(නිමල් ජයරත්න)
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි,
මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරු සිසුන් හය දෙනෙකු සහ ඔවුන්ගේ මව්පියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ මව්පියන් දරුවන් විනාශ කරන ලද පොදු දේපොළ 12 වැනිදාට පෙර නැවත තිබූ පරිදිම සකස්කර දීමට පොරොන්දු වූ බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් කඩා දේපල රැසක් විනාශ කිරිම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ,
අනතුරුව අදාල සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන් විනාශ කර දැමූ සියලු පොදු දේපල තිබූ පරිදිම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් ලබාදී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපල විනාශ කිරීම යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසිය මව්පියන්ට දන්වා තිබේ,
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති
prasanna Sunday, 11 June 2023 08:27 AM
ඒක හොඳ වැඩක්, ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම හොඳ නරක කියාදෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්... ළමුන් නොමග යන්නේ දෙමව්පිය වරදින් මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි.
ranjith Sunday, 11 June 2023 08:39 AM
මේ තක්කඩියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. විනයක් නැති පිරිසක් නිසා පාසල් විනාශ වෙමින් පවතිනවා.
චන්දිම ෆොන්සේකා Sunday, 11 June 2023 09:05 AM
මේක නිකම්ම වන්දි ගෙවලා අමතක කරලා දාන්න ඕනෑ සිද්ධියක් නොවෙයි. මේ ළමයින් හය දෙනා විභාගයෙන් පසුව මේ වගේ උමතු විකාර තත්වයට පත්ව කටයුතු කළේ ඇයි කියා පළපුරුදු මනෝ චිකිත්සකයින් කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර හේතුව කෙසේ හෝ සොයාගත යුතුයි. හිතාගන්නවත් බැහැ. පුටු කඩලා, ලයිට් කුඩු කරලා, ෆෑන්වල තටු පවා අඹරලා. හරියට හොරර් ෆිල්ම් එකක වගේ. මේ තත්වය අනිත් ළමයින්ටත් පුරුදු වුනොත් ඉදිරියේදී සුව කල නොහැකි විශාල සමාජ ව්‍යවසනයක් ඇතිකරාවි.
ලසන්ත Sunday, 11 June 2023 06:51 PM
මෙම අදහස ඉතාමත් නිවැරදියි. ඔවුන් නොපමාව මානසික උපදෙස් සඳහා යොමුකළ යුතුමයි.. මේ ළමුන්ගේ කේන්ද්‍රයේ චිත්ත කාරක චන්ද්‍රයා ඉතාමත් දුර්වල ඇති. එහෙම නැත්නම් පවුලේ පවතින සමාජ ද්‍රෝහි තත්වයක් තියෙනවා වෙන්න පුළුවන්... එහෙමත් නැත්නම් ඔවුන් අන්තරේ අනුගමනය කරනවද කියලා සොයා බලන්න...
Eranga Sunday, 11 June 2023 09:13 AM
අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. දිඹුලාගල කියන්නේ අන්ත දුෂ්කර ජීවන තත්වයක් තියෙන ප්‍රදේශයක්. එහෙම තියෙද්දීත් ළමයි මේ වගේ හැසිරෙනවා නම් එහි වගකීම දෙමාපියන් බාරගත යුතුයි.
Bamunuarachchi Sunday, 11 June 2023 10:09 AM
තමන් ඉගෙනගන්න හෝ ඉගෙනගත්ත පාසලේ දේපල විනාශ කරපු මේ වගේ පාදඩයින්ටද රටේ අනාගතේ බාර දෙන්න කියන්නේ? මොවුන් තමයි අන්තරේට එකතු වෙන්නේ. කාලකන්නි...
Amal Sunday, 11 June 2023 10:46 AM
ගුරුවරු ජවිපෙට ගියා, පාසල් බල්ලට ගියා, විශ්ව විද්‍යාල වල ජවිපෙ කරන ප්‍රචණ්ඩ ක්‍රියා පාසල් වලට ආවා...
ලුම්බිණි Sunday, 11 June 2023 11:04 AM
මේ ළමයින්ට කුමක් හෝ දඬුවමක් දිය යුතුයි.
ජනක පරනමාන Sunday, 11 June 2023 11:15 AM
මගේ මතය මේවාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ පොඩි දරුවන් නොවන අතර, සමාවක් දිය හැකි වරදක්ද නෙමෙයි. දෙමවුපියන්ද මෙවැනි පාදඩ ක්‍රියාවන්ට පළි නැහැ... පව් ඒ මිනිසුන්...
City Sunday, 11 June 2023 12:44 PM
පාසල් අස්වීමේ සහතිකය දී දඬුවම් දිය යුතුයි...
Perera Sunday, 11 June 2023 01:07 PM
එතකොට අර පාර්ලිමේන්තුව ඇතුලේ කරපු මහජන දේපළ අලාභ හානිවලට වන්දි අයකර ගත්තද කඩපු අයගෙන්...?
