ශ්‍රී ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සහ සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ ප්‍රවීණ සහ සම්මානනීය පුවත්පත් ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (8) අභාවප්‍රාප්ත විය.
ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට 1987 ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී නාවික සෙබලෙක් ගිනිඅවියෙන් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූපය ගැනීමට සමත් වූ එකම ඡායාරූප ශිල්පියා සේන විදානගමගේ මහතාය. එම ඡායාරූපය පසු කළක ලොව වඩාත් සුවිශේෂි ඡායාරූපයක් බවට ද පත්විය.
දියණියක සහ පුතකුගේ ආදරණීය පියා වන විදානගමගේ මහතාගේ පුතු වන නවසීලන්තයේ ප්‍රංශ පුවත්පත් සේවයේ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස සේවය කරන සංඛ විදානගමගේ මහතා විජයපුවත්පත් සමාගම ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රවත්පත් ආයතන රැසක සහ ශ්‍රී ලංකාවේදී ප්‍රංශ පුවත්පත් සේවයේ කටයුතු කළ නම් දැරූ ඡායාරූප ශිල්පියෙකි.
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඡායාරූපය ගන්නා විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කළ ඒ මහතාට එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමත් සමඟ ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් සේවයට එකතු විය.
මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වනදා උපත ලද සේන විදානගම ගලගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරීය. විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර 1979 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම මහතා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සගයින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ යුග පුරුෂයෙකි. ඔහු පසුව එම සංගමයේ භාණ්ඩාගාරික තනතුර ද දැරීය.
ජාතික ජනමාධ්‍ය මාධ්‍යරූප ශිල්පී සම්මාන උත්සවයේදී 1993 වසරේ ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, ජාතික සන්නිවේදකයින්ගේ සංගමය 1994 වසරේ සංවිධානය කළ සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨතම ප්රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය 2019 වසරේ සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ඨතම සේවාව සහ කැපවීම අගැයීමදී ජීවිතයේ එක්වරක් පමණක් පුදලබන සුවිශේෂි සම්මානයෙන් ද අගයීමට ලක්වූ විදානගමගේ මහතා වසර 26 වසරක ජනමාධ්‍ය ජීවිතයේදී සම්මාන සහ ඇගයීම් රැසකින් අගයීමට ලක්විය.
ඒ මහතාගේ දේහය රාගම, ඇලපිටිවල, හෙට්ටියාවත්ත, නිදහස් මාවත, අංක 57/21 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු වැලිසර පොදු සුසාන භූමියේදී හෙට (9) පස්වරු 6.00 ට සිදුකෙරේ.
සටහන: යොහාන් භාසුර
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේන විදානගම දිවිසැරියට සමුදෙයි
kamal Wednesday, 08 June 2022 01:36 PM
නිවහල් සමාජයක මූලික පදනම වූ නිවහල් පුවත්පතට ඔබ කළ සේවය සදා අමරණීයයි. ඔබතුමා ජාතියට ණය නැති මිනිසුන් සුළු දෙනෙකුගෙන් ඉහළම අයෙකි. ඔබතුමාට නිවන් සැප ලැබේවා.