(ආනන්ද ඉ ජයකොඩි)
සන්නිවේදන කුළුණු වල සවි කොට ඇති රුපියල් ලක්ෂ ගණනක් වටිනා බැටරි මහ රෑ හොරෙන් ගලවා ගෙන ගොස් ඇති බැටරි සොරෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වීරගුල පොලීසිය අද(07) උදෑසන පැවසීය.
මීවල සන්නිවේදන කුළුණේ සවිකොට තිබූ බැටරි හතරක් සොරා ගෙන යාම පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වා ගෙන යද්දී ලද තොරතුරකට අනුව පස්යාල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේ සොරා ගෙන ගොස් තිබූ බැටරියක් සමග සැකකාර හොරා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මොහු කාලයක් කොන්ත්‍රාත් පදනම යටතේ සන්නිවේදන කුළුණු අලුත් වැඩියා කළ අයෙකු බවත්, එම කාලයේ සන්නිවේදන කුළුණු වල බැටරි තැන්පත් කොට ඇති ආරක්ෂක පෙට්ටිවලට අදාල යතුරු නමයක් සොරා ගෙන තිබූ බවත් එම යතුරු උපයෝගී කර ගෙන බැටරි සොරා ගෙන යාම් සිදු කරන බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
මොහු තවත් පුද්ගලයෙකු සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල සන්නිවේදන කුළුණු දහයක බැටරි සොරා ගෙන යාම් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවත් එම බැටරි සැගවී සිටින පුද්ගලයා විකුණා ඇති හෙයින් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය කීය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා ගම්පහ සහකාර පොලිස් අධිකාරි (2) පී ජේ අතුකෝරල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී බී ඇස් කල්‍යාණතුංග මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් සැරයන් නිශාන්ත (15427), පොලිස් කොස්තාපල් වරුන් වන යාපා(88691), නිලංක(33577), සේනාධීර (93493) හා පද්මසිරි (95364) යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සන්නිවේදන කුලුනුවල බැටරි සොරාගත් අයෙකු අල්ලයි