IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී

වසන්ත චන්ද්‍රපාල

 

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබීමත් සමඟම ඉගිණියාගල සේනානායක සමුද්‍ර‍යේ ජල මට්ටම අඩි 58.30 දක්වා ඉහළ ගොස් තිබේ.

වසර තුනක කාලයක පටන් නියමිත අයුරින් වැසි නොලැබීම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍ර‍යේ ජල මට්ටම  අඩි 34 දක්වා පහත බැස තිබු අතර දැනට ලැබෙන වැස්ස සමඟ ජල ප්‍රමාණය වැඩි වෙමින්  පවතින බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම වර්ෂාව සමඟ වැවේ ඇති මුළු ජල ධාරිතාවය අක්කර අඩි 129,350  දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් සමුද්‍රයට ජලය එකතු වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී ජල ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද සඳහන් කළේය.

ඇදහැලෙන වර්ෂාව සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වැසි ජලයෙන් වී වගා කිරිම ආරම්භ කර තිබේ.

මෙම කන්නයේ සියලුම කුඹුරු වගා කීරීමට කටයුතු යොදා ඇති බව අම්පාර ගල්ඔය වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති සි.එච්.කුමාර මහතා පැවසීය.

පවතින වැසි තත්වය සමඟ නාමල් ඔය, එක්ගල් ඔය, අම්බලන් ඔය, පල්ලන් ඔය, සහ පන්නල්ගම යන වැව් වලද ජලධාරිතාවය ඉහළ යමින් පවතින බවද ඔහු කීවේය.



අදහස් (0)

සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී

ඔබේ අදහස් එවන්න

 

 

දියත

චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 9 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 53 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


පුරය සරසන්න පෙරහැරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 107 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි
2025 පෙබරවාරි මස 10 220 0

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල


’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට
2025 පෙබරවාරි මස 10 396 0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ


අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී
2025 පෙබරවාරි මස 10 822 0

ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපො


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 876 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site