(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
“අනේ පොලිස් අංකල් මගේ ඇඩ්මිෂන් එක ගෙදර දාලා ඇවිල්ලා. මට උදව් කරන්න අංකල්.” යැයි මහත් අසරණව පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ හඬා වැටෙන්නට වූ සිසුවියකට වහා ඉදිරිපත්ව උපකාර කිරීමට මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් අද (6) උදෑසන ඉදිරිපත් විය.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබූ මොරගහහේන ගෝනපොළ පලන්නොරුව මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාව බාරව මොරගහහේන පොලිසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් (41013) ඒ. කුලරත්න මහතා අද (6) පෙරවරුවේ රාජකාරියේ නිරතව සිටියේය.
එම නිලධාරියා ඉදිරිපිටට දිව ආ සිසුවියක ඔහුට යමක් කීමට උත්සාහ දරමින් ඉකි ගසමින් හඬා වැටෙන්නට වූ අතර එය දුටු නිලධාරියා සිසුවිය අස්වසමින් “කියන්න දුව, කියන්න දුව ඇයි ඔයා අඬන්නේ? මොකක්ද ප්රශ්නය ඔයාට?”
“අනේ අංකල් අද ගණන් පේපර් එක තියෙන්නේ. මට ඇඩ්මිෂන් එක (විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය) ගේන්න අමතක වුණා. තව විනාඩි කීපයකින් විභාගය පටන් ගන්නවා අංකල්. මට උදව් කරන්න අංකල්” යැයි ඇය හඬා වැටෙන්නට වූවාය.
සිසුවියගේ ඒ දුක්බර වදන් පෙළ සමගම නිරායාසයෙන්ම තම අත්ඔරලෝසුව දෙසට නෙත යොමු කළ පොලිස් නිලධාරියාට ඒ වන විට වෙලාව හරියටම පෙරවරු 8 පසු වී විනාඩි 22ක් බවත් විභාගය ආරම්භ කිරීමට තව හරියටම ඇත්තේ විනාඩි 8ක පමණ ඉතාම සුළු කාලයක් බවත් අවබෝධ විය.
විනාඩියත් වටින බව මනාව තේරුම් ගෙන සැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා පාසල් ආරක්ෂා පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් නිල ජීප් රථයෙන් පැමිණ සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා හමුවට දිවගොස් සිසුවියට සිදුව තිබූ අකරතැබ්බය වහා දැනුවත් කිරීමට පියවර ගත්තේය.
එය ඇසූ සැනින් ඇයට පිහිට වීමට ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගෙන් දෙවරක් නොවිමසා අවසර ලබාදීම හේතුවෙන් සිසුවිය සිය පොලිස් යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් හතරක් පමණ දුරින් වූ ඇයගේ නිවෙස පිහිටි වත්තේකඩේ නාගස් හන්දිය ප්‍රදේශය කරා ක්ෂණිකව යතුරුපැදිය පදින්නට විය.
එසැනින් වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ශාලාධිපති හමුවට ගොස් සිසුවියට සිදුවූ සිද්ධිය පවසා ඇය කැටිව පොලිස් නිලධාරියකු යතුරුපැදියෙන් නිවෙසට ගොස් ඇයගේ විභාග අපේක්ෂක ප්‍රවේශ පත්‍රය රැගෙන ඒමට ක්ෂණිකව කටයුතු කරන බව දැනුම් දීමට පියවර ගත්තේය.
සිසුවියගේ අවශ්‍යතාව සහ මානසික තත්ත්වය නිසි අයුරින් තේරුම් ගත් පොලිස් සැරයන් කුලරත්න නිලධාරියා සිසුවිය රැගත් සිය යතුරුපැදිය විභාග ශාලාව ආසන්නයටම පදවාගෙන පැමිණ ඇයට විභාගය වෙත කිසිදු බාධාවකින් තොරව මුහුණදීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත්තේය.
