IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


සුනාමියෙන් ආ මාරයා තිදරු පියා බිලිගනී

(බී.ජී.චතුරංග සහ බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)

ගොයම් කපන යන්ත්‍රයක ආධාරයෙන් තම කුඹුරේ ගොයම් කපමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ බැඳ තිබූ සරම, එම යන්ත්‍රයට පැටලී යාමෙන් එම පුද්ගලයාගේ  හිස එම යන්ත්‍රය තුළට ඇදී ගොස් අද (4)   සිදුවූ අනතුරකින්  අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  ගල්නෑව  පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්නෑව මිදෙල්ලෑව, ප්‍රදේශයේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ සිසිර කුමාර විජේකෝන්  නැමැති   43 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු ගල්නෑව  පොලිස් වසමේ මිදෙල්ලෑව,  අමුණුගම,   හතරේ ඇල පාරේ පිහිටි තම කුඹුරු ඉඩමේ  ගොයම්  කපමින් සිටියදී වෙනත් අයකු ලබා දෙන ගොයම්, කොල මඩින  යන්ත්‍රය තුලට ඇතුල් කර, එය අවසානයේ  යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට යාමේදී, අව් රශ්මියට හිසේ බැඳ තිබූ සරම එම යන්ත්‍රයේ පැටලී යාම හේතුවෙන්, මෙම අනතුර  සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය .

අනතුරින් මරණකරුගේ හිස එම යන්ත්‍රය තුලට ඇදී ගොස්  වම් පස රොදය අසල ශරීරයෙන් වෙන්වී මෙම යන්ත්‍රයේ වම් පස රෝදය අසල වැටී තිබියදී  හමුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මරණය සම්බන්ධයෙන් ගල්නෑව හදිසි මරණ පරීක්ෂක  එම්. දිසානායක  මහතා විසින්  හදිසි මරණ පරීක්ෂණය සිදු කර ඇති  අතර,  පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය ගල්නෑව රෝහලට ඇතුළත් කර තිබුණි.

ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  පරීක්ෂක  එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  උප පොලිස් පරීක්ෂක  අනුරසිරි, ආධුනික පොලිස් කොස්තාපල් දිසානායක (105266),ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (2)

සුනාමියෙන් ආ මාරයා තිදරු පියා බිලිගනී

Udhuli Wednesday, 05 April 2023 12:23 PM

ඔබතුමාට නිවන්සුව පතමු.! මෙවන් අකල් මරණයකට නිවන්දක්නා තුරු නොමවෙවා.

:       0       0

සමිත හිමි කුරුණෑගල Thursday, 06 April 2023 01:26 AM

ඒ මහත්මාට කොච්වර වේදනාවක් දැනෙන්න ඇද්ද? යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරද්දී ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 45 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 84 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 1471 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2310 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1005 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට
2025 අප්‍රේල් මස 08 1675 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 727 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 594 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1041 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site