IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ස්පුට්නික් එක් මාත්‍රාවක් දෙන්නේ විශේෂඥ කමිටුවක උපදෙස් මතයි

(ඩයනා උදයංගනී)

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන අයට එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂඥ කමිටුවක උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මහජන සෞඛ්‍ය 1) වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතාගේ සභාපතීත්වයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී, වෛද්‍ය නාලිකා ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් එම විශේෂඥ කමිටුව මෙම තීන්දුව ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ මොහොතේ දී එම එන්නතේ එක මාත්‍රාවක් වුවත් ප්‍රමාණවත් බව ඔවුන් තීරණය කළ බව ද ඇමතිවරයා කියයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදීමේ දී එන්නත ලබාගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අත්සන් පත්‍රයට ‘එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුව ලබාගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 

 



අදහස් (9)

ස්පුට්නික් එක් මාත්‍රාවක් දෙන්නේ විශේෂඥ කමිටුවක උපදෙස් මතයි

මෝ Tuesday, 01 June 2021 11:08 AM

ඔය මණ්ඩලයේ ඉන්න දොස්තරලාට විරුද්ධව නඩු දැමිය යුතුයි. මේ මාධ්‍ය ප්‍රකාශක බොරු කියන්නෙක්. රුසියාවේ ඔය, එන්නත නිපදවපු මහාචාර්ය වරයා කියනවා දෙවෙනි එන්නත මාස 3ක් ඇතුලත දෙන්න ඕනේ කියලා. ඒ වගේම ලංකාවේ වෛද්‍ය අංශ ප්‍රධානියා කිව්වා දෙවෙනි එන්නත වෙනම එකක් කියලා. ඒ වගේම අර ලිපි ගැන දන්නේ නෑ කියලා. ඉතාම නින්දිත ලෙස මරණ බියෙන් ඉන්න ජනතාවගෙන් අත්සන් අරගෙන එන්නතින් භාගයක් දීලා අපි මෙච්චර එන්නත් කලා කියලා ගාන පෙන්වන්න යන හැටි. මේ දක්ව‍ා තනි මාත්‍රාව දෙන එකම එන්නත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත පමණයි. මේ නූගතුන්ට තේරෙන්නේ නෑ එන්නත් කරන්නේ රෝගය වැළැක්වීමට මිස ගණන් හිලව් පෙන්වීමට පමණක් නොවන වග. භාග එන්නත් මගින් වන එකම දේ රෝගය වඩා සීඝ්‍රයෙන් පැතිර යාමයි. මක්නිසාද එන්නත් ලබාගත් ජනතාව දැන් සියල්ල හරියි කියා සැහැල්ලුවෙන් සෞඛ්‍ය නීති කඩ කිරීමයි. ලංකාවේ ඔය දොස්තරලා සෙට් එක ගියේ මොන ඉස්කෝලෙටද?

:       1       48

amareTuesday, 01 June 2021 11:44 AM

ඔය රැවුලා කියන දේවල් පිළිගන්න එපා. ඔබේ ගෙදර පිළිකන්නේ පයිප්ප බටයක්වත් තියන්න එපා. මිනිහට පේන්න බැහැ. උස්සනවා. නඩු බර ගාණක් තියෙනවා. හරි නම් ඉන්න ඕනෑ හිරේ.

:       2       24

aselaTuesday, 01 June 2021 01:30 PM

ඇමැතිතුමා කියන කතාව හරි... දැන් ස්පුට්නික් මාත්‍රා එකක් පමණයි දෙන්නේ.. එය ස්පුට්නික් ලයිට් නැමැති නාමයෙන් හඳුන්වනවා.. මෙයින් සියයට 80ක රැකවරණයක් ලැබෙනවා ස්පුට්නික් පළවෙනි මාත්‍රාව හා ස්පුට්නික් ලයිට් අතර කිසිම වෙනසක් නැත. එමනිසා එම කමිටුව අරගෙන ඇති තීරණය 100%ක් හරි.

:       19       3

මෝTuesday, 01 June 2021 10:40 PM

චන්න ජයසුමන තමයි ඔය කතාව කිව්වේ. ඒ එන්නත හදපු මිනිස්සුවත්, කම්පැනියවත් නෙවෙයි. හැම කම්පැනියක්ම තනි මාත්‍රාව ගැන පරීක්ෂණ කරනවා. ඒත් ෆයිසර් කොම්පැනියේ ලොක්කා කිව්වා අවුරුද්දකට පස්සේ 3 වෙනි එන්නතකුත් ඕනෑ වෙනවා කියලා. සමහරවිට මේ එන්නත් දිගටම ගන්න වෙන්නත් පුලුවන්. අන්තර්ජාලයට ගොස් මේ එන්නත් ගැන කියවා බලා ඇත්ත දැනගන්න. අපේ දොස්තරලා කටට ආ පලියට දේශපාලකයෙක් කිව්ව පලියට බොරු කියනවා. වෛද්‍ය වෘත්තියටත් ගිය, කලක්. අපේ රටේ අහිංසක මිනිස්සු.

:       0       0

chathurika Tuesday, 01 June 2021 11:41 AM

අපෝ අපිට නම් මොන ජාතියකවත් එන්නත් එපා. ලෝකයේ ඉන්න ලොකුම වෛද්‍ය විශේෂඥයවත් දන්නේ නැහැ තව අවුරුදු කිහිපයකින් ඔය ඉන්ජෙක්ෂන් ගහපු අයට මොකද වෙන්නේ කියලා. අපේ කොත්තමල්ලි, වෙනිවැල් අපිට හොඳයි...

:       10       10

අතුල Tuesday, 01 June 2021 12:13 PM

කරුණාකරලා හෙලිදරව් කරන්න ඔය කියන "විශේෂඥ කමිටුවේ" සාමාජිකයින් කවුද කියලා. අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශ්‍රමය වැය කරලා ස්පුට්නික් V හදපු විශේෂඥ කියනවා දෙවැනි මාත්‍රාව සති 3-4 කින් දිය යුතුයි කියලා. ඒත් අපේ 10 වසරට වත් උගත්කමක් නොමැති ඇමැතිවරු කියනවා.. "එකක් ඇති" කියලා.. ඔවුන් නම් දෙවැනි එක මේ වෙනකොටත් ගහගෙන ඇති...

:       0       19

siri Tuesday, 01 June 2021 12:44 PM

අපි දන්නේ නැද්ද ඔය විශේෂඥ කමිටුවලට පත් කරන්නේ කියන කියන දේට එහෙයි කියන විශේෂඥයින්නේ... ආණ්ඩුවට දිය රෙදි නැතුව ඉහින් කටින් නාන්න වෙලා තියෙන්නේ හැමදේටම කොමිටි පත්කරන්නයි, ගැසට් ගහන්නයි යන නිසානේ මහත්තයෝ. අර " වැඩ කරන අපේ විරුවා" සින්දුවේ වචන දැන් මතක නැද්ද?

:       1       13

fairoos Tuesday, 01 June 2021 01:26 PM

මේ කමිටුවේත් ඉන්නේ අර මුස්ලිම් මෘත ශරීරවලින් ගොඩ ගිය අයමද? එහෙනම් සර් තවපාරක් අසමත් වෙන්නයි යන්නේ...

:       1       10

Perera Tuesday, 01 June 2021 06:47 PM

එක මාත්‍රාව භාගෙ භාගෙ දෙපාරකට දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 503 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 800 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1912 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2679 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 578 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 464 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site