විනාඩි කිහිපයක කාලයක් තුළ දී සිදු වූ මේ උතුම් කර්තව්‍යය පිළිබඳ අවධානය යොමු කර සිටි සිසු දරු දැරියන් විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන විද්‍යාලය ඉදිරිපිටට පැමිණි මවුපියෝ පොලිස් නිලධාරියාට පැසසුම් කළ අතර ඊට අවශ්‍ය අවසරය ලබා දුන් ස්ථානාධිපතිවරයාට ද සිය ස්තූතිය පළ කළහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාපෙළ සිසුවියගේ පිහිටට ආ පොලිස් දෙවියා
Gaston Tuesday, 06 June 2023 11:49 PM
ශ්‍රේශ්ඨ නිලදාරියෙක්
Gamini Wednesday, 07 June 2023 12:20 AM
ඉතා හොඳ සත්ක්රියාවක්
Ruhunu Wednesday, 07 June 2023 02:58 AM
ඔබ සැමට මල්මිටක්
Thilak Wednesday, 07 June 2023 06:23 AM
ඔබතුමන්ලා වැනි නිලධාරීන් විශාල වශයෙන් අපේ මව්බිමට අවශ්‍ය කාලයක් මේ... ඉතා අගේ කළයුතු කාර්යයක්... දිගුකල් වැජඹේවා...!
R A S L SENADHEERA Wednesday, 07 June 2023 06:36 AM
අගය කළ යුතු වටිනා දෙයක්... පොලිස් නිලධාරීන් හට මල්මිටක්...!!!
Amaray Wednesday, 07 June 2023 06:36 AM
පොලිස් නිලධාරිතුමනි, ඔබතුමා මේ දැරියට රාජකාරියටත් ඉහළින් කළ උතුම් උපකාරය මා ඉතාම ඉහළින් අගය කරනවා. මේ දිනවල මේ ගම්වල දරුවන් අධ්‍යාපනය ලබාගෙන අනාගතය සාර්තක කරගන්නට කරන සටන් නිසා ඇයහේ හැඳුනුම් පත්‍රය අමතක වෙන්නට ඇති. මේ දරුවත් වාසනාවන්ත දරුවෙක් ඔබතුමා හමුවීම.
තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ Wednesday, 07 June 2023 06:58 AM
මෙවැනි ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීන් මනුස්සකම පිරිහී ගිය රටට ආදර්ශයක්... කුලරත්න මහතාටත්, තුසිත මහතාටත් අපගේ ප්‍රණාමය...!
Mahilal Wednesday, 07 June 2023 07:03 AM
ගරු කරන්න සර්. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය නංවාලීමට ඔබ විශාල කාර්යයක් ඉටු කර ඇත.
රන්ජිත් බෝගොඩ Wednesday, 07 June 2023 07:17 AM
ආදර්ශමත් පොලිස් නිලධාරීන් අගය කල යුතු
Dilshan Wednesday, 07 June 2023 08:09 AM
හොඳ වැඩක්, ගොඩක් අගය කරනවා.
Nayan Wednesday, 07 June 2023 09:10 AM
හෙල්මට් දාගෙන නැත්තේ ඔලුව හුඟක් හයිය ඇති ..
සෙනවිWednesday, 07 June 2023 11:57 AM
හෙල්මට් එකනේ තියෙන්නේ. වාහනය නතරකර බව නොපෙනෙන අන්ධයෙක්. නයනාගේ නයන අන්ධ වෙලා. නියම නම.!
jayasekara Wednesday, 07 June 2023 09:16 AM
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි .ජාතියේ සහ ලාංකිකත්වයේ අගය කුහක නොවී ප්‍රසංශා කරමු .නිලධාරී මහත්මයානන් සියලු දෙනාටම තුති
Samitha S. Aluthgamage Wednesday, 07 June 2023 09:34 AM
මේ පොලිස් නිලධාරී මහත්වරුන් හට අනේක වාරයක් ස්තූතියි.පොලිස් සේවය කීර්තිමත් සේවයක් ලෙස රටට වැඩදායී අයුරෙන් යෙදවීමට ප්‍රධානම බාධකය වනුයේ දේශපාලකයන් බව පෙනේ.දේශපාලකයාගේ වැරදි නිසා පිරිහෙන පොලිස් සේවය හා නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.
