබෝධකරගන්ඩ ඕනෙ හාමුදුරුවරු. හැබැයි බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය හරියට නොතේරෙන පිරිසක් වගෙයි ඒ අය වැඩ කරන්නෙ. ලංකාවෙ දෙමළ දේශපාලකයො දෙමළ මිනුස්සුන්ව, සිංහල දේශපාලකයො සිංහල මිනුස්සුන්ව චූන් කරනව. ලංකාවෙදි සිංහලය දිනාවි, හැබැයි ලෝකෙ ඉස්සරහ පරාදයි. ලංකාවට කොටුවෙලා "මහජාතිය" කියල හිතුවට ලෝකෙ ඇතුලෙ සිංහලය ඉතාම සුලුතරයක්. ලෝකෙ ඉස්සරහ හරිනම් රැකවරණය ඉල්ලන්ඩ වෙලාතියෙන්නෙ සිංහලයට. හැබැයි ඒක නොතෙරෙන්නෙ මේ දූපතේ කොටුවෙලා, "මහජාතිය" මානසිකත්වයෙන් ඔලුව උදුම්මවාගෙන ඉන්න එක නිසා.

:       1       5

රන්ජිත්Friday, 11 August 2023 09:17 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්...? ඔතැන තියෙන්නේ බෙදුම්වාදී දේශපාලනය... එතකොට පහුගියදා රණවිරු ස්මාරකය කඩලා දාපු එකට වගකියන්න ඕනෑ රණවිරුවන්ද?

:       0       0

රන්ජිත්Saturday, 12 August 2023 02:13 PM

මෙතන තියෙන්නේ දෙමළ බෙදුම්වාදී දේශපාලුවන්ගේ අවස්ථාවාදය. පරිපාලනයේ තමන්ට වාසිදායක පුද්ගලයින් පත් වුණාම කරන දේ. මේකට වග කියන්න ඕනෑ හාමුදුරුවන් නම් මේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට වගකියන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද?

:       0       1

කල්ප Friday, 11 August 2023 11:56 AM

අනතුර තාමත් නොපෙනෙන්නෙ, නොදැනෙන්නෙ ඒකයි. එහෙම බලද්දි සමහර ජාතික වීරයො කියල සිංහලය සළකන අයත්, සිංහලයව මෙච්චර අමාරුවක දැමීමට හේතුවක් ද කියලත් හිතෙනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 163 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 206 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 455 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 1690 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1747 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 244 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1417 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site