IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සඳහිරු සෑයේ තැන්පත් කරන්න රත්‍රං ඉල්ලුවේ නාවික හමුදාවයි

(දසුන් රාජපක්ෂ)

අනුරාධපුරය සඳහිරු සෑයේ  තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා  එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රේගුවෙන් රත්‍රං ඉල්ලුවේ නැති බව එවකට හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (23) සඳහන් කළේය.රත්‍රං ලබා දෙන ලෙස ඉල්ලීම කළේ නාවික හමුදාවෙන් බව ජගත් විජේවීර මහතා කියා සිටියේය.

නාවික හමුදාව විසින් එම ඉල්ලීම කරන ලද්දේ, නීත්‍යානුකූලව බව ද ඒ මහතා පැවැසීය.

සඳහිරු සෑය සෑදීමට නීතිවිරෝධීව රත්‍රං නාවික හමුදාව වෙත ලබා දී  ඇති බව පවසා නඩු පවරා රිමාන්ඩ් භාරයට පත්කිරීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව  සඳහන්කළ ජගත් විජේවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ ඒ මහතා  එලෙස සඳහන් කළේය.

මෙම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම පැමිණිල්ල විභාගයට ගැනීම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.



අදහස් (8)

සඳහිරු සෑයේ තැන්පත් කරන්න රත්‍රං ඉල්ලුවේ නාවික හමුදාවයි

Buddika Wednesday, 23 September 2020 01:46 PM

මේකේ වැරැද්ද අනුරාධපුරයේදී මෙවැනි සෑයක් තනන්න තීරණය කළ දේශපාලකයාගේ.. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම යොදාගන්න නිහීනයෝ... අටමස්ථානය ඇතුළු උතුම් පූජනීය ස්ථාන පිරුණු අනුරාධපුරේ අලුතින් මොනවා ඉදිකළත් ඒ තැන්වලට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව යොදවාගන්නේ නැහැ.

:       11       19

Saman Wednesday, 23 September 2020 01:59 PM

කාටවත් ඕනෑවට වඩා දඟලන්න දෙන්න හොඳ නැහැ. රටේ සම්පත් කොන්ක්‍රීට් ගොඩවල් වලට යටකරනවා. කොච්චර අපරාධයක්ද?

:       11       13

De Wednesday, 23 September 2020 02:07 PM

කාට කොහොම වුණත් මල් පිපේවා සැමදා.

:       1       5

kalaguna Wednesday, 23 September 2020 05:54 PM

මටනම් මෙය සද්ගුණවත් ක්‍රියාවක්. මෙවැනි දෙයකට රත්තරන් කොහෙන් දුන්නත් මොකද වෙන්නේ.

:       0       0

විජිත් Wednesday, 23 September 2020 07:42 PM

ඔයගොල්ලෝ සමහරවිට අහලා නැති එ්ත් ඇත්ත කතන්දර ගොඩක් මේ සඳහිරු සෑය පිටුපස සැඟවිලා සද්ද නැතිව, දන්නේ නැතිව එහෙමත් නැතිනම් ලැජ්ජාවෙන් වගේ උඩ බලාගෙන ඉන්නවා. ඒ වුණාට ඒ කතන්දර සොබාදහමට සඟවන්නට බැහැ. කොටින් සමග කළ යුද්ධයෙන් පසුව අපේ මෝඩයින්ට ඕනෑ වුණා ලංකාවේ ලොකුම ස්තූපය හදන්න. අපේ අය ලෝකයේ ලොකුම වැඩනේ කරන්න හදන්නේ. "රුවන්මැලි සෑය" ටත් වඩා විශාල ස්ථූපයක් හදන්න ගත්තා. අපි ඉහළින්ම හිස්මුදුනේ තබා පුදන විද්‍යාවට තවමත් හසුකරගත නොහැකිවූ අබිරහස් රැසක් අප වටා තිබෙන බව අකමැති වුණත් අපට පිළිගන්න වෙනවා. මම අහලා තියෙනවා රුවන්මැලි සෑයට වඩා විශාල ස්ථුපයක් අපේ රටේ සාදන්න බැරි " කතාවක්. හේතුව මම දන්නේ නැහැ. ඒ නිසාද දන්නේ නැහැ ... අන්තිමේදී ප්‍රශ්න ගොඩක් මතුවුණා. මහ රැයක මෙහි අත්තිවාරම කපන විටදී විශාල ඇතෙක් කැලයෙන් පැමිණ කළ කලබලය අවසන් වුනේ ඒ ඇතා හමුදාවෙන් වෙඩිකා මියයාමෙනුයි. එයින් පසු දිගටම ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා.

:       0       0

Lankapriya Thursday, 24 September 2020 03:44 AM

අටමස්ථාන එක රජෙක් එක කලෙක කල දේ නෙවෙයි. බුද්ධික මහත්තයා ;ඔබතුමා කියන විදිහට පස්සෙ ආ රජවරු මොකුත් නොකලා නම් අද අටමස්ථාන කියලා කියන්න වෙන්නෙ නෑ. හැමදාම පුරාවස්තු වලට සීමා වෙලා අලුත් නිර්මාන නොකර ඉඳීම හොඳ වෙන්නෙ කොහොමද ?

:       2       6

ranaThursday, 24 September 2020 06:45 AM

එදා රටේ සංවර්ධනයට අනුකූලව විශාල දෑ ඉදිකළා. අද කන්න හාල් ටික නැත. බඩගිනි මනුස්සයාට මොනවාද?

:       1       4

prabha Thursday, 24 September 2020 01:57 PM

තුන්වේල කන්න නැතිව ඉන්න මිනිස්සු ඉන්න රටක රත්තරන් නිධන් කරන එක අනුමත කරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 556 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1874 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1474 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1433 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 926 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 719 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25634 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site