Senjee Wednesday, 07 June 2023 09:36 AM
වටිනා මිනිස්සු. මිහිපිට දෙවිවරු
thushara Wednesday, 07 June 2023 09:49 AM
ඇඩ්මිශන් එක පළවෙනි දවසේම විභාග ශාලාවෙන් එකතු කරගන්නවා නේද? දවස ගානේ ගෙදරින් ගේන්නේ නෑනේ...!
සචින්තාWednesday, 07 June 2023 11:31 AM
මේ අදහස ඉතාමත් නිවැරැදියි. මටත් ඔහොම වෙලා තියෙනවා. ඒත් ඉතින් අපි නම් සාමාන්‍ය පෙළ පමණක් නොවෙයි, උසස් පෙළ විභාගයට ගියෙත් බෝඩිමක නැවතිලා මොකද 1977ට පෙර මෙහෙම පහසුකම් තිබුනේ නැහැ. ඉතින් මමත් විභාග ශාලාවට ගොස් නැවතත් බෝඩිමට ඇවිත් බලා තියෙනවා. පස්සේ තමයි ඒක විභාග ශාලාවට ගත්තා කියලා මතක් වුණේ ඇත්තටම ඒක මේ මහත්වරු දෙන්නටත් අමතක වෙලා වගෙයි නේද?
kapila fonseka Wednesday, 07 June 2023 09:52 AM
කුණුගොඩවල්වලට ටක් ගාලා ප්‍රතිචාර දක්වනවා... මේ වගේ උතුම් ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වන්න බැරි ඔබලාට හෙණගහලද?
Bunny Preena Wednesday, 07 June 2023 10:15 AM
පොලිස් නිලදරුවන්ගේ උතුම් ක්‍රියාව බොහොම ඉහලින්ම අගය කල යුතුයි
HARSHA Wednesday, 07 June 2023 10:47 AM
වැඩේ හොඳයි .කලින් ප්ලෑන් කරලද මන්දා
JayasekaraWednesday, 07 June 2023 12:15 PM
‘‘නිසරු දෙය සරු ලෙසටත්, සරු දේ නිසරු ලෙසටත් දකින්නා... නිසරු දෙයම ලබත්‘‘ - ඕකයි මට ඔබතුමාට දකින්න තියෙන්නේ...
chandika Wednesday, 07 June 2023 11:57 AM
හොඳ වැඩක්...
Sunil Wednesday, 07 June 2023 12:41 PM
විශිෂ්ඨයි..!
sam Wednesday, 07 June 2023 01:16 PM
මේ තමයි පොලිසියට සහ මහ ජනතාවට උදාර සේවයක් කරන උතුම් මිනිස්සු. මෙවැනි නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඇගැයීමකට ලක්කර යුතුයි...
fairoos Wednesday, 07 June 2023 01:48 PM
එතන කවුරැ හිටියත් ඔය වැඩේ කරල දෙනව..පොලිස් කාරයො කරන අමන වැඩවලට මෙක මොකක්?
SUNIL MILANO Wednesday, 07 June 2023 02:07 PM
ඔබතුමන්ලාගේ සද්ක්‍රියාව වෙනුවෙන් හිස නමා ගෞරව කරන අතර, ඔබලා වැනි නිලධාරීන් තවතවත් අපේ මව්බිමේ බිහිවේවා කියාද ඉතසිතින් ප්‍රාර්ථනා කරමි... බුදුසරනයි.!
ANURA ROME Wednesday, 07 June 2023 02:11 PM
ඔබතුමන්ලාගේ සද්ක්‍රියාව වෙනුවෙන් මාගේ හදවතින්ම පුදන සුභාශිංසනය පිළිගන්න. ස්තුතියි...