විජිත් Sunday, 11 June 2023 02:04 PM
ඔබ හරි ....!!! ඒත් ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුව කඩලා බිඳලා විනාශ කරපු අසමජ්ජාති, අසික්කිත, නූගත් හොරු කරපු විනාශයට වන්දියක් ගන්න අයව උසාවි ගෙනියන්න කතා නායකයා බයයි. ගුටිකන්න වෙයි කියලා. එතකොට ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වන්දියක් ගන්න බැලුවත්.. ඔවුන්ට දෙමව්පියන් නැහැ. ඔවුන් ඔක්කොම අවජාතකයින්...
N. H. Hettiarachchi Monday, 12 June 2023 05:48 AM
හැමකෙනාම කරන මේ වගේ සමාජ විරෝධී වැඩ පාර්ලිමේන්තුව පෙන්නලා සාධාරණීකරණය කරන්න එපා. වැරැදි හැසිරීම නිවැරැදි කරන ක්‍රමයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම මේ වයස්වල අය අනිවාර්යයෙන්ම නිවැරැදි කළ යුතුයි. නැතිනම් විනයත් නැති සමාජ විරෝධී අනාගත තරුණ පරපුරක් බිහිකිරීමට වැඩිහිටි අපි දායක වුණා වෙනවා....
චාන්දනී ෆ්‍රැන්සිස්කෝ Monday, 12 June 2023 06:29 AM
රටේ උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ ජනතාව විසින් පාලනය සඳහා සුදුසුයි කියලා වැඩිම මනාපය ඇතුව යැවූ ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේ එලෙසම විනාශයක් කළත් කරපු අයට කිසිම දඬුවමක් නැහැ... සිදුවන්නට ඇති පාඩු හා හානි ජනතා මුදලින් පියවාගත්තා.. එහෙම කරපු අයට කිසිම ප්‍රශ්නයක් නැහැ.. දරුවො වගේම දෙමාපියන් ඒවා දකිනවා... එහෙනම් මෙහිදී දරුවන්ට හෝ දෙමාපියන්ට දඬුවම් දෙන්නේ ඇයි? දරුවෝ කරන්න ඇත්තේ ඔවුන් දැකලා ආදර්ශයට ගත්තු දේවල්. ඒ වගේම අමල් මහතා කියන කාරණයත් සියයට හතළිහක් පමණ මේවාට බලපානවා කියලා කියන්නම පුළුවන්...!
JalalalMonday, 12 June 2023 08:26 AM
මේ තව කාලකන්නි කතාවක්.. මොකක් හරි වැරැද්දක් ගැන කතා කළාම වෙන මොකක් හරි දෙයක් ගැන කතා කරලා ඒක යටගහන්න හදනවා.. ඒකත් වැරදියි, මේකත් වැරදියි... ඒක වැරදියි කියලා මේකට දඬුවම් නොකර ඉන්නද කියන්නේ...?
සසංක Sunday, 11 June 2023 01:49 PM
මොවුන්ට ළමයි කියන්න එපා... ඒක ළමයින්ට කරන අගෞරවයක්... අවජාතක හැතිකරේ... මොවුන්ට උගන්නන්න නෙවෙයි තියෙන්නේ, පස්සට පයින් ගහලා එලවන්න ස්කෝලෙන්... චණ්ඩි වෙන්ඩ හදන අසමත්ජාති සුනඛයින්... තුහ් විතරක් ..
de silva berlin Sunday, 11 June 2023 02:36 PM
මුදල් ගෙවලා පමණක් බේරෙන්න බැහැ... දඬුවමකුත් අවශ්‍ය වෙනවා. මේ සිසුන් ප්‍රාදේශීය සභාවකට අනුයුක්ත කර සතියක් කසල ශෝධකයන් ලෙස රාජකාරියේ යෙදවූවා නම් ඉතා වටිනවා. දියුණු රටවල දඬුවම් ගැටවර වියේ තරුණ තරුණයන්ට ලබාදෙනවා.
රූපිකා Monday, 12 June 2023 10:21 AM
ඉතාමත් කාලෝචිත අදහසක් තමයි සිල්වා මහතා ඉදිරිපත් කර තියෙන්නේ... සාමාන්‍යයෙන් එක් එක් අයවලුන් කරන රැකියා පෙන්වා දිරිගැන්වීම කළොත් දරුවෝ හොඳින්ම ඉගෙනුම ලබාගනීවි. සිල්වා මහතා කියන ආකාරයට ප්‍රායෝගික අත්දැකීම් කුඩාකාලයේ සිට උස් පහත් භේදයකින් තොරව ක්‍රියාත්මක කළොත් රට හදන්න බැහැ කියලා කාටවත් කියන්න බැහැ. ඔක්කෝටම එහෙම කරන්න බැරි නම් මෙවැනි වැරැදි කරන අයට ප්‍රසිද්ධියේ මාර්ග පිරිසිදු කිරීම වැනි දඬුවම් දුන්නොත් මිනිහා හදා රට හදන්න පුළුවන් වෙනවා...