(හර්ෂණ තුෂාර සිල්වා)
සේනා දළඹුවා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු ප්‍රායෝගිකව එම කෘමියා තුරන් කළ නොහැකි යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම දළඹුවා එලෙස ව්‍යාප්ත වූ පසු ගොවීන්ට නිරන්තරයෙන් මුණ ගැසෙන කෘමියකු බවට පත්වන බවත් ඒ නිසා ගොවීන් මෙම දළඹුවා පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතු බවත් සේනා දළඹුවාගෙන් වගා ආරක්ෂා කරගැනීම කළමනාකරණය කරගැනීමට ගොවීන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන පෙන්වාදෙයි.
මෙරට බඩඉරිඟු වගාවට සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වී තිබෙන සේනා දළඹුවා උක් වගාවටද ව්‍යාප්ත වී ඇති බවත් වී ඇතුළු අනෙක් බෝගවලට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන කියයි.
ස්වභාවික පාලනයක් හෝ නිසි කළමනාකරණයක් නොමැති නම් සේනා දළඹුවා බෝගවලට සහ ගොවීන්ගේ ජන ජීවිතයට සැලකිය යුතු හානියක් කළ හැකි යැයි ද එම වැඩසටහන සඳහන් කරයි.
ඇමෙරිකානු කලාපයට ආවේණික මෙම කෘමියා මුලින්ම හඳුනා ගෙන ඇත්තේ මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවලදීය. ඒ 2016 වසරේදීය. ඉන් අනතුරුව අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලදී විශේෂයෙන්ම සහරා කාන්තාරයට දකුණු දෙසට වන්නට පිහිටි රටවලත්, ඉන් අනතුරුව යේමනයේදීත් හඳුනාගෙන ඇත. පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන්ද සේනා දළඹුවන් සොයාගෙන තිබෙන අතර ඉන් අනතුරුව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම සොයාගෙන ඇත.
සේනා දළඹුවා පිළිබඳව අවබෝධය හා අවධානය වැඩිකිරීම, මෙම කෘමියා මර්දනය කිරීමේදී අනෙක් රටවල් අනුගමනය කරන ලද ක්‍රමවේද පිළිබඳව සහ තිබෙන විකල්ප යොදා ගනිමින් සහ මූලික පියවර ගනිමින් දළඹුවා ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර ගත යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන පෙන්වා දෙයි.
සේනා දළඹුවා මර්දනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන ශ්‍රී ලංකා රජය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ගොවීන් සහ ඔවුන්ගේ ජනජීවිතය ආරක්ෂා කිරීමට සිය සංවිධානය කැප වී සිටින බවත් මෙරට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය තවදුරටත් සඳහන් කරයි.
දිස්ත්‍රික්ක රැසකට ව්‍යාප්තවී තිබෙන සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා ජනාධිපති කාර්ය සාධන බළකායක් ද ස්ථාපිත කරනු ලැබීය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සේනා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු තුරන් කළ නොහැකි