IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මෙසේ අහිමි වූ ආදායමින් රුපියල් කෝටි 50ක පමණ මුදලක් අදාළ සමාගම් වලින් දැනට අය කරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ ගැන පරීක්ෂණයක් කරගෙන යන බව ඔහු කීවේය.

මේ අතර  රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිිරිපත් කිරීම ඓතිහාසික තීන්දුවක් බවත් දශක දෙකක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් බවත් සියඹලාපිටිය මහතා  ප්‍රකාශ කළේය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිරි කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, නිදහස් ශ්‍රී ලංකාවේ මූල්‍ය  ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්  රජයක් ගත් අතිශය වැදගත් තීන්දුවක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය



අදහස් (14)

සීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලා

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 03:31 PM

කොතරම් ලොකු ජයග්‍රහණයක් සාර්ථකත්වයක් ද ලබලා තියෙන්නේ රනිල් රාජපක්ෂයි එයාගේ සැට්ම්බි රැලයි. කෝටි 1700 න් කෝටි 50 ක්ම අය කරගෙන තව ඉතිරිවෙලා තියෙන්නේ රුපියල් කෝටි 1650ක් වගේ සොච්චම් මුදලක් තමයි අයකර ගන්න. රනිල් මාරයි රටම හමාරයි...

:       5       29

NAMAL Wednesday, 22 May 2024 03:35 PM

ඒ එක්කම සිනි වංචාව වෙනකල් බලන් ඉදපු උන්වයි , මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ?

:       6       27

Don perea Wednesday, 22 May 2024 03:36 PM

රට කාලා තවත් ලොකු දෙයක් කලා වගේ කියවනවා... මුන් ලංකාවටම හොදයි

:       1       10

NAMAL Wednesday, 22 May 2024 03:38 PM

ඒ එක්කම සිනි වංචාව වෙනකල් බලන් ඉදපු උන්වයි , මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ?

:       5       19

Kazi Shajahan Wednesday, 22 May 2024 04:19 PM

මෙච්චර වංචාවල් කරපු මිනිස්සු කියනවා තවත් එයාලාට දෙන්නලු. මොලේ තියෙන කෙනෙක් මේ අයට ඡන්දෙ දෙනවද දෙයියනේ...!

:       4       25

පැරකුම්Thursday, 23 May 2024 10:12 AM

මොලේ නැති නිසානෙ අපි වහල්ලු වගේ ගිහින් එකම දේශපාලුවො ටික යලි යලිත් පත් කරගන්නෙ.

:       0       3

සිරිසේන Wednesday, 22 May 2024 05:06 PM

ස්තූතියි ඇමැතිතුමා. අපි දැනුවත් වුණා. මොනවා හරි බලලා කරන්නම්... තව ඔය වගේ වංචා තිබේනම් හංගන් ඉන්නැතුව කියන්න හොඳේ...!

:       1       20

fairoos Wednesday, 22 May 2024 05:44 PM

ඉතින් ඕවට අපිද වගකියන්න ඕනේ...?

:       1       10

Bandula Wednesday, 22 May 2024 05:52 PM

අහිමි වෙලා ගගා ඉන්න ඇමැති තුමෝ... ඒ ඇති අපිට හරි සන්තෝෂයි...

:       1       12

රොහාන් Wednesday, 22 May 2024 06:26 PM

අම්මපා ඇමැතිතුමෝ... ඔහේට පයිත්තියංද...? ඔතැන වංචාවක් නෑ ... මහජනතාවට කෙලලා තමුන්නැහැලාගේ ගජ මිතුරන්ට අස්වද්දලා... එක පාරටම ඔහොම එකක් මතක් වුනේ ඇයි..? කරනමක් ගහන්න වත් සූදානමක් තියේ යැයි...?

:       1       15

ජයනාත් Wednesday, 22 May 2024 06:55 PM

දැන් ඕක කී සැරයක් ජප කරල තියෙනව ද . කයිවාරු විතරයි . කවුරු රවටන්නද... ඡන්දෙ ලං වෙනකොට මේව ජප කරල හරියන්නේ නැහැ . හොරු අල්ලල දඬුවම් දීපල්ල .

:       0       2

පිටරටවැසියා Wednesday, 22 May 2024 08:17 PM

මෙචරකල් ගියාද සත විසිපහට ගෙනාපු සීනි ගොඩට අහිමි වුන බදු මුදල ගණනය කරන්න? ඔබතුමාට සහ ඇමැති තනතුරට යම්කිසි හරි වටිනාකමක් එන්නෙ ඉතුරු කෝටි 1650 මීළඟ මැතිවරණයට කළින් අයකරගන්න ක්‍රමවේදය රටට-ජනතාවට ප්‍රසිද්ද කලානම් තමයි.

:       0       12

nanda Thursday, 23 May 2024 06:58 AM

දුප්පත් මිනිස්සුන්ටම දෙන වඩදිපල්ලා මිනිස්සු අද ගොඩක් බඩගින්නේ

:       0       4

ප්‍රනාන්දු Thursday, 23 May 2024 12:31 PM

ඉතින් ලොක්කා ඔය සීනි වංචාව කරන කාලයේ ඔහෙත් ඒ ඇමති මණ්ඩලයේ නැත්නම් කැබිනට් එකේ සාමාජිකයක් කියලා අමතක වුනාද.ඒ වෙලාවෙ වරද දැක දැකත් සාමූහිකත්වය රැකීමට අත් ඉස්සුවා නේද එනිසා එම අසූචි ටිකක් ඔහේගෙ තට්ටෙත් ගෑවිලා තියෙනවා ඒවා හෝදලා අරින්න බැහැ ඒ අසූචි වල හෑරූ කෙනාගෙ නම කිව්වොත් නම් ටිකක් සේදිලා යාවි කියලා හිතෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1078 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 9 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 740 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site